"කැතෝඩ කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
සුළුNo edit summary |
||
12 පේළිය:
ඉලෙක්ට්‍රෝන වලට ඇත්තේ ඍණ අරෝපණයක් බැවින්, ඒවා කතෝඩයෙන් විකර්ෂණය වී ඇනෝඩය වෙත ආකර්ෂණය වේ. ඒවා හිස් නළය හරහා ඍජු රේඛාවල ගමන් කරයි. ඉලෙක්ට්‍රෝඩ අතරට යොදන විභව අන්තරය මගින් ස්කන්ධය අඩු අංශු ත්වරිත කර වැඩි ප්‍රවේගයන්ට පත් කරයි. කැතෝඩ කිරණ අදෘශ්‍යමාන වේ, එහෙත් ඒවායේ පැවතීම මුල්ම රික්ත නළ තුළ හඳුනාගනු ලැබුවේ ඒවා නළයේ වීදුරු බිත්තිය තුළ සිරවී ගිය විට, වීදුරුවේ පරමාණු සකොබනය කරමින් [[ප්‍රතිදීප්තිය]] නම් දිලිසීමකින් ඒවායෙන් ආලෝකය විමෝචනය කරන විට දී ය. නළය තුළ කැතෝඩයට ඉදිරියෙන් තැබූ වස්තුවලට දිලිසෙන බිත්තිය මත ඡායාවන් ඇතිකිරීමට හැකි බව පර්යේෂකයන් දුටු අතර, කැතෝඩයේ සිට සරල රේඛීය ව යමක් ගමන් කරන බව ඔවුහු අවබෝධ කරගත්හ. ඉලෙක්ට්‍රෝන ඇනෝඩයට ළඟා වූ පසු, ඒවා ඇනෝඩයේ කම්බි තුළින් බල සැපයුමට ගමන් කර නැවත කැතෝඩයට ගමන් කරයි, එබැවින් කැතෝඩ කිරණ මගින් නළය හරහා විද්‍යුත් ධාරාවක් ගෙනයයි.
නළයක් තුළින් යන කැතෝඩ කිරණ කදම්භයක ධාරාව, කුඩා විභව අන්තරයක් යෙදූ කම්බි ලෝහ ආවරණයක් ([[පාලක ජාලකය|ජාලකය]]ක්) තුළින් යැවීමෙන් එය පාලනය කළ හැක. කම්බිවල විද්‍යුත් ක්ෂේත්‍රය මගින් සමහර ඉලෙක්ට්‍රෝන ඇනෝඩයට ළඟාවීම වළකමින් ඒවා පසෙකට හරවයි. මෙලෙස ජාලකයේ කුඩා විභව අන්තරයක් මගින් ඇනෝඩයේ වඩා විශාල විභව අන්තරයක් පාලනය කළ හැක.
<gallery widths="150">
ගොනුව:Katódsugarak mágneses mezőben(1).jpg|කෲක්ස් නළය
ගොනුව:Katódsugarak mágneses mezőben(2).jpg|කැතෝඩ කිරණ නළයේ පසුපස කැතෝඩයේ සිට ගමන්කර, ඉදිරිපස වීදුරුවේ ගැටී, [[ප්‍රතිදීප්තිය]] මගින් එහි කොළ පැහැයෙන් දිලිසුමක් ඇතිකරයි. කිරණ සරල රේඛාවල ගමන් කරන බව ඔප්පු කරමින් නළයේ ඇති ලෝහ කුරුසයක් මගින් සෙවණැල්ලක් ජනනය වේ.
ගොනුව:Katódsugarak mágneses mezőben(3).jpg|
ගොනුව:Katódsugarak mágneses mezőben(4).jpg|චුම්බකය පසුපසට හැරවූ විට, එය කිරණ පහළට නැමීම සිදු කරන අතර, සෙවණැල්ල පහත් වේ. රෝස පැහැ දිලිසීම ඇතිවන්නේ කැතෝඩ කිරණ විසින් අවශේෂ වායු පරමාණු නළයේ ඝට්ටනය කිරීම නිසා ය.
</gallery>
=මූලාශ්‍ර=
|