"සිරි ගුනසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
28 පේළිය:
==නිර්මාණකරණය, ලේඛනය හා විචාරය==
===පද්‍ය===
පද්‍යය පිළිබඳ ව කවියකු වශයෙන් මෙන් ම විචාරකයකු ලෙස ද ඔහු මුල සිට ම කවිය පිළිබඳ රැඩිකල් අදහස් දරා සිටියේ ය. 1949 වසරේ ලංකා විශ්ව විද්‍යාලයේ සිංහල සමිතිය ප්‍රකාශයට පත් කළ '''අරුණ''' සඟරාවෙහි ඇතුළත් වූ '''ආ පසුව''' නමැති පද්‍යය සහ 1951 දී එම සංගමය විසින් ම පළ කෙරුණු පියවර සඟරාවෙහි ඇතුළත් වූ '''ඊයේ සොඳුර''' නමැති පද්‍යය සිංහල භාෂාවෙන් පළ වූ නිසඳැස් හා නිදහස් පද්‍ය සම්ප්‍රදායේ සන්ධිස්ථාන විය. පසු ව මේ පැදි දෙක ද ඇතුළත් ව 1956 දී '''මස් ලේ නැති ඇට''' නමැති පද්‍ය සංග්‍රහය නිකුත් වූ අතර මෙය කරුණු කිහිපයක් නිසා විශාල ආන්දෝලනයන්ට තුඩු දුන්නේ ය. සාම්ප්‍රදායික ඡන්දස් ශාස්ත්‍රයට අනුකූල ව රචනා නොකිරීම, සිංහල සාහිත්‍ය සම්ප්‍රදායෙහි සුපුරුදු උපමා රූපක ආදිය බැහැර කොට සම්ප්‍රදායෙන් "පිටස්තර" උපමා ආදිය උපයෝගී කරගැනීම, මේ රචනාවන්ගෙන් ප්‍රකට වන ජීවන දෘෂ්ටිය පාරම්පරික සිංහල සංස්කෘතියට පටහැණි වීම යන චෝදනා මේ කෘතියෙහි විවේචකයෝ ඊට එල්ල කළහ.<ref>ධර්මදාස, කේ. එන්. ඕ, "මස් ලේ නැති ඇට" හා නූතන සිංහල කාව්‍යය, ගුනසිංහ, සිරි, මස් ලේ නැති ඇට, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 1998. ISBN 955-20-2716-0 viii පිටුව</ref> ඊට ප්‍රථම ජී. බී සේනානායක "ගද්‍යයට ද පද්‍යයට ද අතර වන නිබන්ධ" වශයෙන් හඳුන්වමින් මේ ස්වරූපයේ නිදහස් නිර්මාණ කිහිපයක් 1946 පළ කරන ලද පලිගැනීම නම් කෙටිකතා සංග්‍රහයට ඇතුළත් කළ ද "නිසඳැස්" යන පදය මුල් වරට පද්‍ය විශේෂයක් හැඳින්වීම සඳහා භාවිත කෙරුණේ සිරි ගුනසිංහගේ ''මස් ලේ නැති ඇට'' කෘතියේ පිට කවරයෙහි ය.
 
ඉන් පසු පළ වූ '''අබිනික්මන''' සහ '''රතු කැකුල''' යන පද්‍ය සංග්‍රහ දෙක මස් ලේ නැති ඇට කෘතියෙන් ආරම්භ වූ නිදහස් පද්‍ය ආකෘතිය මෙන් ම නව්‍ය අන්තර්ගතයන් ගවේෂණය කිරීමේ නැඹුරුව අතින් ද ඉදිරියට ගමන් කිරීමකි.
"https://si.wikipedia.org/wiki/සිරි_ගුනසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි