"ඇමෙරිකානු නිදහස් සටන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
විප්ලවයට බලපෑ හේතු එක්කිරීම
11 පේළිය:
===වාණිජවාදී නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීම===
බ්‍රිතාන්‍ය කිරීටයට අයිති බලතල දැඩිව ක්‍රියාත්මක කිරීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව තුන්වන ජෝර්ජ් රජු ඇමෙරිකාවේ ජනපද වලින් බදු අය කිරීම සඳහා වූ පනත් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා ලෙස කැබිනට් මණ්ඩලයට බල කළේය. එසේම ඒ තාක් කල් නොසලකා හැර තිබූ වාණිජවාදී නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස රාජකීය නිලධාරීනට උපදෙස් දුන්නේය. ඒ සඳහා අවශ්‍ය බලය යෙදීම පිණිස බ්‍රිතාන්‍ය ආණ්ඩුව අමෙරිකාවට යුධ හමුදාව ද යැවීය.
 
=== විප්ලවයට බලපෑ හේතූ ===
නිදහස් සටන මෙහෙයවීමට ප්‍රධාන හේතුවක් වුයේ ඇමරිකන් ජනපද වල ආර්ථික කටයුතු බ්‍රිතාන්‍යන්ට වාසි ලැබෙන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව· 
* බ්‍රිතාන්‍ය නිපදවන භාණ්ඩ ඇමරිකන් ජනපද වල නිපදවීම තහනම් විය
* ඇමරිකානුවන් නිපදවන දුම්කොළ, සීනි, කපු, මී ඉටි, තිරිඟු, තඹ වැනි දෑ බ්‍රිතාන්‍යයට පමණක් ලබාදිය යුතු වීම.
* එසේ නම් කොට තිබු භාණ්ඩ හැර වෙනත් ද්‍රව්‍ය වෙනත් රටවලට අපනයනය කළ හැකි වූයේ බ්‍රිතාන්‍යය හරහාය.
* නිෂ්පාදනය අතින් ඇමරිකානු ජනපද මව් රට බ්‍රිතාන්‍යය සමග තරග නොකළ යුතුය.
මෙම ප්‍රතිපත්ති වලින් ජනපදවාසීන්ට ආර්ථික වශයෙන් පාඩු සිදුවුවත් බ්‍රිතාන්‍ය නිසා ඔවුන්ට ස්ථාවර වෙළෙඳපෙළක් ලැබුණී. එසේම ඇමෙරිකානු ජනපද බ්‍රිතාන්‍ය නීතිරීති දැඩිලෙස ක්‍රියාත්මක නොවු නිසා පාඩු අවම කරගැනීමට වෙනත් ජාතින් සමග හොර වෙළදාම්වල නිරත විය. මෙලෙස විවිධ නීති රීති පනවා ඇමරිකානු ජනපද වල වෙළඳාම සිමා කර තිබුණත් 1763 වනතෙක්ම ඇමෙරිකානු ජනපදවාසන්ගෙන් ප්‍රබල විරෝධයක් මතු නොවීය. නමුත් 1763 පසුව බ්‍රිතාන්‍යය රජය විසින් ඇමරිකානු ජනපද සඳහා නව නීති රීතින් හඳුන්වා දෙන ලදී. මේ සමඟ බ්‍රිතාන්‍යය පාලනයෙන් මිදීමේ මානසිකත්වය ඇමරිකානුවන් තුල ගොඩ නැගෙන්නට මෙන්ම බ්‍රිතාන්‍ය කෙරෙහි ප්‍රබල විරෝධයක්ද මතු විය.. එයට හේතුවුයේ හත් අවුරුදු යුද්ධය නිසා බ්‍රිතාන්‍යයට විශාල වියදමක් දැරීමට සිදුවීමෙන් එරට ණය බර ඉහළගිය අතර එහි ණය සහ පොළී මුදල් පියවා ගැනීමට ඇමෙරිකානු ජනපදවාසීන් එයින් කොටසක් දැරිය යුතු බව බ්‍රිතාන්‍යයන්ගේ ආකල්පය විය. මේ නිසා බ්‍රිතාන්‍ය අගමැති ජොර්ජ් ග්‍රැන්විල් ඇමෙරිකානු ජනපදවලින් අයකළ තීරු බදු ක්‍රමාණුකූලව අයකරගැනීමට පියවර ගත්තේය. ජනපදවල හොර වෙළඳාම නතරකිරීමට නාවික මුරසේවා තරකළ අතර බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකානු ජනපද වල වැසියන් පිඩාවට පත් කරමින් ආදායම් වැඩිවන ලෙස නව බදු වර්ග අය කිරීම නව නීති රීති යටතේ සිදුවිය. එලෙස 1764-1765 කාලසීමාවෙදි පැනවූ බදු පනත් තුනකි.
* සීනි පනත
* මුදල් නෝට්ටු පනත
* මුද්දර පනත
මේ තත්වයන් යටතේ ඇමරිකානු නිදහස් සටන වර්ධනය විය. මේ අනුව ඇමෙරිකානු විප්ලවයට බලපෑ හේතු කිහිපයකි.
* ඇමෙරිකානු ජනපදවාසින් කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය මැදිහත්වීම අඩු ස්වයං පාලනයකට හුරුවක් ලබා තිබීම.
* බ්‍රිතාන්‍ය අනුගමනය කළ තම රටට වාසි දායක ආර්ථික ප්‍රතිපත්තිය.
* ජනපදවාසීන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප බ්‍රිතාන්‍ය රජය විසින් නිසි ලෙස අවබෝධ කරගෙන නොසීටීම
* 1763 පසුව පැනවු නව බදු වර්ග හා නව නීතී රිති
* ජනපදවාසීන්ගේ සාධරණ සටන් මර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය කටයුත් කිරීම
* නිදහස පිළිබඳ ජනපද වැසීයන් තුළ ඇතිවු උනන්දුව
 
===සීනි පනත (1764)===
ජනපද වාසින් විසින් ආනයනය කරන ලද උක් පැණි වෙනුවෙන් බද්දක් ගෙවීමට නියම කල සීනි පනත 1764 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත විය. එයට ප්‍රතිචාර ලෙස බදු ගෙවීමෙන් වලකී සිටීමට සුපුරුදු පරිදි උක් පැණි හොර රහසේ ආනයනය කිරීමට යටත් ව්ජිත වාසීහු උත්සාහ දැරුහ. එහෙත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව කල් ඇතිව විධි විධාන යොදා තිබූ පරිදි ඔවුන්ගේ ප්‍රත්නයට බාධා එල්ල වූ අතර හොර වෙළඳ කටයුතු වළක්වනු ලැබිණි.
 
=== මුදල් නොට්ටු පනත ===
නෝට්ටු පනත අනුව ජනපද වලට මුදල් නෝට්ටු නිකුත් කිරීම තහනම් කෙරුණි. මේ නිසා රිදී හෝ රත්රන් වලින් ණය ගෙවීමට ජනපද වාසීන්ට සිදුවිය. මුද්දර පනත අනුව සියලු නීතිමය ලියවිලි, බලපත්‍ර, ඔප්පු හා අනෙකුත් ලේඛන වලින් මුද්දර බද්දක් අය කෙරුණි. මුද්දර බද්ද ඇමෙරිකානු සමාජයේ වෙළෙඳුන්, නිතීඥයන්, මුද්‍රණකරුවන් වැනි ඉහළ තත්වයේලා සැළකු පුද්ගලයන් බලපෑ හෙයින් ඔවුන් විරෝධතා සංවිධානය කිරීමට එකතු වුහ. මෙම පනතට ප්‍රබල විරෝධයක් මතුවුණ අතර ඇමෙරිකානුවන් මුද්දර වර්ජනය කිරීමටද කටයුතු කළහ. බ්‍රිතාන්‍යන් විසින් ඉහත බදු වලට අමතරව තේ, වීදුරු, කඩදාසි ආදිය සදහා තීරු ගාස්තු අය කරන ලද අතර එයට විරෝධයක් මතුවිය. බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද තවත් පනතක් වුයේ ඇමෙරිකාවේ රැදී සිටි බ්‍රිතාන්‍ය සේනාංකවලට වාසස්ථාන සැපයීම, මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ඇතුළු පහසුකම් සැපයීම ජනපදවලට පැවරීමයි.
 
===මුද්දර පනත (1765) සහ එය අවලංගු කිරීම===
1763න් පසුව බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දෙන ලද නව අණ පනත් හා බදු වර්ගවලට එරෙහිව ඇතිවු විරෝධතා වලින් ජනපදවාසින් තුළ නිදහස් සටන සඳහා පෙළඹිමක් ඇතිවු බව පෙනේ. නව පනත් අතුරින් ප්‍රබල විරෝධයක් මතු වුයේ මුද්දර පනත සම්බන්ධයෙනි. එහි දි මුද්දර පමණක් නොව බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීම දක්වා විරෝතා මතු විය. එවකට බ්‍රිතාන්‍යෙයේ පැවැති සම්ප්‍රදාය අනුව බදු පැනවීමේ බලය හිමිවුයේ මහජක නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව වෙතටය. එහෙත් ඇමෙරිකානු ජනපද වෙනුවෙන් කිසිදු නියෝජිතයෙක් සහභාගි නොවු බැවින් තම ජනපද වෙනුවෙන් බදු පැනවීමේ කිසිදු බලයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සතුව නොමැති ජනපදවාසින් අතර මතයක් ඇතිවිය. එම මතය ඇමෙරිකාව පුරා ප්‍රචලිත වු අතර නියෝජිතයන් නැතිනම් බදුත් නැත යන සටන් පාඨයක් බිහිවිය. එය ඇමෙරිකානු නිදහස් සටනේ තේමා පාඨය බවට පත්විය. මුද්දර පනතට ඇතිවු ප්‍රබල විරෝධය නිසා බ්‍රිතාන්‍ය රජය විසින් එය අවලංගු කරන ලදී
 
=== තීරු බදු ===
මුද්දර පනතට ඇතිවු ප්‍රබල විරෝධය නිසා බ්‍රිතාන්‍ය රජය විසින් එය අවලංගු කරන ලදී. එහෙත් ඇමෙරිකානු ජනපද සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලය ඇති බව ප්‍රකාශයට පත් කෙරිණී. මුද්දර බදු වැනි සෘජු බදුවලට ඇමෙරිකානුවන් විරුද්ධ බව දැනගත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් 1767 දී තීරු බදු වර්ග කිහිපයක් පැනවීය. මේ අනුව ඇමෙරිකාවට ආනයනය කළ වීදුරු, ඊයම්, කඩදාසි හා තේ වැනි භාණ්ඩවලට තීරු බදු පැනවිණ. මෙම තීරු බදු එකතු කිරීමට බ්‍රිතාන්‍ය රජය උත්සහා දැරුවත් ජනපදවාසීන් එයටද විරෝධය දැක්වු නිසා දෙපක්ෂය අතර ගැටුම් වර්ධනය විය.
 
බොස්ටන්වලදී ජනපදවාසීන් දැක්වු විරෝධතාවකට බ්‍රිතාන්‍ය හමුදාව විසින් වෙඩිතැබීමෙන් පස්දෙනෙක් මිය ගියේය. මෙබදු ක්‍රියා නිසා ජනපදවාසීන් අතර බ්‍රිතාන්‍ය හැගීම් වර්ධනය විය. මෙලෙස බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කිරීම නිසා තීරු බදු ලැබුණු ආදායමට වඩා කිහිප ගුණයක පාඩුවක් බ්‍රිතාන්‍යයට සිදුවිය. 1770 දී තේ බද්ද හෙරෙන්නට අනෙක් සියලු බදු බ්‍රිතාන්‍ය රජය විසින් අහෝසි කළේය. තේ බද්ද තව දුරටත් ක්‍රියාත්මක කළේ ලාභයක් ලැබීමට වඩා ඇමෙරිකාව වෙනුවෙන් බදු පැනවීමට බ්‍රිතාන්‍යයට ඇති අයිතිය පෙන්වීමටය
 
===ටවුන්සෙන්ඩ් පනත් (1767)===
"https://si.wikipedia.org/wiki/ඇමෙරිකානු_නිදහස්_සටන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි