"මියන්මාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු වක්‍රෝත්තිහරණය removed
2nd chapter of basic introduction
84 පේළිය:
අග්නිදිග ආසියාවේ ස්වෛරී රාජ්‍යයක් වන [[මියන්මාරය|මියන්මාරය]] නිළ වශයෙන් මියන්මාර් මහජන සමූහාණ්ඩුව ලෙස හැඳින්වෙන අතර බුරුමය ලෙසද හඳුන්වයි. බටහිරින් [[ඉන්දියාව|ඉන්දියාවට]] සහ [[බංග්ලාදේශය|බංග්ලාදේශයටත්]], නැගෙනහිරින් [[තායිලන්තය|තායිලන්තයට]] සහ [[ලාඕසය|ලාඕසයටත්]] උතුරින් සහ ඊසාන දිගින් [[චීනය|චීනයටත්]] මායිම්ව පිහිටි මියන්මාරය එහි පරිමිතිය වූ කි.මී. 5,876 (සැ. 3651)න් තුනෙන් පංගුවක්ම එනම්, කි.මී. 1930 (සැ. 1200)ක්ම [[බෙංගාල බොක්ක|බෙංගාල බොක්කට]] සහ [[අන්දමන් මුහුද|අන්දමන් මුහුදට]] මුහුණ ලූ අඛන්ඪ මුහුදු තීරයකින් එහි දකුණුදිග ආවරණය කරගෙන ඇත. 2014 වසරේ පැවති ජන සංගණනයෙන් එහි ජීවත් වන මුළු ජනගහනය මිලියන 51ක් බව ගණනය කර ඇත. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 676,578 (වර්ග සැතපුම් 261,228)ක් වූ මෙහි වත්මන් අගනගරය වන්නේ නයිපිඩෝ වුවත්, එහි විශාලතම නගරය වන්නේ එහි පැරණි අගනුවර වූ යැන්ගුන් හෙවත් ‍රැන්ගුන් නගරයයි.
 
මියන්මාරයේ මුල් ශිෂ්ටාචාරයන් ඉහල බුරුමයේ ප්‍යු ප්‍රාන්ත නගරයේ ටිබෙට්-බුරුම මිශ්‍ර බස භාවිත කරන්නන්ගෙන්ද, දකුණු බුරුමයේ මොන් අධිරාජ්‍යයන්ගෙන්ද සමන්විත විය. 9 වන සියවසේදී පැමිණි බමාර් ජනයා ක්‍රි.ව. 1050 දී ඉහල ඉවරඩි ගංගා නිම්නයේ පගාන් රාජධානිය පිහි‍ටුවීමෙන් පසුව බුරුම භාෂාව, සංස්කෘතිය සහ ථෙරවාද බුදු දහම සෙමෙන් රටේ ආධිපත්‍ය දරමින් විහිදිනි. පසුකාලීනව මොන්ගෝලියානු ආක්‍රමණ වලින් සහ සමහර සතුරු ප්‍රාන්ත රාජ්‍යයන් හේතුවෙන් පගාන් රාජ්‍යය බිඳ වැටී ගියද 16 වන සියවසේදී ටයුන්ගු අධිරාජ්‍යය සමඟ දේශපාලනික වශයෙන් එක් වීමෙන් පසුව අග්නිදිග ආසියාවේ වාර්ථාගත ඉතිහාසය තුල විශාලතම රාජධානිය බවට පත් විය. 19 වන සියවසේ මුල් භාගය වන විට කොන්බායුං අධිරාජ්‍යය වර්ථමාන මියන්මාර දේශයත් ඇතුලත්ව ඉන්දියාවේ මනිපූර් සහ ඇසෑම් ප්‍රාන්ත දක්වා විහිදෙන ප්‍රදේශයක් සිය පාලනයට එක්කරගෙන සිටියහ. ඇන්ග්ලිකන්-බුරුම යුද්ධ 3කින් පසුව 19 වන සියවසේ අග භාගයේදී ඉංග්‍රීසීන් මියන්මාරය යටත්කරගෙන බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත්කරන ලදි. 1948දී බ්‍රිතානයයෙන් නිදහස ලබා ගත් මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් විය.
== අර්බුදය සහ 1988 සිට ==
 
== අර්බුදය සහ 1988 සිට ==
1980 දශකයේදී විදේශ ආධාර කෙරෙහි සීමා රජය විසින් නිදහස් කල නිසා ආර්ථික වර්ධනය වීමට පටන් ගත්තේය.නමුත් 1980 දශකයෙන් අගදී වෙලඳ ද්රව්ය වල මිල පහත වැටී ණය වැඩි වී ආර්ථික අර්බුදයක් ඇතිවිය.විදේශ ආයෝජන වැඩි කිරීමට 1987-1988 කාලයේ ආර්ථිකය නැවත ප්රකෘතිමත් කිරීමේදී උත්සහා කලහ. මෙය ප්රමාණවත් නොවුණත් රට තුල කලබලය වැඩි වීම වැලැක්වීමට කාලීනව කිසියම් බැංකු නොට්ටු ලෙස භාවිත කලහ. පසුව බහුතරයක් ජනයාගේ ඉතුරුම් ලබගැනිමටද නියෝග විය. 1987 සැප්තැම්බර් හිදී Ne-win හිදී එම මුදල් නෝට්ටු තහනම් කලේය. එසේ කිරිමට ප්රධාන හේතුව වුයේ ඔහුගේ මිත්ය ඇදහීමයි. ඔහු 9 වාසනා අංකය ලෙස සැලකු බැවින් 45 හා 90 නොට්ටු වලට පමනක් ඉඩ දුන්නේය. Durma පැමිණි පසු එහි අර්ථ්ක බංකොලොත් බව ඉස්මතු වී පෙණුනි. Ne-win 1981 දී ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත් ඔහු DSTP හි සභාපති ලෙස බලය ඉතිරිව පැවතුනි.
 
"https://si.wikipedia.org/wiki/මියන්මාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි