"කිම් ඉල් – සුංග්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
85 පේළිය:
 
 
කිම් ඉල් – සුංග් කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුවේ (Democratic People’s Republic of Korea) හෙවත් උතුරු කොරියාවේ පළමු නායකයා ය. 1948 දී එම රාජ්‍යය ස්වාධීනත්වය ප්‍රකාශ කළ තැන පටන් 1994 වන තුරු ඔහු එරට පාලන තන්ත්‍රය මෙහෙයවීය<ref>{{cite web|url=http://www.dailynk.com/korean/read.php?cataId=nk00500&num=55181 |script-title=ko:김일성, 쿠바의 ‘혁명영웅’ 체게바라를 만난 날 |language=Korean |date=15 April 2008 |work=DailyNK |deadurl=no |archiveurl=https://web.archive.org/web/20110429064851/http://www.dailynk.com/korean/read.php?cataId=nk00500&num=55181 |archivedate=29 April 2011 }}</ref>. නිල වශයෙන් ඔහු 1972 වනතුරු අගමැති ධූරය දැරූ අතර 1972 සිට ජනාධිපති ධූරය දැරීය. මේ අතර ඔහු උතුරු කොරියානු පාලක පක්ෂය වන කොරියානු කම්කරු පක්ෂයේ නායකයා ලෙස 1949 සිට සිය මරණය තෙක් කටයුතු කළේ ය. මරණයෙන් පසුව ද ඔහු සළකනු ලබන්නේ කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුවේ සදාතනික නායකයා (Eternal Leader) ලෙස ය.
 
කිම් ඉල් – සුංග් උපන්නේ 1912 අප්‍රේල් 15 වනදා බව කියනු ලැබේ. ඔහුගේ පියා කිම් හ්‍යොන් – ජික් ද මව කෑංග් පැන් – සොක් ද වූහ. කිම් ඉල් – සුංග්ට දෙමාපියන් දැමූ නම කිම් සොංග් – ජූ ය. ඔහු කිම් ඉල් – සුංග් ලෙස ප්‍රකට වූයේ ජපන් විරෝධී සටන්කරුවකු ව සිටින සමයේ, 1930 දශකයේ මුල් කාළයේ ය. කිම් ඉල් – සුංග්ට කිම් චුන්ග් – ජූ සහ කිම් යොංග් – ජූ නමින් බාල සහෝදරයින් දෙදෙනෙක් ද වූහ. ඔවුනගේ පවුල ප්‍රෙස්බිටේරියන් නිකායට අයත් වූ අතර කුඩා කළ එම දහමේ ආභාෂයෙන් කිම් ඉල් – සුංග් හැදී වැඩුණි.
97 පේළිය:
1940 දී කිම් සිය හමුදාවලින් ඉතිරි වූවන් සමඟ සෝවියට් දේශයට පසු බැස්ස අතර පසුව සෝවියට් රතු හමුදාවේ සේවය කළේය.
 
උතුරු කොරියාවේ නායකත්වයට කිම් ඉල් – සුංග් පත් වූයේ සෝවියට් දේශයේ උපකාරයෙනි. 1945 අගෝස්තු 8 වනදා ජපානයට එරෙහිව සෝවියට් දේශය යුධ ප්‍රකාශ කළ අතර රතු හමුදා කොරියාවේ උතුරු ප්‍රදේශය අල්ලාගත්තෝය. පසුව එහි සෝවියට් හමුදා පාලනය ස්ථාපිත කරන ලදී. කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ උතුරු කොරියානු ශාඛාවේ නායකයා ලෙස කිම් ඉල් – සුංග් පත් කරන ලද අතර 1946 පෙබරවාරියේදී උතුරු කොරියානු තාවකාලික ජනතා කමිටුවෙහි සභාපතිවරයා ලෙස එම ප්‍රදේශයේ ප්‍රධානම කොරියානු පරිපාලකයා ලෙස කිම් පත් විය. සිය පාලනය තහවුරු කරනු වස් පැරණි ගරිල්ලා භටයින්ගෙන් ද සැදුම් ලත් කොරියානු මහජන හමුදාව කිම් විසින් පිහිටුවන ලදී. 1948 සැප්තැම්බර් 9 වනදා උතුරු කොරියාව ස්ථාපිත කරන විට ඔහු එහි අගමැතිවරයා බවට පත් විය.<ref>{{cite book| title = The Making of Modern Korea | last = Buzo | first = Adrian | year = 2002| publisher = Routledge| location = London | isbn = 0-415-23749-1 |p=140}}</ref><ref>{{cite book | title = Korea's Place in the Sun: A Modern History| last = Cumings| first = Bruce| authorlink = Bruce Cumings| year = 2005| publisher = [[W. W. Norton & Company]]| location = New York| isbn = 0-393-32702-7 |p=434}}</ref><ref>{{cite book| title = Korea's Twentieth-Century Odyssey | last = Robinson | first = Michael E | year = 2007 | publisher = University of Hawaii Press | location = Honolulu | isbn = 978-0-8248-3174-5 |p=153}}</ref>
 
සෝවියට් ආධාර සහිතව උතුරු කොරියානු හමුදා ශක්තිය තර කළ කිම්, සමස්ථ කොරියාවම තමන් යටතේ එක්සත් කිරීම සඳහා 1950 ජූනි 25 වනදා දකුණු කොරියාව ආක්‍රමණය කළේය. උතුරු කොරියානු හමුදා වේගයෙන් දකුණු කොරියාව ඔස්සේ ඉදිරියට ඇදුණ අතර බූසාන් නගරය අවට ප්‍රදේශයක් හැරුණ විට සමස්ථ අර්ධද්වීපය ම ඔවුන් අතට පත් විය. කෙසේ වෙතත්, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් උතුරු කොරියානුවන් පළවා හැරියෝය. ඔක්තෝබර් 19 වනදා වනවිට උතුරු කොරියාවේ ප්‍යොංග් යෑන් අගනුවර ඔවුන් අතට පත් වූයෙන් කිම් ඉල් – සුංග්ගේ රජය නගරය අතැර පළා ගියේය. එක්සත් ජාතීන් ගේ හමුදා උතුරු කොරියාව සහ චීනය අතර දේශ සීමාව වන යාලූ නදිය ආසන්නයටම ළඟා වීමේ අවදානමක් ඇති වූයේය.
"https://si.wikipedia.org/wiki/කිම්_ඉල්_–_සුංග්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි