"සෝලියස් මෙන්ඩිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
21 පේළිය:
 
== සිතුවම් කලාවේ නව ආභාසයක් කරා ==
සිය ජීවිතයේ මැද භාගයේදී හෝ ඊට ආසන්න වකවානුවකදී දැනුමෙන් හා වයසින් මුහුකුරායත්ම සෝලියස් මෙන්ඩිස් සිය චිත්‍ර කලාවට පැරණි සිතුවම් ආභාසය ලබාගන්නට උත්සාහ දරා ඇති බව පෙනේ. ඒ සඳහා ඔහු අනුරාධපුර හා පොලොන්නරු යුගයන්ගේ චිත්‍ර හා මූර්තිවල ආභාසය ලබා ඇති බව පෙනේ. මොහු බිතු සිතුවම් නිර්මාණයට මෙන් ම මූර්ති නිර්මාණ‍යට ද එකසේ සමත් බව කැලණි විහාරයේ මෙන් ම ගිරිඋල්ල මැද්දෙපොළ රජ මහා විහාරය, මල්වාන රජලෙනගම්පල මහාරජමහා විහාරය , පොලොන්නරුව රජ මහා විහාරය වැනි ස්ථානයන්හි දක්නට ඇති නිර්මාණවලින් තහවුරු වේ. කැලණි විහාර‍යේ බිතුසිතුවම් කිරීමට පෙර කැලණි විහාර දායක සභාවේ අනු දැනුම මත සෝලියස් මෙන්ඩිස් කලාකරුවාව ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා ආදී සිතුවම් හා මූර්ති නිර්මාණ අධ්‍යයනය සඳහා පිටත්කර යවා ඇත. එම ගමනින් පසු ඔහු‍ගේ සිතුවම් නව මගකට යොමුව ඇති බව පැහැදිලි ය. ඔහු ඉන් අනතුරුව අනුරාධපුර, පොළොන්නරු චිත්‍රවල ආභාසය මෙන් ම ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා වැනි බිතුසිතුවම් හා මූර්තිවල ද ආභාසය ලබමින් තම නිර්මාණ කටයුතු කර ඇති බව පෙනේ.
 
 
"https://si.wikipedia.org/wiki/සෝලියස්_මෙන්ඩිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි