"සිව්හෙළ සංකල්පය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{සමුද්දේශවිරහිත}}
සිව් හෙළ සංකල්පය යනු මහාසම්මතවාදීන් විසින් සිංහල ජාතියේ ප්‍රභවය පිළිබදව ඉදිරිපත් කරන්නාවූ මතවාදයයි.
ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාස පනහක් පමණ අපේ පුරාවිද්‍යාඥයෝ සොයාගත්හ.මේවා අතර ඉදල්ගස්හින්න, හල්දුම්මුල්ල, බණ්ඩාරවෙළ, පඹහින්න සහ සුවිශේෂීය. හල්දුම්මුල්ල කැණීම් තුළින් ගල් ආයුධ සහ ලෝහ පාෂාණ විශේෂයක්ද හමුවූබව වාර්ථාවිය. හෙළයා ගල් යුගයේ සිට යකඩ යුගය දක්වා පරිනාමය වූ ආකාරය මෙයින් මනාව පැහැදිළිවේ.
දඩයමෙන් ජීවත්වූවෝ විවිධ වූ පාරිසරික හා සමාජීය හේතු මත ගොවිතැනටද හුරු විය.
මෙසේ පරිනාමය වූ හෙළ මානවයා දඩයක්කාර වැද්දා දක්වා වර්ධනය විය. වැදි යන වදනෙහි අරුත වනයේ වෙසෙන්නා යන්න මෙන්ම දඩයක්කාරයාය යන්නද වේ' වනයේ දඩයමෙන් ජීවත්වන වැදි සමයේ පරිසරයෙන් එන විවිධ භාධක හමුවේ බොහෝවිට සිය නෑසියන් හා සහෝදරත්වයෙන් වරිගයක් ලෙසින් ජීවත් විය. තමන් වෙත පැමිනෙන හදිසි අනතුරු අණ ලෙසත් කිසිවෙකු විසින් පමුණවන විපත් විණ ලෙසත් සැලකූහ. මේ අණවිණ වලින් ගැලවීමට ඔව්හු තමන්ව ජීවත්ව සිටින සමයේ ආරක්ෂාකා කළ දෙමාපියන් ඇතුළු නෑ සියන් නෑ යකුන් ලෙස දේවත්වයට පමුණවා ලීය. මේනිසාවෙන් යක් යන නාමය හෙළයින්ට පටබැදින. මේ ජනයා යකඩ නිපදවිම හා භාවිතය නිසාද පොදුවේ හෙළ යක් වැදි ගොත්තන් ලෙස හැදින්වියැ.
|