"බලකොටුකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
3 පේළිය:
'''බලකොටුකරණය''' යනු, [[යුද්ධය|යුද්ධකරණයෙහිදී]] බලප්‍රදේශ සුරක්ෂිත කිරීමට සහ සාමය පවතින කාලසීමාවලදී ප්‍රදේශයක පාලනය ශක්තිමත් කිරීම සඳහා, [[හමුදාමය]] [[ගොඩනැගීම|ගොඩනැගීම්]] හෝ [[ගොඩනැගිල්ල|ගොඩනැගිලි]] හෝ සැලසුම් කොට තැනීම වෙයි. වසර දහස්ගණනක් තිස්සේ මානවයෝ රැකවල්කාරක ව්‍යුහයන් ගොඩනැගූ අතර, ඒවා කෙමෙන් සංකීර්ණත්වයට පත් විවිධ සැලසුම් වලින් සම්පන්න විය. ''ෆොර්ටිස්'' ("ප්‍රබල") සහ ''ෆාචරේ'' ("කිරීම සඳහා") යන [[ලතින්]] වදන් වලින් මෙම පදය ව්‍යුත්පන්න වී ඇත.
 
ආක්‍රමණ හා යටත්කිරීම් ක්‍රමවිධි නිරතුරු-වෙනස්වන ලෝකයක, නගර ආරක්ෂා කරගැනුම සඳහා [[ආරක්ෂිත ප්‍රාකාරයන් |ප්‍රාකාරයන්]] සහිත වීම, ඉතා ආදිතම ඉතිහාසයෙහි සිට නූතන කාලයන් දක්වා පැවති අවශ්‍යතාවයක් විය. පළමුවෙන්ම බලකොටුකරණය කෙරුණු කුඩා නගර වූයේ [[ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය|ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙහි]] සමහරක් ජනාවාස වූහ. [[පුරාතන ග්‍රීසිය]] සැලකූ විට, [[මයිසීනියානු ග්‍රීසිය| මයිසීනියානු ග්‍රීසියෙහි]], (එහි '[[සයික්ලෝපියානු]]' ප්‍රාකාරයන්හී මහත් පාෂාණ කුට්ටි සඳහා පසිඳු වන්නාවූ) [[මයසීන්]] වැනි පුරාතන අඩවියන්හීදී විශාල පාෂාණ ප්‍රාකාරයන් තනා ඇත.
"https://si.wikipedia.org/wiki/බලකොටුකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි