"කාල් මාක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු සංස්කරණය
ටැගය: 2017 source edit
30 පේළිය:
1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය.
 
== ළමා කාලය හා අධ්‍යාපනය==
කාල් මාක්ස් 1818 මැයි මස ජර්මනියේ ට්‍රීර් නගරයේදී උපත ලැබීය.ඔහුගේ පියා හෙන්රිච් මාක්ස් නම්වූ අතර මව හෙන්රිටේටා ප්‍රිස්බර්ග් නම්විය.ඔවුන් පාරම්පරික යුදෙවු ජාතිකයන්විය.මාක්ස්ගේ පියාද මධ්‍යම පාන්තික ධනවත් නිතීඥවරයෙකු විය.කෙසේ වෙතත් මාක්ස් ගේ මව ඔලන්ද ජාතික සාමාන්‍ය පවුලක කාන්තාවක් විය.නව දෙනකුගෙන් යුත් පවුලක තුන්වන දාරුවා වූයේ කාල් මාක්ස්ය.කෙසේ වෙතත් මක්ස්ට ඩැඩිමස් සහෝදරයන් කුඩා අවධියේදීම මරණයට පත්වීම නිසා පවුලේ ඩැඩිමලා ලෙස මාක්ස් හැදින්විය හැක.1824 දී මාක්ස් බෞතිෂ්ම ලබයි.ට්‍රියර් පාසලෙන් ප්‍රාථමික හා ද්වීතීය අධ්‍යාපනය ලැබීමට කාල් මාක්ස්ට හැකිවෙයි.ට්‍රීර් විදුහලෙන් පසු 1835 දී මාක්ස් බොන් විශ්ව විද්‍යාලයට අතුලත්වේ.මාක්ස් ගේ කැමැත්තවූයේ දර්ශනය විෂය හැදෑරීම වුවද තම පියාගේ පෙළඹවීම මත නීතිය හැදෑරීමට යොමුවේ.බොන් විශ්ව විද්‍යාලයෙන් නීතිය හැදෑරූ මාක්ස් බර්ලින් විශ්ව විද්‍යාලයට අතුලත්වී දර්ශනය හදාරයි.මෙහිදී ඔහුට ප්‍රකට දාර්ශනිකයෙකු වූ හේගල් මුණ ගැසෙයි.මෙහිදීි හේහගල්ගේ දර්ශනය විඥානවාදී එකක් බව පැවසූ මාක්ස් එම දර්ශනය ලෝකය සාක්ෂාත්කර ගැනීමේ ක්‍රමයක් බවට පත්වීමටනම් ඔළුවෙන් සිටුවා ඇති හේගල්වාදය දෙපා බිමතබා සිටුවිය යුතුබව පැවසීය.1841 දී ඉයෙන් විශ්ව විද්‍යාලයෙන් තම ආචාර්‍ය උපාධිය දිනාගැනීමට මාක්ස්ට හැකිවිය.ආචාර්‍ය උපාධිය ලැබීමෙන් පසු මාක්සට බොන් විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරයෙකු ලෙස එක්වීමට අවස්ථාව ලැබුනද ඔහුගේ යුදෙවු සම්භවය නිසා විශ්ව විද්‍යාල පාලනාධිකාරය විසින් ඔහුට එම තනතුර අහිමි කළහ.
== රැකියාව ==
බොන් විශ්ව විද්‍යාලයෙන් තමාට සිදුවූ අසාධාරණයත් සමග ඔහු එවක සමාජයේ ඇති ප්‍රතිගාමීත්වයට එරෙහිව අරගල කිරීම ආරම්භ කළේය.ඔහු 1841 වර්ෂයේදී රයන් පුවත්පතේ සංස්කාරකවරයෙකු ලෙස සේවයට එක්විය.පසුව මෙම පුවත්පත වාසා දැමීමට ජර්මන් රජය තීරනය කිරීමත් සමග ඔහු 1843 දී ප්‍රංශයට සංක්‍රමණය වෙයි.ඔහුගේ විවාහය සිදුවන්නේද මෙම අවධියේය.1843 දී ඔහු ජර්මන් ප්‍රංශ වාර්ෂිතය නම් ග්‍රන්තය පළ කළහ.මෙම කෘතිය මගින් බ්රූනෝ බවගේ විඥානවාදී සංකල්ප දැඩිලෙස විවේචනය කළේය.1844 දී ඔහුගේ හොදම මිතුරාවූ එංගල්ස් මුණගැසෙයි.එංගලංතයේ සිට ජර්මනිය දක්වා යන ගමන අතරතුර මාක්ස් හමුවී සාකච්ඡා කිරීමට එංගල්ට අවස්ථාව ලැබුණි.ඔවුන් දෙදෙන දින 10ක් තිස්සේ සාකච්ඡාවල නියැලී ඇත.1845 දී රචිත ශුද්ධවූ පවුල කෘතිය මොවුන් දෙදෙනාගේ සම සංස්කාරකත්වයෙන් එළිදැක්වින.
 
== පළමුවන ජාත්‍යන්තරය==
"https://si.wikipedia.org/wiki/කාල්_මාක්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි