"ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
34 පේළිය:
}}
{{ශ්‍රී ලංකාවේ දේශපාලනය}}
 
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වෙයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් දහතුන්දෙනෙක් තනතුරු දරා ඇත.
==ඉතිහාසය==
===තනතුරේ ආරම්භය===
වෙස්මිනිස්ට ක්‍රමයේ පාලන ව්‍යුහයක් ඇතිකිරීමේ අරමුනින් යටත්විජිත පාලකයන් විසින් [[ලංකා ඩොමීනියන් රාජ්‍යය]] පිහිටුවීමට පෙර, 1947 දී මෙම තනතුර සංස්ථාපිත කරන ලදී. අනතුරුව, 1978 වන තුරු ආණ්ඩුවේ ප්‍රධානියා වූයේ ලංකාවේ අග්‍රාමාත්‍යවරයාය. රජයේ ප්‍රධානියා රජ (1947 -1972) හෝ ජනාධිපති (1927න් පසු) විය.
 
1972 දී, '' ශ්‍රී ලංකා නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජය'' ලෙසින් රටෙහි නම වෙනස් කරන ලද අතර, එතැන් සිට මෙම තනතුර, [[ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා]] ලෙසින් හැඳින්විණි. 1977 දී, [[ආරක්ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)|ආරක්ෂක අමාත්‍යාංශය]] සහ [[විදේශ කටයුතු අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව)|විදේශ කටයුතු අමාත්‍යාංශය]] පිහිටුවමින් [[ජූනියස් රිචඩ් ජයවර්ධන |ජේ.ආර්. ජයවර්ධන මහතාගේ]] රජය විසින් වෙනස් අමාත්‍යාංශ දෙකක් ඇතිකරන තුරු, අග්‍රාමාත්‍යවරයා විසින් එකාබද්ධිත [[විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශය]] භාරව කටයුතු සිදුකරන ලදි.
 
===1978න් පසු===
1978 දී, එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ [[ජූනියස් රිචඩ් ජයවර්ධන |ජේ.ආර්. ජයවර්ධන]] විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කෙරිණි. [[ශ්‍රී ලංකාවේ ජනාධිපති |විධායක ජනාධිපති]] තනතුර ඇති කිරීම හා සමගින් , අග්‍රාමාත්‍යවරයාගේ බලතල සීමා කෙරිණි. [[රාජ්‍ය නායක]] සහ [[ආණ්ඩුවේ ප්‍රධානියා]] යන තනතුරු දෙකටම ජනාධිපතිවරයා පත්වෙමින්,<ref>වී. ජයන්ත් (2003-11-15). [http://www.hinduonnet.com/2003/11/15/stories/2003111500591000.htm "ශ්‍රී ලංකාස් එක්සකටිව් ප්‍රසිඩන්සි "]. ද හින්දු. සම්ප්‍රවේශය 2008-10-05.</ref> අග්‍රාමාත්‍ය තනතුර ව්‍යවස්ථාදායක ප්‍රධානියා ලෙස බලතල වලට සීමා කෙරිනි.
 
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_අග්‍රාමාත්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි