"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
257 පේළිය:
 
== ශූරයන් සහ පදක්කම්ලාභීන් ==
{{Main|ඔලිම්පික් පදක්කම් ලාභීන්}}
 
ඔලිම්පික් ඉසව්වක ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෝ කණ්ඩායම් වෙත පදක්කම් ප්‍රදානය කරනු ලැබේ. ශූරයන් වෙත රන් පදක්කම් ප්‍රදානය කරන අතර 1912 වසර වන තුරු එම පදක්කම තනි රත්තරනින් නිමවා තිබීම විශේෂත්වයකි. පසුව එය රන් ආලෝපිත රිදී පදක්කමක් වූ අතර වර්තමානයේ එය රන් තහඩුවක් මතුපිටින් සවි කර ඇති රිදියෙන් සෑදූ පදක්කමකි. කෙසේ වුවද සෑම රන් පදක්කමකම අවම වශයෙන් සංශුද්ධ රත්රන් ග්‍රෑම් 6ක් වත් අඩංගු විය යුතු වීම සම්මතය යි. <ref name="BeijingOlymp-1" /> අනුශූරයන් හට රිදී පදක්කම් සහ තෙවන ස්ථාන හිමි කර ගන්නා ක්‍රීඩකයන් හට ලෝකඩ පදක්කම් පිරිනැමේ. පිළිමළුන් පිටු දැකීමේ ආකාරයේ ඉසව් වලදී (බොක්සින් වැනි) තෙවන ස්ථානයක් තෝරා නොගන්නා අතර අවසන් පූර්ව තරගවලදී පරාජය වන ක්‍රීඩකයෝ දෙදෙනොටම ලෝකඩ පදක්කම් පිරිනැමෙති. 1896 ප්‍රථම ඔලිම්පික් උළෙලේ දී ප්‍රථම සහ දෙවන ස්ථාවලට පමණක් පදක්කම් ප්‍රදානය කර ඇත්තේ ප්‍රථම ස්ථානයට රිදී පදක්කමක් සහ දෙවන ස්ථානය ලෝකඩ පදක්කමක් වන අයුරිනි. පදක්කම් තුනක් ප්‍රදානය කිරීම අරඹා ඇත්තේ 1904 ඔලිම්පික් උළෙලේ දී ය. <ref>{{cite web|url=http://www.olympic.org/st-louis-1904-summer-olympics|title=St Louis 1904|publisher=Olympic Games|accessdate=3 July 2012}}</ref> 1948 ඔලිම්පික් උළෙලේ සිට සිව් වැනි, පස් වැනි සහ හය වැනි ස්ථාන දිනා ගන්නා ක්‍රීඩකයන් වෙත සහතික පත්‍රයක් පිරිනැමීම ඇරඹුනි. එම සහතිකය ජයග්‍රහණය සහතික කිරීමක් ලෙස නිල වශයෙන් පිළිගැනේ. 1984 සිට එම සහතිකය හත් වැනි සහ අට වැනි ස්ථාන වලදට ලබා දීම ඇරඹුනි. 2004 ඇතන්ස් උළෙලේ දී ප්‍රථම, දෙවනහා තෙවන ස්ථානලබා ගත් ක්‍රීඩකයන්ට ඔලිව් කොළ ඔටුනු ද ප්‍රදානය කෙරුණි. <ref>{{cite web |title=The Modern Olympic Games|publisher=The Olympic Museum|url=http://multimedia.olympic.org/pdf/en_report_668.pdf|format=PDF|accessdate=29 August 2008}}</ref> එක් එක් රටවල් දිනා ගත් පදක්කම් සංඛ්‍යාවන් පිළිබඳ දත්තයන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව රැස් නොකරන නමුත් ජාතික ඔලිම්පික් කමිටු සහ ජනමාධ්‍ය විසින් එක් එක් රටවල සාර්ථකත්වය තීරණය කිරීම සඳහා දිනා ගත් පදක්කම් සංඛ්‍යා පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත රැස් කරනු ලබති. <ref>{{cite news|last=Munro|first=James|title=Britain may aim for third in 2012|publisher=BBC Sport|date=25 August 2008|url=http://news.bbc.co.uk/sport1/hi/olympics/london_2012/7579901.stm|accessdate=25 August 2008}}</ref>
 
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි