Content deleted Content added
42 පේළිය:
දින කිහිපයකට පෙර මවිසින් [[රාජගිරියේ අරියඤාණ හිමි]] පිටුවට එක් කරන ලද කරුණු විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් සනාත වන පරිදි දක්වා නොමැති බව දක්වමින් ඔබ විසින් ඉවත් කරන ලදී. එසේ උවත් ඔබ එක් කරන ලද කරුණු විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් සනාත වන පරිදි නොදක්වා මූලාශ්‍ර ලබා ගැනීමට අන් අයගේ උපකාරය ඉල්ලන සටහනක්ද සමඟින් ඔබ එම පිටුවට එක් කරන ලදී. [[මහ රහතුන් වැඩි මඟ ඔස්සේ]] යන පිටුවේද ඔබ විසින් එබන්දක්ම කර ඇත. ඔබේ එම දෙබිඩි සංස්කරණ පිළිවෙත නොගැළපෙන්නකි, විහිළුවට කාරණාවකි. ඉන් ඔබේම වරද දැක්වේ. මතුවට එබඳු දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන්නේ නම් මැනවි.
--[[User:Trekmentor|Trekmentor]] ([[User talk:Trekmentor|talk]]) 11:33, 16 ජූලි 2017 (යූටීසී)
:ඔබ කියනවා ඇත්තේ ඔබ විසින් භික්ෂූන් වහන්සේ නමකට අපහාස වන පරිදි දැමූ අන්තර්ගතයන් [[රාජගිරියේ අරියඤාණ හිමි]] හා [[මහ රහතුන් වැඩි මඟ ඔස්සේ]] යන ලිපි වලින් ඉවත් කිරීම ගැන විය යුතුයි. විකිපීඩියාව යනු පුද්ගල අපහාසයන් වෙනුවෙන් යොදාගන්නා මාධ්‍යයක් නොවන බව අවධාරණය කර ගන්න. පුද්ගලික වෙබ්/බ්ලොග් අඩවි ඔස්සේ පළවන භික්ෂූන් වහන්සේලාට සිදුකරන අපහාස සහිත අන්තර්ගතයන් සිංහල විකිපීඩියාව මාර්ගයෙන්ද කූට ලෙස ප්‍රචාරණය කර ගැනීමට සහ වෙබ් අඩවිය පිළිබද අවධානය යොදා ගැනීමට, සමහර ආධුනික නොවන පරිශීලකයින් විසින් භාවිත කිරීම කණගාටුදායකය.--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 14:46, 16 ජූලි 2017 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:L_Manju" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි