"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
72 පේළිය:
 
=== සත්කාරක නගර සහ රටවල් කෙරෙහි බලපාන ආර්ථික සහ සාමාජීය බලපෑම===
{{Main|ඔලිම්පික් සත්කාරක නගර}}
ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය දැරීමෙන්, දිගු කාලීන ව නියත වශයෙන්ම ප්‍රතිලාභයන් කිහිපයක් ලැබුව ද, එවැනි දැවැන්ත උළෙලක සංවිධාන කටයුතු වලට යන අධික පිරිවැය හා සැලකීමේදී සැබැවින්ම සත්කාරක රටවල්වලට ආර්ථික වාසියක් අත්වන්නේදැයි ආර්ථික විද්‍යාඥයෝ සැක පල කරති. ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය දැරීම හෝ ඒ සඳහා ඉල්ලුම් කිරීම වනාහි රටක ආර්ථික තත්ත්වය යහපත් බවට ලෝකයට කරන ඉඟි කිරීමක් වන බැවින් එවැනි අවස්ථාවක එම රටෙහි හෝ නගරයේ අපනයන ආර්ථිකය ඉහළ යෑම දැකිය හැකි වේ. <ref>Rose, A. K., & Spiegel, M. M. (2011). The Olympic Effect*. ''The Economic Journal,'' 121(553), 652-677.</ref> කිසියම් නගරයක් ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය දැරීම හේතුවෙන් එම නගරයේ ඇති සංස්ථාවල උපකාර නිසා එම ප්‍රදේශයේ ආදායම් නොලබන ජනතාවට වාසි ලැබිය හැකි වන බව පර්යේෂණයකින් සොයා ගෙන ඇත. එම ධනාත්මක බලපෑම ඔලිම්පික් උළෙල පැවැත්වෙන වසරේ දී බහුල ව දැකීමට හැකි වන අතර සදාකාලිකව නොපැවතුණත්, ඇතැම් විට ඊට පසුව ද දිගු කාලයක් පුරා දැකිය හැකි වේ. ආදායම් නොලබන ජනතාව සහ සාමාන්‍ය ජනතාව වෙත වාසි අත් කර දීමට හැකි වන පරිදි දේශීය සංස්ථාවලට අනුබල දිය හැකි වන වටපිටාවක් ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය දැරීම නිසා නගරයකට හිමි වන බව ඉහත කී පර්යේෂණය මගින් තවදුරටත් පැහැදිලි කර ඇත. <ref>[http://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=2028982 Tilcsik, A. and Marquis, C. 2013. “Punctuated Generosity: How Mega-events and Natural Disasters Affect Corporate Philanthropy in U.S. Communities.” ''Administrative Science Quarterly'', 58(1): 111-148.].</ref> එසේම, මෙ කී සත්කාරකත්වය දැරීම සැලකිය යුතු ඍණාත්මක බලපෑම් ද අදාල රට වෙත ඇති කරයි.
 
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි