"පුනරුදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු →‎සමස්තාවලෝකනය: අකුරු
සුළු →‎සමස්තාවලෝකනය: අකුරු
13 පේළිය:
කොන්ස්තන්තිනෝපලයේ බිඳවැටීම විසින් ග්‍රීක විද්‍යාර්ථීන් විශාල පිරිසක් අපරදිග කලාපයේ අප්‍රකට ව තිබූ මාහැඟි අත්පිටපත් ද සමග වෙනත් රටවලට සංක්‍රමණය වූ අතරතුර පොගියෝ බ්රැසියොලිනි වැනි පුනරුද සමයේ මානවවාදීන් යුරෝපයේ ආශ්‍රම පුස්තකාලයන්හි පෞරාණික ලතින් සාහිත්‍යයික, ඓතිහාසික සහ ආගමික රචනාවන් පිළිබඳ ව අධ්‍යයනය කළහ. සාහිථ්‍යමය සහ ඓතිහාසික ලේඛන සම්බන්ධයෙන් පුනරුද ශාස්ත්‍රඥයන්ගේ වූ නැඹුරුව; ස්වභාවික විද්‍යාව, දර්ශනය, සහ ගණිතය පිළිබඳ ව වූ ග්‍රීක සහ අරාබි කෘති දෙසට සිය අධ්‍යයනය යොමුකළ මධ්‍යකාලීන ශාස්ත්රාඥයන්ගෙන් ඔවුන් ව දැඩි ලෙස වෙනස්වීමට බලපෑවේ ය.
 
නව ප්ලැතෝනික පුනර්ජීවනයේ දී පුනරුද මානවවාදීන් ක්රිිස්තියානිත්වය ප්රුතික්ෂේප නොකළ අතර ඉඳුරා ම ඊට පටහැනි ලෙස පුනරුදයේ උත්කෘෂ්ඨ කෘතීන් බොහොමයක් ම ඒ වෙනුවෙන් කැපවුණු සේම පල්ලිය ද බොහෝ පුනරුද කලාකෘතීන්ට අනුග්රඋහඅනුග්‍රහ දැක්වීය. එහෙත් සංස්කෘතික ජීවිතයේ බොහෝ අංශවල මෙන් ආගම කරා ද බුද්ධිමතුන් යොමු වූ ආකාරයේ සියුම් පෙරැළියක් දක්නට ලැබුණි. <ref name="openuni">Open University, ''[http://www.open.ac.uk/Arts/renaissance2/religion.htm Looking at the Renaissance: Religious Context in the Renaissance]'' (Retrieved May 10, 2007)</ref>එමෙන් ම ග්රීcකග්‍රීක නව තෙස්තමේන්තුව ඇතුළු බොහෝ ග්රීaකග්‍රීක ක්රිeස්තියානික්රිස්තියානි කෘතීන් බයිසැන්තියමෙන් පෙරළා බටහිර යුරෝපයට රැගෙන ආ අතර පුරාතන අවධියෙන් පසු ප්ර ථමප්රථම වරට අපරදිග විද්යා ර්ථීන්ටවිද්ර්ථීන්ට මුණගැසුණි. ග්රී ක ක්රිග්රීක ස්තියානික්රිස්තියානි කෘතීන් සමග ඇතිකරගත් මෙම නව සබඳතාවයත් වෙසෙසින් ම ලොරෙන්සෝ වල්ලා සහ ඉරාස්මස් යන මානවවාදීන් විසින් සැපයූ නව තෙස්තමේන්තුවේ ග්රීසකග්රීක මුල් කෘතිය වෙත වූ යළිනැඹුරුවත් ප්රොසතෙස්තන්තප්‍රොෙතස්තන්ත ප්රපතිසංවිධානයප්‍රතිසංවිධානය සඳහා මග සැලසීමට උපකාරී විය.
 
නිකොලෝ පිසානෝගේ මූර්තීන් තුළත් මැසසියෝ විසින් මෙහෙයවන ලද පර්යාලෝකය සහ එළිය-අඳුර වඩාත් ස්වාභාවික ව දැක්වීමේ ක්‍රම ගවේෂණය කරමින් මානව ස්වරූපය වඩාත් යථාර්ථවාදී ව නිරූපණයට උත්සහ දැරූ ෆ්ලොරන්ටියානු සිත්තරුන් තුළත් සම්භාව්‍යත්වය කෙරෙහි මුල් ම කලාත්මක යොමුව ආදර්ශනය වී තිබුණි. දේශපාලන දාර්ශනිකයන්; වඩාත් ප්‍රචලිත නිදසුනක් වශයෙන් නිකොලායි මැකියාවේලි වැන්නන් දේශපාලනයේ සැබෑ ස්වභාවය එළිදක්වමින් ඒ තාර්කික ව අවබෝධ කිරීමට උත්සහ කළහ. තාර්කිකත්වයට එරෙහි චෝදනාවන් ඛණ්ඩනය කරමින් දර්ශනය, ස්වාභාවික චින්තනය, ලබ්ධිය සහ ඉන්ද්‍රජාලිකත්වය යන මාතෘකාවන් පිළිබඳ රචනා එකතුවක් වූ ජියොවානි පිකෝ ඩෙලා මිරැන්ඩොලාගේ ඩි හොමිනිස් ඩිග්නිටේට් ඉතාලියානු පුනරුද මානවවාදයට කළ විශිෂ්ඨ සම්මාදමක් විය. සම්සභාව්හ‍ය ග්‍රීක සහ ලතින් භාෂාධ්‍යයනයට සීමා නොවුණු පුනරුද යුගයේ ගත්කතුවරුන් පොදුජන ව්‍යවහාරයන් භාවිතයට ද යොමු වුණි. මුද්රිණය සමග මේ අත්වැල් බැඳගැනීම විසින් ග්‍රන්ථ වෙසෙසින් ම බයිබලය බහුජනතාවට සමීප කෙරුණි. <ref>Open University, [http://www.open.ac.uk/Arts/renaissance2/economic.htm#urban ''Looking at the Renaissance: Urban economy and government''] (Retrieved May 15, 2007)</ref>
"https://si.wikipedia.org/wiki/පුනරුදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි