"ඇමෙරිකානු නිදහස් සටන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
1 පේළිය:
ඇමරිකානු වැසියන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය සටන ඇමරිකානු නිදහස් සටන ලෙස හඳුන්වයි. දූෂිත පාලනයකට එරෙහිව ගෙන ගිය අරගලයක අවසානය මෙය විය. 1492 වර්ෂයේදී ක්‍රිස්ටෝපර් කොලම්බස්, කැරබියන් මුහුදේ බහාමාස් දිවයින් වලට ගොඩබැසීමෙන් වසර පහකට පසු '''ඇමෙරිගෝ වෙස්පුචි''' දේශගවේෂකයා, නූතන ඇමෙරිකානු මහද්වීපයට අයත් විශාල ගොඩබිම සොයා ගත්තේය. පසුව ජර්මන් භු ගෝල විද්‍යාඥයෙකු විසින් එම ප්‍රදේශය හැදින්වීමට ඇමෙරිකාව යනුවෙන් නම් තැබීය. කොලොම්බස් ඇමෙරිකා මහද්වීපයට ගොඩ බැසීමෙන් පසුව තමා ගොඩ බැස්සේ ඉන්දියාවට යැයි සිතුවේය. ඒ අනුව එහි සිටි ස්වදේශිකයන් ඉන්දියානුවන් ලෙසත් සමේ පැහැය අනුව රතු ඉන්දියානුවන් ලෙසත් හදුන්වා දී ඇත. ඇමරිකානු මහද්වීපය සොයාගැනීමෙන් පසු ස්පාඤ්ඤය , එංගලන්තය, ප‍්‍රංශය , නෙදර්ලන්තය , ස්වීඩනය ආදී වූ විවධ යුරෝපීය බලවතුන් යටතේ යටත් විජිත ඇමරිකානු මහද්වීපය තුල පිහිටුවන ලදී. එහිදි ස්පාඤ්ඤවරුන් හා පෘතුගීසීන් දකුණු ඇමෙරිකන් ප්‍රදේශවල නව ජනාවාස පිහිටවු වු අතර, බ්‍රිතාන්‍යයන් හා ප්‍රංශවරුන් උතුරු ඇමෙරිකාවේ ජනපද පිහිටවුහ. බ්‍රිතාන්‍යට පමණක් ඇමරිකාවේ ජනපද 13ක් තිබුණි. වර්තමාන ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ දිගේ එම ජනපද පිහිටුවන ලදී. ඇමරිකා මහාද්වීපයේ පිහිටවූ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ජනපදය ලෙස ජේම්ස් ටවුන් ජනපදය හැඳින්විය හැක. බ්‍රිතාන්‍යයන් ඇතුළු යුරෝපීයන් ඇමරිකාවේ ජනපද පිහිටුවීමට ප්‍රධාන හේතු කීපයක් ඇත. ඒවා නම් යුරෝපා රටවල පැවැති රෝමානු කතෝලික සහ රෙපරමාදු ආගමික ගැටුම් නිසා ආගමික නිදහස පතා නව ප්‍රදේශ වෙත යුරෝපිය ජනයා ඇදී යාම සහ වෙළඳාම සඳහා සහ නව ප්‍රදේශවල ඉඩම් අත්පත් කරගැනී‍මෙන් ජන ජීවිතය සෞභාග්‍යමත් කර ගැනීමට යොමු විම නම් වේ
ඇමෙරිකානු මහාද්වීපය සොයා ගැනීමෙන් පසුව ස්පාඥ්ඥය, එංගලන්තය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්වීඩනය ආදී වූ විවිධ යුරෝපීය බලවතුන්ට අයත් යටත්විජිත ඒ පුරාම ගොඩ නැගුණි. යුරෝපීය ජාතීහු මෙසේ නව ලෝකය කරා සංක්‍රමණය වීමට තුඩු දුන් සාධක අතර ආර්ථික ලාභ ප්‍රයෝජන ඉපයීම සහ ආගමික නිදහස ලබා ගැනීම වැදගත් විය. එංගලන්තයේදී මුහුණ පෑමට සිදු වූ ආගමික වධ හිංසා වලින් බේරීම සඳහා පලා ගිය '''වන්දනාකාර පියවරුන්'''ගේ ආගමික උද්යෝගය ජනපද කීපයක්ම ආරම්භ කිරීමට හේතු සාධක විය.
 
===ඉංග්‍රීසි ජනපද දහතුනේ වර්ධනය===
වන්දනාකාර පියවරුන් නමින් හැඳින් වූ සංක්‍රමණික කණ්ඩායම ඇමෙරිකාවට ගොස් එහි නව එංගලන්ත ජනපද පිහිටුවා ගත්හ. ''සිවිල් සහ ආගමික වශයෙන් ස්වකීය මවු රාජ්‍යයෙන් ස්වාධීනව සිටීමට'' බලාපොරොත්තු වූ ඔව්හු තමන් විසින් ගොඩනගන ලද ජනපද පාලනය කිරීම සඳහා '''මේෆ්ලවර් ගිවිසුම''' පදනම් කොට ගත් ආණ්ඩු ක්‍රමයක් සකසා ගත්හ. ජේම්ස් ටවුන්, වර්ජිනියාව, ජෝර්ජියාව, පෙන්සිල්වේනියාව, මේරිලන්ඩ්, නිව් ඇම්ස්ටර්දෑම්, ඩෙලවෙයාර්, මැසචුසෙට්ස්, කනෙක්ටිකට්, බොස්ටන්, නිව් හැම්ප්ෂයර්, රෝඩ් අයිලන්ඩ් එසේ පිහිට වූ ජනපද අතර විය.
 
මෙම ජනපද දහතුනෙන් දොළහක් ආරම්භ වුයේ 1607-1682 කාලයේදිය. දහතුන්වැනි ජනපදය වන ජොර්ජියා ජනපදය ආරම්භ වුයේ 1733දීය
 
===බ්‍රිතාන්‍ය වාණිජවාදී ප්‍රතිපත්තිය===
"https://si.wikipedia.org/wiki/ඇමෙරිකානු_නිදහස්_සටන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි