"අල්-නූරි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය (මෝසල්)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
54 පේළිය:
'''අල්-නූරි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය''' (جامع النوري) යනු, [[ඉරාකය|ඉරාකයෙහි]] [[මෝසල්]] නගරයෙහි පිහිටා තිබුණු [[මුස්ලිම් දේවස්ථානය|මුස්ලිම් දේවස්ථානයකි]]. එහි ඇලවුණු [[උස් කොත (මුස්ලිම් දේවස්ථානය) |මිනරෙටය]] නිසා එය ප්‍රසිද්ධයට පත්ව තිබුණු අතර, එම නිසාම නගරයට අපනාමයක් ලෙසින් "කුදා" (الحدباء ''al-Ḥadbāˈ'') යන්න යෙදිණි. පසුකාලීන වර්ෂයන් තුල බොහෝ අළුත්වැඩියාවන්ට එය ලක් වුවද, සාම්ප්‍රදායික දැනුමෙහි ආකාරයට මෙම මුස්ලිම් දේවස්ථානය පළමුව තැනුණේ [[12වන සියවස| 12වන සියවසෙහි]] අග භාගයෙහිදීය. වසර 850 ක එහි ඉතිහාසය තුලදී බොහෝ සතුරු ආක්‍රමණකාරී බලකායන් හමුවේ එය විනාශයට පත් නොවී පැවතුනද, අවසන 2017 ජූනි 21 දිනදී [[ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය]] (අයිඑස්අයිඑල්) වෙතින්, [[මෝසල් සටන (2016–වර්තමානය)|මෝසල් සටන]] අතරතුරදී එය විනාශයට පත් විය.
 
ඉරාක හමුදා පවසා සිටියේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයෙහි විනාශයට අයිඑස්අයිඑස් වගකිය යුතු බවත්, <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.cnn.com/2017/06/21/world/mosul-iraq-mosque-destroyed/index.html|title=යූඑස්, ඉරාක් සේ අයිඑස්අයිඑස් බ්ලූ අප් ෆේමස් මෝසල් මොස්ක් |last=සීඑන්එන්|first=හම්ඩි අල්ක්ෂාලි, බාබ්රා ස්ටාර් ඇන්ඩ් ෆිල් ගාස්ට් |website=සීඑන්එන්|access-date=2017-06-22}}</ref> ඔවුන්ගේ ග්‍රහණයෙන් එය මිදීම ඉවසා ගත නොහැකිව එය විනාශ කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් බවත්ය. අයිඑස්අයිඑස් සංවිධානය සහ එහි නායක අබු බකර් අල්-බැග්ඩාඩි සඳහා මෙම දේවස්ථානය සංකේතාත්මක වැදගත්කමක් ගෙන දුන්නේ ඔවුන්ගේ "කලීෆ් රාජ්‍යය” ස්වයං-ප්‍රකාශයට පත් කරනු සඳහා 2014 වසරෙහි සිට සටන්කාමීන් විසින් එය භාවිතා කෙරුණු නිසාය. 2014 ජූනි මස සිට අයිඑස්අයිඑස් සංවිධානයෙහි කාල වර්ණ ධජය මීටර්-45 උසැති මිනරෙටය මත ළෙළදෙමින් පැවතුණු අතර, ඉරාකය සහ සිරියාව වෙත කඩාවැදුණු සටන්කාමීන් මහත් බලප්‍රදේශ අත්පත් කර ගනිමින් පොරොන්දු දුන්නේ කිසි දිනෙක මෙම කොත වෙතින් ධජය පහත හෙලීමට ඉඩ නොදෙන බවයි. අයිඑස්අයිඑස් සංවිධානය පවසා සිටින්නේ එක්සත් ජනපදය විසින් මෙම දේවස්ථානය විනාශ කල බවයි.