"බැංකු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:බැංකු එක් කරන ලදී. HotCat භාවිතයෙන්
+img
1 පේළිය:
[[File:Paolo Monti - Serie fotografica - BEIC 6336964.jpg|thumb|1970]]
 
බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂ්ටාචාරවලදි මිනිසුන්ගේ ධාන්‍ය අස්වනු මිලට ගන්නා වෙළඳුන්ගෙන් බැංකු ක්‍රම වල ආරම්භය වශයෙන් පිලිගැනේ. එය ඉතාමත් ප්‍රාථමික වශයෙන් දියුණුවෙමින් පවතින යුගයක් බැවින් මූල්‍ය ක්‍රමවල වටිනාකම එදවස ඔවුනට නොතේරෙන්නට ඇති. නමුත් මේ ධාන්‍ය අස්වනු මිලට ගන්නා මෙම කණ්ඩායම් අද බිහි වී ඇති විශාල බැංකු සමාගම්වලට පාදම වැටුනු බව ඔබ විටෙක පිලි නොගන්නවා විය හැක. අද බිහිවී ඇති විශාල මූල්‍ය සමාගම් විසින් ලබා දෙන සේවා හා විශාල පරතරයක් එදා බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂටාචාර තුල දක්නට ලැබෙන මේ ධාන්‍ය වෙළඳුන් මිලට ගන්නා ධාන්‍ය අතර පවතී.
ඒ ක්‍රිස්තු පූර්ව දෙදාහ වන විට ඇසිරියානු හා බැබිලෝනියානු ශිෂ්ටාචාරවල දක්නට ලැබෙන බංකු ක්‍රමයයි. නමුත් මීට වසර සියගණනකට පසුව බිහි වෙන ග්‍රීසිය තුල පොලියට ණය ලබා දෙන සේවයක් බිහි විය. එය පසුව විරාජමානව වැජබෙන රෝම අධිරාජ්‍ය තුලදීද මෙය දක්නට ලබේ. මෙම පොලියට ණය ලබා දෙන සේවා ආගමික ස්ථානවල ක්‍රියාත්මක විය. මොවුන් විසින් සමාජයේ ඉහල පැලැන්තියේ වෙසෙන ප්‍රභූන්ට මෙන්ම ඉහළ නිල තල ඇති ධනවත් පුද්ගලයන්ගේ ධනය එක්‍රැසි කොට එයට පොලී ගෙවීමක් සිදු කරනු ලැබූහ. මහජනයා හට එම එකරැස් කර ගත් මුදල් ලබා දී එකතු කරගන්න පොලියෙන් කිසියම් ප්‍රතිශතයක් එමමුදල් තැන්පත් කරුවන්ට ඔවුන් ලබා දෙයි. රෝම හා ග්‍රීසිය තුල දක්නට ලැබුනු ණයට ලබා දීම අතීතයේදී චීනය හා ඉන්දියාවේද දක්නට ලැබුනි.
"https://si.wikipedia.org/wiki/බැංකු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි