"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
55 පේළිය:
 
==== පැරාලිම්පික් ====
{{Main|පැරා ඔලිම්පික්}}
 
දෙවන ලෝක යුද්ධය නිමා වීමෙන් අනතුරුව, 1948 වසරේ දී යුද්ධයට සහභාගී වූ සොල්දාදුවන් පුනරුත්තාපනය කිරීමේ වැඩසටහන පුචලිත කිරීමේ අරමුණෙන්, ශ්‍රීමත් ලුඩ්විග් ගට්මන් විසින් ක්‍රීඩා කිහිපයකින් යුත් ක්‍රීඩා උළෙලක් සංවිධානය කර රෝහල් කිහිපයක් අතර පවත්වන්නට කටයුතු කෙරිණි. එම උළෙල 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සමගාමී ව පැවැත්විණ. ගට්මන් විසින් සංවිධානය කෙරුණු එම ක්‍රීඩා උළෙල පසුව ස්ටෝක් මැන්ඩවිල් ක්‍රීඩා උළෙල ලෙස වාර්ෂික ව පවත්වන්නට කටයුතු යෙදිණි. ඉන්පසු යෙදුණු දොළොස් වසරේ දී ම ගට්මන් සහ ඔහුගේ පිරිවර විසින්, යුධ සෙබළුන් සුව කිරීමේ මාර්ගයක් වශයෙන් ක්‍රීඩාව යොදා ගැනීමට කටයුතු කෙරිණි. [[රෝමය|රෝමයේ]] පැවැත්වුණු 1960 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල හා සමගාමීව ගට්මන්ගේ ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඔහු විසින් ක්‍රීඩකයෝ 400 දෙනෙක් රෝමයට ගෙන එන ලදී. එතැන් පටන් එම සමගාමී ක්‍රීඩා උළෙල "Parallel Olympics" යන අර්ථයෙන් පැරාලිම්පික් යනුවෙන් හඳුන්වන්නට විණි. එමෙන්ම පැරාලිම්පික් උළෙල ද සෑම ඔලිම්පික් උළෙලකට ම සමගාමීව වර්ෂ 4 කට වරක් පවත්වන්නට කටයුතු කෙරිණි. 1988 ග්‍රීෂ්ම ඔලිම්පික් සඳහා සත්කාරකත්වය දැක්වූ දකුණු කොරියාවේ සියෝල් නගරය ඉතිහාසයේ ප්‍රථම වතාවට එම වසරේ පැරාලිම්පික් සඳහා ද සත්කාරකත්වය දැක්වීය. <ref>{{cite news |url= http://news.bbc.co.uk/sport1/hi/other_sports/disability_sport/7582206.stm |title= History of the Paralympics |publisher= [[BBC Sport]] |accessdate=2 February 2009 | date=4 September 2008}}</ref> ඉන් අනතුරුව ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය දක්වන නගරයට ම පැරාලිම්පික් උළෙල සඳහා ද සත්කාරකත්වය දැක්වීමට හැකි වන පරිදි, 2001 වසරේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) සහ අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව (IPC) විසින් ගිවිසුමකට එළඹෙන ලදී. <ref name="Parahist" /><ref>{{cite web|title=IPC-IOC Cooperation|publisher=International Paralympic Committee|url=http://oldwebsite.paralympic.org/IPC/IPC-IOC_Co-operation.html IPC-IOC Co-operation|accessdate=3 May 2010}}</ref> 2008 වසරේ [[චීනය | චීනයේ]] [[බීජිං]] හි පැවති ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලින් සහ 2010 වසරේ දී වැන්කුවර් හි පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙලින් එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ඇරඹිණි. [[ලන්ඩන්]] ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුවේ සභාපතිවරයා වූ සෙබස්තියන් කෝ 2012 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල සහ පැරාලිම්පික් උළෙල සම්බන්ධව මෙසේ ප්‍රකාශ කර සිටියේ ය.
 
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි