"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
[[ගොනුව:Vishnu 1 2.jpg|thumb|විෂ්ණු දෙවියෝ]]
විෂ්ණු (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු වඩාත්ම සැලකිය යුතු දේවතාවන්ගෙන් කෙනෙකි.ඔහු වෛශ්ණවවාදය අනුව ශ්රේෂ්ඨත්ම් දෙවියන් Svayam Bhagavan ( හින්දු ආගමේ ප්රධාන නිකායන් එක් ) වේ. [1]ඔහු නාරායන හා හරි ලෙස ද හැඳින්වේ.මෙම ස්මාර්ත සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේගේ මූලික ආකාර පහ අතරින් එකක් ලෙස , [1] ඔහු " ආරක්ෂකයාණන් හෝ ආරක්ෂකයා " ලෙස තේරුම් ඇත. [ 2]හින්දු පූජනීය පෙළට , විෂ්ණු සාමාන්යයෙන් ජලය පිරවූ වලාකුළු අඳුරු ස්වරූපයක් සහිත හා අත් හතරක් සහිත ලෙස අයෙකු විස්තර කෙරේ. සුදුමැලි නිල් ද ලෙස විස්තර කර ඇත .
 
විෂ්ණු (ශ්‍රී විෂ්ණු) හෙවත් නාරායන හින්දු දහමේ උතුම්ම දෙවියා වන අතර අදිවාත හෝ ස්මාර්ත සම්ප්‍රදායන්ට අනුව මහා බ්‍රහ්මයාගේ විද්‍යාමාන ස්වරූපයයි. මහා බ්‍රහ්ම මෙන්ම ශිව ද එතුමාම බව ලොව සියලු දෙනාම එක් අයෙකු තුලින් විද්‍යාමානවන බව කියැවෙන 'පරමාත්ම'(පරම+ආත්ම=පරමාත්ම:-සියලුම ආත්මවල මූලය=Supersoul) සංකල්පයෙන් දැක්වේ.ලොව සියලු දෙනාගේම ස්වරූපය එතුමා තුලින් දැකිය හැකිය. ආදීතම පුරුෂයාද වෙයි.සර්ව ව්‍යාපී බැවින් එතුමන් විශ්වය පුරාම ව්‍යාප්තව සිටියි.
විෂ්ණු සහස්‍රනාම ග්‍රන්ථයේ විෂ්ණු යන සියළු සත්වයාගේ ජිවන සාරය වන අතීතය, වර්තමානය හා අනාගත කාලයන්හි පාලකයා, සියළුම පැවැත්මේ නිමැවුම්කරුවා හා විනාශකරු හා විශ්වය පාලනය කරන,සර්වබලධාරී එකම දෙවියන්,මෙන්ම එහි පවතින සියළු දේ නිර්මාණය හා වැඩීම පාලනය කරන්නා වේ.ස්වාභාව ධර්මයේ අඛණ්ඩ
චක්‍රාකාර ක්‍රියාවලිය එතුමාගේ දබර ඇඟිල්ල මත භ්‍රමණය වන සුදර්ශන් චක්‍රය මගින් සංකේත්වත් කෙරේ.එම ක්‍රියාවලිය කිසිදා අවසන් නොවන බැවින් එය සිදුකරන එතුමාද කිසිදා නොනැසෙන නිසා 'අවිනාශ්' ලෙසින් එතුමා හැඳින්වේ. මෙම චක්‍රය ස්වාභාව ධර්මයේ චක්‍රය හෙවත් ධර්ම චක්‍රය වේ. එය ඉන්දීය ජාතික ධජයටද යොදා තිබේ.
පුරාණ ග්‍රන්ථයට අනුව විෂ්ණු දෙවියන් තද නිල් පැහැති, අත් සතරක් සහිත, නෙළුම් මලක්, යගදාව හෙවත් ජයකොන්තය, හක්ගෙඩිය හා සුදර්ශන් චක්‍රය දරා සිටින්නෙකි. භගවත්ගීතාවට අනුව විෂ්ණු යනු මුළු විශ්වයම වන අතර සාමාන්‍ය මනුෂ්‍ය ඇසට හා ඥාණයට හසුනොවන මානයේ පවතී. යුදෙව්,කතෝලික හා ඉස්ලාම් දහම්වල සඳහන් සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙන කිසිවෙකු නොව විවිධ නම් රාශියක් ඇති විෂ්ණු දෙවියන්මය.නමුත් ඔව්හූ එය නිවැරදිව නොදනිති. සාමන්‍යයෙන් එතුමාට එක් නිශ්චිත ස්වරූපයක් නොමැති බැවින්, මුලු විශ්වය තුලම පරමාත්මය ලෙස සිටින බැවින් එතුමාගේ ප්‍රතිමා නිර්මාණය කල නොහැකිය. නමුත් වන්දනයේ පහසුව උදෙසා හින්දූන් ප්‍රතිමා නිමවා ඇත. භගවත් ගීතාවට අනුව එතුමන් විශ්ව රූප දර්ශනය ලෙස කුරුක්ෂේත්‍රයේදී අර්ජුන්හට දර්ශනය වූහ.විශ්ව රූප දර්ශනය(Universal Form) යන්නෙන් අර්ථවත් වන්නේ සියලු මනුෂ්‍යයන් එතුමාම බවයි.සියලුදෙනා තුලම සියලුදෙනාගේම හදවත් තුළ එතුමන් වාසය කරන බවයි.මෙය විරාට් රූප් වශයෙන්ද හඳුන්වනු ලැබේ.
විෂ්ණු දෙවියන් වාසය කරනුයේ මුලු විශ්වයේම ය.ප්‍රධාන වශයෙන් එතුමන්ගේ ස්වරූප 3ක් පවතී. ක්ෂීරෝදකක්ෂායී විෂ්ණු,කර්ණෝදකක්ෂායී මහා විෂ්ණු හා ගර්භෝදකක්ෂායී විෂ්ණු වශයෙනි.මින් ක්ෂීරෝදකක්ෂායී විෂ්ණු ස්වරූපයෙන් ක්ෂීර සාගරය හෙවත් ක්ෂීරපථය නැමැති අපගේ මන්දාකිණියේ වාසය කරයි. එතුමාගේ වෛකුණ්ඨ විමානය මුලු විශ්වය පුරාම පැතිර පවතී.විශ්වය තුල එතුමාගේ මුල්ම පහලවීම පිළිබඳව කතාවකට අනුව, මහා විශ්ව සාගරයේ ස්වයංභූව-තමාම බීජයක් මගින් පහලවී ක්‍රමයෙන් ප්‍රසාරණය වී දහසක් හිස් ඇති නාගරාජයා සෙවනේ නිද්‍රෝපගතව සිටින අතර, තම නාභියෙන් අංකුරයක් මැවූ අතර ඉන් හටගත් නෙලුම් මලෙහි මහා බ්‍රහ්ම තෙමේ පහල විය.
ත්‍රිමුර්ති සංකල්පයෙන් විෂ්ණු දෙවියන් විශ්වයේ පැවැත්ම පිළිබඳ වගකීම දරන අතර අනෙක් කාර්යයන් වන මැවීම හා විනාශය බ්‍රහ්ම හා ශිව දෙවියන්ට අයත් වේ.
 
විෂ්ණු දෙවියන් හින්දු දෙවියෙකි. ධර්මයේ ආරක්‍ෂකයා ය​. නිල් පැහැති සමක් හා අත් සතරක් ඇත​. රථය ගරුඬා ය​. පංචජන්‍ය නම් ශංඛය, සුදර්ශන් චක්‍රායුධය, යගදාව හා නෙලුම් මල අත් සතරින් දරයි. මහානුභාව සම්පන්න මැණිකක් වන කෞස්තුභ මාණික්‍ය ගෙල පැලඳ සිටී.පපුවේ ශ්‍රී වත්ස නම් කෙස් රොදක් වෙයි. පතිනිය වන ලක්ෂ්මී දේවිය උරයේ වාසය කරයි.
 
==විෂ්ණු අවතාර(මනුලොව උපත ලැබීම්)==
විෂ්ණු දෙවියන්ගේ අවතාර පිළිබඳ තොරතුරු අඩංගු වන්නේද, ‘පුරාණ’ ග්‍රන්ථයේය. විෂ්ණු දෙවියන්ගේ අවතාර (අවතාර ලෙසින් හැඳින්වූවද මනුලොව උපත ලැබීම්‍ ය. සාමාන්ය අර්ථයෙන් අවතාර නොවේ.) හෙවත් ඉපදීම් 10 ක් සඳහන් වන අතර එයින් 9 ක් අතීතයේ පහළ වු අතර කලි යුගය අවසානයේදී අනෙක් අවතාරය හෙවත් කල්කී පහළ වේ. ඇතැම්හූ කිල්කී යනු දුටුගැමුණු රජතුමා ලෙසද දක්වති. මෙම උපත ලැබීම්වල අරමුණ වන්නේ අධර්මය විනාශ කර ධර්මය නැවත පිහිටුවීමයි. ස්ථාපිත කිරීමයි. අයුක්ති සහගතව පාලනය කරන රාජ්‍ය පාලකයන් ඉවත් කිරීමත් එම ඉපදීම්වල අරමුණ වේ.සියළුම සන්තාන ධර්මයන්හි විෂ්ණු වන්දනාව සිදු කරන අතර එය සෘජුව හෝ ඔහුගේ අවතාර වන රාම, ක්‍රිෂ්ණා, වරාහ හා නරසිංහ ආකාර තුළින් විය හැක.
නමුත් මීට අමතරව සෑම යුගයකම විවිධ ස්වරූප වලින් එතුමා අනන්ත අප්‍රමාණ වාරයක් මනුලොව උපත ලබා ඇති බව කියැවේ. අද යුගයේත් එතුමාගේ අංකුරයන් මනුලොව උපත ලබා සිටිය හැකිය.
පුරාණිකයන්ට අනුව මේ මහා යුගයේ දී විෂ්ණු ප්‍රධාන අවතාර දහයකින් පොළොව මත පහළ වෙයි. දැනට අවතාර නවයක් පහළ වී ඇති අතර තව එක් අවතාරයක් පහළ වීමට නියමිත ය​.
 
===මත්ස්ය අවතාරය===
මීට වර්ෂ ලක්ෂ ගණනකට පෙර මුලින්ම ලොව බිහිවූ ආර්‍ය පුරුෂයා ලෙස බයිබලයේ දැක්වෙන ආදම්(ආදම්=ආදීතම පුරුෂයා යනු මෙහි අරුතයි) බිහිවූයේ දෙවියන් වහන්සේ ගේ(විෂ්ණු දෙවියන්ගේ)අංකුරයක් ලෙසිනි.ඉන් අවුරුදු 1000කට පමණ පසු සත්වන මනුරජුගේ කාලයේදී ලෝකයෙහි අධර්මය රජවී පාපය, අයහපත බලපැවැත්වුණු බැවින් දින ගණනාවක්ම මහ වැසි ඇදහැලී මහා ජලගැල්මක් ඇතිවිය. මෙය විෂ්ණු දෙවිඳුන් විසින් සිදු කරන ලද්දකි.ලෝකය ජලයෙන් යටවී ගොස් සියලු ජීවීන් විනාශ වන අතර ධාර්මික මනු රජු හා සප්ත ඍෂීවරුන් ආරක්ෂා කල යුතු යැයි විෂ්ණු දෙවිඳුන් තීරණය කලේය.මනු රජු හා සප්ත ඍෂීවරුන්ට නැවකට නඟින ලෙස පැවසූ විෂ්ණු දෙවිඳුන් දැවැන්ත මත්ස්‍යයෙකුගේ ස්වරූපයෙන් පැමිණ නැව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගියේය. මෙය බයිබලයේ සඳහන් වන ලෝකය ආරම්භ වීමෙන් පසුව නෝවාගේ කාලයේ ඇතිවූ මහා ජලගැලීමේ කතාවට සමාන බව විද්වතුන්ගේ මතයයි. නම් වෙනස් වූවද එය එකම සිදුවීම බව ඔවුන්ගේ මතයයි.
 
''(නොකඩවා වැසි ඇද හැලෙන්නට වුනු සමයක් , සත් සමුදුරුම කැලැඹිලා රළ වියරු වුනු සමයක්, වට වැසි , ජලය, කරදිය එක්වෙලා ගම් බිම් වසාගනිමින් සමස්ත පෘතුවියම ජලයෙන් යටපත් වන්නට ගිය සමයක්, සිදුවන අනතුර ගැන ලොව පහළ වූ පළමු මනුෂ්යයා වන මනු ට දැන්වූ ශ්‍රී විෂ්ණු දෙවිදුන් මත්ස්ය වේශයකින් ලෝකයේ පහළ වෙනවා , ඉනික්බිති බල සම්පන්න නෞකාවක ස්වරූපයක් නිර්මාණය කරන එතුමන් මත්ස්ය වේශයෙන් ඒ නෞකාව හිසින් ඇදගෙන පැමිණ මනු සහ ඔහුගේ පවුලත් , සප්ත මහා සෘෂීහුනුත් නැවට නංවා ලෝකය වනසාලූ රුදුරු ජල ගැල්මෙන් බේරා ගනු ලබනවා.)''
Line 27 ⟶ 14:
හස්තියාට දුන්නේය. මේ ගැන කිපුණු ඍෂීවරයා සියලුම දෙවිවරුන්ගේ බලය පිරිහෙත්වායි ශාප කළේය. එය එසේම සිදුවූ අතර අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්
මහා බලි නැමැති අසුරයා සේනාව රැගෙන ඉන්ද්‍ර දෙවියන්ගේ තලය (Plane)වන ස්වර්ග ලෝකයේ අමරාවතී පුරය අල්ලා ගැනීමට පැමිණියේ ය. තමන් පරාජයට පත්වන බව දත් සුරයෝ ( දෙවියන්) විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් පිහිට පැතූහ. දිවැස් ලා බැලූ විෂ්ණු දෙවිඳුන්ට ක්ෂීරසාගරය කලඹා අමෘතය ලැබ පානය කිරීමෙන් මිස දෙවියන්හට බලවත් විය නොහැකි බව පෙණුනි.ක්ෂීරසාගරය කැලඹීම සුරයන්ට පමණක් කල නොහැකි නිසා අසුරයන් සමඟ සමගියෙන් ක්ෂීරසාගරය කලඹවා ලබා ගන්නා අමෘතය හරියට දෙකට බෙදා ගන්නා ගිවිසුම පිට අසුරයන්ද කැමති කරවා ගත්හ.
සුරයන් ( දෙවියන්) හා අසුරයන් (දෙවියන්ට විරුද්ධ අර්ධ දේව ගණයක්) යන දෙපක්ෂය එක්ව මහාමේරු පර්වතය දණ්ඩක් ලෙස රැගෙන අනන්ත නම් නාග රාජයාගේ සහෝදර වාසුකී නාග රාජිණිය රැහැනක් ලෙස අගට යොදා ක්ෂීරසාගරය කලඹන්නට තීරණය කලහ. නාගයාගේ හිස පෙදෙස අසුරයන්ද වලිග පෙදෙස සුරයන්ද ගෙන මහත් වේගයෙන් වර්ෂ 1000ක්ම කැලඹූහ. දණ්ඩෙහි භ්‍රමණ වේගය නිසා සක්වල රත්වූ අතර සත්වයෝ මරුමුවට පත්වූහ. ඉන්ද්‍ර දෙවියන් නිතරම වැසි වැස්වූ බැවින් දෙරණ ගිණි ගැනීම වැලකිණි. වාසුකීය ද මහත් පීඩාවට පත්වූවාය. හේ සිය මුවින් විෂ දහරක් එවීය. ඉන් ලෝකය නැසෙනු දුටූ ශිව දෙවිඳුන් වහා එය ගිල ගත්තේය. විෂ නිසා ඔහුගේ ගෙල නිල් පැහැ විය.
 
ඉන්පසු මහාමේරු පර්වතය ක්ෂීරසාගරයේ එරෙන්නට වූයෙන් ඇල්ලීමට අපහසු විය. විෂ්ණු දෙවිඳුන් කුර්ම හෙවත් ඉබ්බෙකුගේ ස්වරූපයෙන් පැමිණ ක්ෂීරසාගර පතුලට බැස මහාමේරු පර්වතය ඔසවා ගත්තේය. මෙවිට සියල්ල සාර්ථකවී පලමුව හලාහල විෂ මතු විය. එය ශිව දෙවිඳුන් පානය කල බැවින් ඔහුගේ ගෙල නිල් පැහැ වූ බව එක් මතයකි. ඉන්පසු කල්ප වෘක්ෂයද,කෞස්තුභ මාණික්‍යයද, ඉන්පසු සුරභිධේනුවද, ඓරාවණ හස්තියාද, ලක්ෂ්මී දේවියද පහල වූවාය. අනතුරුව අමෘතය රැගත් ධන්වන්තරී නම් දේවතාවාද පහල විය. ඔහු අමෘතය රැගත් බඳුන රැගෙන වේගයෙන් යන්නට වූ අතර සුරයින් හා අසුරයින් අමෘතය ලබා ගන්නා අටියෙන් ඔහු පසුපස ලුහුබැඳ යන්නට වූහ. ඔහුගෙන් අමෘත බඳුන උදුරාගත් අසුරයෝ වේගයෙන් පලාගියහ. දෙවිවරු සිදුවූ දේ විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් දැන්වූහ. ඔවුන් අස්වසාලූ විෂ්ණු දෙවිඳුන් සුන්දර ස්ත්‍රී රුවක් මවා (මෝහිණී ස්වරූපය) අසුරයන් වෙත යැවූහ. අමෘතය බෙදා ගැනීමට අසුරයන් අතරද කලහ ඇතිවිය. සුන්දර රූමත් තරුණිය ලෙස පැමිණි විෂ්ණු දෙවිඳුන් ඔවුන් මුලා කොට අමෘතය ඔවුන්ගෙන් ලබාගත්හ. මෙම කතාවෙන් සංකේතවත් වන්නේ අතීතයේ ක්ෂීරපථය වේගයෙන් භ්‍රමණය වීමෙන් සිදුවූ කිසියම් විපර්යාසයක් විය හැකි යැයි නූතන විද්වතුන්ගේ මතයයි.
 
'''2 වන මතය''' - ලොව වනසාලපු ඒ රුදුරු ජල ගැල්මෙන් ලොව පැවති සියලු මහානුභාව වස්තූන් සයුරට ඇදී යනවා , දෙවියන්ට හිමිව තිබූ මහානර්ඝ වස්තුව වුනු අමුරුත පවා මේ වස්තූන් එක්ක මේ වස්තූන් සමග සයුර තුල සැගවී යනවා . දිගු කලක පටන් සුරයන් සමග යුද්ධ කරමින් හුන් අසුරයින්ට දෙවියන් සතුව තිබූ මේ මහානර්ඝ වස්තුව නැතිව යාමෙන් අති මහත් සතුටට පත් වෙනවා , ඔවුන් සුරයන්ගේ බලය අඩු වන බව දැන සුරයන්ට නොබියව තාඩන පීඩන කරන්නට වෙනවා , මෙම ගැහැට ඉවසාගත නොහී සුරයෝ තමන්ව ගලවාගන්නා මෙන් විශ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීම් කරනවා . ඉනික්බිති විශ්ණු දෙවිදුන් ශිව දෙවිදුන් සමග එක්ව මන්දිර පව්ව ගලවා වාසුකී නම් නා රජු ඒ වටා ඔතා තෙමේ කුර්මාවතාරයෙන් පහලව කිරි සයුරේ ගිලී මන්දිර පව්ව පිට මත තබාගෙන වාසුකීගේ වල්ගයෙන් හා හිසින් අදිමින් ඉදිබු වේශයෙන් මන්දිර පව්ව සොලවමින් සුරයෝ කලඹන්නට වූහ , ඒ හේතුවෙන් රළ පෙළ සගවා තබා ගත් ඒ මහානර්ඝ වස්තූන් මතුවන්නට වූවා , කල්ප වෘක්ෂය , සුරබිදෙන , ශ්‍රී ලක්ශ්මිය , හලාහල විෂ වැනි ඒ වස්තූන් සමග අමුරුතයත් මතු වෙනවා , ඒ ලැබීමෙන් සුරයන්ට අසුරයන් පරදා ජය ගන්නට හැකි වෙනවා
 
===වරාහ අවතාරය===
වරක් හිරණ්‍යාක්ෂ නම් අසුරයෙක් නැවත පෘථිවිය ක්ෂීරසාගරය තුලට හෙලුවේය. විශාල සූකර වේශයක් මවා ගත් විෂ්ණු දෙවිඳුන් අසුරයා මරා සිය දළ දෙක මත තබා පෘථිවිය නැවතත් මතු කළේය. මෙයින් අදහස් වන්නේද අතීතයේ සිදුවූ ජලගැලීමක් විය හැකිය. හිරණ්යාක්ෂ නමින් බලවත් අසුරයෙක් මහ පොලොව සමුදුර පතුලට හෙලූ අතර එයින් සමුදුරෙහි රළ පෙල නැගී අවුත් මුලු ලොවම බිලිගන්නට සැරසුණි, විෂ්ණු දෙවිදුන් වරාහ අවතාරයෙන් ( සූකර වේශයෙන් ) ලොව පහල වී එම රුදුරු අසුරයා සමග සටන් කොට දළින් ඇන ඔහු මරා ඉනික්බිති සිය දළ මතුපිට තබා පොළොව මතුකොට මහත්වූ ජලස්කන්ධයෙන් ලොව ගලවා ගති, මුඛ්‍ය අර්ථය කොහොම වුනත් මේ කතා පෙළ සංකේතාර්ථයෙන් ගොඩක් ගැඹුරු අරුත් පවතිනවා.
 
===නරසිංහ(නෘසිංහ) අවතාරය===
කාෂ්‍යප ඍෂීවරයාට අදිති ගෙන් උපන් හිරණ්‍ය කාෂ්‍යප නම් බලවත් අසුර රජෙකු වූ අතර ඔහු උග්‍ර තපසක් රැක, දෙවියන්, මිනිසුන් තිරිසනුන්ට හෝ රෑ,දවල් හෝ ගෙදරදී පිටතදී හෝ අවියකින් හෝ විෂකින් හෝ තමාව නැසිය නොහැකි ලෙසට මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබාගත්තේය.
ඔහුගෙන් ගැලවීමක් ලබා දෙන ලෙස සියලු දේවතාවෝ විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් ඉල්ලූහ. විෂ්ණු දෙවිඳුන් සිය චක්‍රායුධය හිරණ්‍යගේ පුතු ලෙස ඉපදවීය.
හෙතෙම ප්‍රහ්ලාද නම් විය.ඔහු නිතර විෂ්ණු දෙවිඳුන් නමදින්නට වූ අතර පුතුගේ විෂ්ණු වන්දනාව වළක්වන්නට නොහැකිව හිරණ්‍යට ඉවසුම් නැති විය.
හේ දිනක් මෙහි තා ගේ දෙවියා සිටීදැයි පවසා මාලිගයේ වූ විශාල කුලුණක් අසිපතක් ගෙන දෙකඩ කළේය. කණුව තුල සිංහ හිසක් සහිත අර්ධ මිනිසෙකු ලෙස නරසිංහ වේශයෙන් විෂ්ණු දෙවිඳුන් සිටියේය. විෂ්ණු දෙවිඳුන් පැමිණ ඇති බව දැනගත් හෙතෙම මඳක් තැති ගෙන පසුබැස එළිපත උඩට පලාගියේය.
එය හිරු බැස යන වේලාව විය. ඔහුගේ ඇඟට කඩා පැන්න නරසිංහ සිය තියුණු නියපොතු වලින් හිරණ්‍යගේ ශරීරය ඉරා ඔහු මරා දැමීය.
නරසිංහ යනු මනුෂ්‍යයෙකු හෝ දෙවියෙකු නොවූ බැවින්ද එතැන මාලිගය තුළ හෝ පිටත නොවූ බැවින්ද වේලාව රැය හෝ දහවල නොවූ බැවින්ද
හිරණ්‍ය කාෂ්‍යප මැරීමට හැකිවිය.
 
===වාමන් අවතාරය===
බලි නම් අසුරයා ලෝකය තමා වෙත නතුකොට ගෙන උග්‍ර තපස් රැකීමෙන් හා ඍද්ධි බලයෙන් කෙතරම් බලසම්පන්න වූයේද යත් දෙවියන්ට පවා ඔහු ඉමහත් තර්ජනයක් විය. වාමනයෙක් හෙවත් මිටි පුද්ගලයකු ලෙස බමුණු පවුලක උපත ලැබූ විෂ්ණු දෙවිඳුන් ඔහු වෙත ගොස් තමාගේ තුන් අඩියක් වැසෙන තරම් භූමි ප්‍රමාණයක් දෙන ලෙස ඉල්ලීය. ඔහුගේ උපදේශක ශුක්‍රාචාර්ය එය නොදෙන ලෙස කියා සිටියත් බලි එය ලබා දුනි. මෙතෙක් කලක් තම දෙමාපියන්ට පවා විහිලුකාරයෙකු ලෙස පෙනුණු මිටි තරුණයා එක්වරම යෝධ ආරෝහ පරිණාහ දේහධාරී පුරුෂයෙකු ලෙස විශාල රූපයක් මවා ගත්තේය. එවිට පොළොව හා ඒ අතර වාතස්කන්ධය දතුන් අඩියෙන් වැසී ගියේ ය. දැන් මා මීළඟ පියවර තබන්නේ කොහිදැයි යෝධ තරුණයා බලිගෙන් ඇසීය.
වෙනත් තැනක් නැත්නම් මාගේ හිස මත තබන්නැයි මේ අරුම දර්ශනය දැක සිහි විකල්ව ගොස් සිටී බලි පැවසීය. විෂ්ණු දෙවිඳුන් සිය යෝධ දෙපා වලින් ඔහුගේ හිසත් සමගම පාතාල ලෝකයට තල්ලු කර දැමීය.
 
බලි නම් රජු මහා තපසකින් අති සුවිශේශී සෘධි බලයක් උපදවා ගන්නට සමත් වෙනවා , මේ අසමසම බලය නිසා මහත්සේ උදම් වන බලි සිතූ මනාපයට අධර්මවාදී වන්නට වනවා , දෙවියන්ට පවා බලි මේ ලබලා තිබුණු අසීමිත බලය මහත් ගැහැටක් වෙනවා නමුත් බලි ලබලා තිබුණු අසීමිත බලය හේතුවෙන් ඔහුට එරෙහිව සටන් වදින්න දෙවියන් පවා බිය වනවා , කොහොම වුනත් මීට කදිම උපායක් භාවිතා කරන ශ්‍රී විෂ්ණු දෙවිදුන් ඉතාමත්ම මිටි පුද්ගලයෙකුගේ නොහොත් වාමනයෙක් වන් ස්වරූපයකින් ලෝකයේ පහල වෙනවා , ඉන් පසු ඔහු බලි රජුව හමුවීමට යනවා , බලි රජු ඒ කාලයේ එක්තරා යාගයක් පුරමින් හුන්නේ, ඔහු ලගට පැමිණ යමෙක් යමක් ඉල්ලයිද , බලි රජු නිසැකයෙන්ම එය ඔහුට ලබා දෙනවා... මේ කියන වාමනාවතාරයෙන් පහල වුණු විශ්නු දෙවිදුනුත් බලි හමුවට යනවා, ඔහු ඉල්ලනවා තමන්ගේ අඩි තුනක් වැසෙන පරිදි බිම් කඩක් ඔහුට ලබලා දෙන්න කියලා, ඒ අහලා සිනහවෙන බලි රජු ඔහුට ඕනෑම තමන් කැමති තැනකින් අඩි තුනක් වැසෙන බිම් ඉඩක් ලබා දෙන්න පොරොන්දු වෙනවා... එසැනින් මේ කුරු වාමනයා මහා යෝධයෙක් වන්න ගන්නවා , අහසත් පොලොවත් වාතස්කන්ධයත් තම තුන් පියවරින් වසාලන වාමන අවසානයේ බලි රජුට පාතාලය හැරුණු කොට යන්නට වෙන තැනක් නොමැති කරනවා
 
===පර්ශුරාම අවතාරය===
පර්ශුරාම යනු පර්ශු නැමැති පොරොව අතින් ගත් තැනැත්තා යන අරුතයි.
පර්ශුරාම යනු පර්ශු නැමැති පොරොව අතින් ගත් තැනැත්තා යන අරුතයි. දමදග්නි බ්‍රාහ්මණයාට පුත්ව ශ්‍රී විෂ්ණු දෙවිදුන් පරශුරාම නමින් ලොව පහළ වෙනවා , අධාර්මිකයෙකු වූ කාර්තකවීර්ය රජු දමදග්නි බ්‍රාහ්මණයා සතු සියලු වස්තුව පැහැරගත් බැවින් පරශුරාමාවතාරයෙන් පහලව අධාර්මික කාර්තකවීර්ය රජු මරා දමනවා , ඉනික්බිති කාර්තකවීර්ය රජුගේ දුෂ්ඨ කුමරුන් දමදග්නි බ්රාහ්මණයා මරා දමනවා , කෝපාවිෂ්ඨ පරශුරාමයන් ක්ෂ්ත්‍රීය කුළයේ පුරුෂයන් පිට පිට විසි එක් වතාවක් මරුමුවට පත් කරනවා, හින්දු දේව ඇදහීම් අනුව පරශුරාම අති ප්‍රබල චරිතයක්.පර්ශුරාම් අදටත් විෂ්ණු ව්‍යාප්තියක් ලෙස ඍෂිවරයෙකු,මුණිවරයෙකු වශයෙන් හිමාලය අඩවියෙහි වාසය කරන බවට මතයක් ඇත. මොහු රාම කුමරුගේ යුගයේදී රාම-සීතාගේ ස්වයංවර මංගල්‍යය අවස්ථාවේදී හදිසියේ පැමිණියේ රාම කුමරුන් විසින් ශිවගේ දුන්න බිඳ දැමීම නිසාය.
 
===රාමාවතාරය===
පුලස්ති නම් ඍෂිවරයාගේ විශ්‍රවස් නම් බමුණාහට කෛසී නම් රාක්ෂස ගෝත්‍රයට අයත් බිසවගෙන් රාවණ, විභීෂණ, කුම්භකර්ණ නම් පුතුන් තිදෙනෙක් හා සුපර්ණකා නම් දියණියක්ද එකවර උපත ලැබූහ. විශ්‍රවස් බමුණාගේ දේවමර්ණි නම් බිසවට ලැබුණු වෛශ්‍රවණ නම් පුත්‍රයාට හිමිව තිබූ ලංකාවේ රාජ්‍යත්වය බලහත්කාරයෙන් පැහැරගත් රාවණ, උග්‍ර තපස් රැක කිසිදා නොමැරෙන අමරණීයවන වරයක් මහා බ්‍රහ්මයා වෙතින් ලැබීය. අනතුරුව ඔහුගෙන් දෙවියන්ට පවා හිංසා පීඩා තර්ජන එල්ල විය. දෙවිවරු විෂ්ණු දෙවිඳුන් වෙත ගොස් පැමිණිලි කළහ. හෙතෙම රාම කුමරු ලෙස අයෝධ්‍යාවේ දශරථ නම් රජුට පුත්ව ඉපිද වැඩිවිය පැමිණ සීතා දේවිය සමඟ අවාහ විය. එක් කලක රාවණා රාම කුමරුගේ භාර්යාව වන සීතා දේවියව පැහැරගෙන ගොස් කාමයෙන් මත්ව ඇයව තමන් වෙත පොළොඹවා ගැනීමට උත්සාහ කළේය.රාම යුදසේනා රැගෙන ලක්දිවට පැමිණ තුදුස් වසරක් යුද්ධ කොට රාවණා මරා රාජ්‍යත්වය ඔහුගේ යහපත් මලණ්ඩිය වූ විභීෂණ කුමරුට පවරා සීතා සමඟ ආපසු භාරතයට පැමිණ අයෝධ්‍යාවෙහි සිංහාසනාරූඪ විය. ඉන්පසු දෙවියෝ රාක්ෂසක්ෂස බියෙන් දුරු වූහ.
 
===ක්‍රිෂ්ණාවතාරය===
මේ කතා සාරය ඉතා දීර්ඝ වූවක් , ඒ වගේම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ වූවක් ,මීට වර්ෂ 5000කට පමණ පෙර මථුරා පුරයේ යාදව් වංශයේ උපත ලැබූ ක්‍රිෂ්ණාගේ පියා වාසුදේව් වූ අතර මව එකල රජ කල කංස් රජුගේ නැගණිය දේවකී ය. ඇගේ 8 වන පුත්‍රයා අතින් කංස් රජු ඝාතනය වෙතැයි රජු ඇසූ දෛවඥ අනාවැකියක් නිසා ඇගේ කුසෙන් බිහිවූ දරුවන් 7 දෙනෙකුම ඔහු කෲරතර ලෙස මරා දැමූ අතර 8 වැනි දරුවා වූ ක්‍රිෂ්ණාව එතුමාගේ පියා විසින් එක් රාත්‍රියක රැගෙන ගොස් තම ඤාතියෙකු වූ නන්ද නම් ගොපල්ලාගේ දරුවාට මාරු කලේය. ගොපල්ලාට උපන් දියණිය රැගෙන ආ අතර එබැවින් කංස්ට ක්‍රිෂ්ණා මැරීමට නොහැකි විය. ගොපල්ලා සහ ඔහුගේ බිරිඳ යශෝධා විසින් තම දරුවන් මෙන් ක්‍රිෂ්ණා සහ බල්රාම්ව හදා ගත්හ. ඇත්තෙන්ම කීවොත් ශ්‍රී ක්‍රිෂ්ණයන්ගේ කුඩා කල වෘන්දාවනයේ සිදු කලාවූ විවිධ වික්‍රමයන් හා ආශ්චර්යයමත් ක්‍රියාවන් විස්තර කල නොහැකි තරම් කතා මාලාවක් උන්වහන්සේගේ චරිතය වටා ඇත.කුඩා කල කුරිරු රාක්ෂසයන් මැරීම, ගෝවර්ධන් පර්වතය තනි ඇඟිල්ලෙන් එසවීම මින් සමහර ආශ්චර්යයමත් ක්‍රියාවන්‍ය. කුඩා කල දඟකාරකම් රැසක්ද සිදු කල හෙතෙම නිතර බට ලී නලාවක් වාදනය කලේය. තරුණ වයසට පැමිණි පසු මථුරාවට පැමිණ සිය දුශ්ඨ,කුරිරු මාමා වූ කංස් රජුව නසා දමා මථුරා රාජධානිය අත්පත් කරගත්තේය. නමුත් කංස් ගේ මාමණ්ඩිය වූ ජරාසන්ධ් නැමැති මගධ රජු එතුමන්ට එරෙහිව පැමිණි නමුත් එම සටන් සියල්ල ජයගත්තේය. ද්වාර්කා නමින් නව අගනුවරක් සහිත රාජ්‍යයක් පිහිටුවා ගත් එතුමා විදර්භයේ රජුගේ දියණිය රුක්මණී ඇගේ කැමැත්තෙන්ම පැහැරගෙන පැමිණ සිය අගබිසව බවට පත් කර ගත්තේය. පසුකාලීනව බිසවුන් 16100කට අධික පිරිසක් විවාහ කර ගත්තේය. මෙකල කුරිරු රාක්ෂසයන් ඝාතනය කිරීම ආදී වීර ක්‍රියාවන් සිදුකලේ ය. මහාභාරත කතාව පුරාම එතුමා පාණ්ඩව සොයුරන් පස් දෙනාගේ හොඳම මිතුරා ලෙසත් උපදේශකයා ලෙසත් එතුමා ක්‍රියා කලේය. පාණ්ඩවයින් කුරුක්ෂේත්‍ර යුද්ධය ජයගෙන කුරු රටේ බලය පිහිටුවා ගත් පසු ක්‍රිෂ්ණා ද්වාරකාවට ආපසු පැමිණියේය. යාබද අධිපතියන් අතර වූ ගැටුම් නිසා ඇතිවූ ප්‍රශ්නයක් මත හේ වනයට පිටත් විය. ගසක් යට විවේක ගනිමින් සිටියදී වනයේ දඩයක්කරුවෙක් පඳුරු අස්සෙන් එතුමාව දැක සතෙකු යැයි සිතා හීයක් විද්ද අතර අවුරුදු 120ක් ආයු සම්පූර්ණව සිටී එතුමාගේ පාදයට එය වැදිනු බව සඳහන්වේ. එතුමාණෝ ඉන්පසු තමන්ගේ වෛකුණ්ඨ භවනය වෙත ආපසු සැපත් වූහ. අවසන් මොහොතේදී තමන් නොදැන කල වරදට සමාව දෙන ලෙස දඩයක්කරු ඔහුගේ දෑත් මතදී එතුමාගෙන් ආයාචනා කල අතර එතුමා ඔහුට කමා කල සේක.
 
== වෛෂ්ණව දර්ශනය සංක්ෂිප්තව ==
වෛෂ්ණව දර්ශනයේ මූලික හරය වන්නේ හිංසාව, අයුක්තිය,අධර්මය, අවනීතිය,අසාධාරණය,ආත්මාර්ථකාමීත්වය හා අසමානාත්මතාවය යන අධර්මයන් පරාජය කොට, අහිංසාව, යුක්තිය,ධර්මය,නීතිය,සාධාරණත්වය,පරාර්ථකාමීත්වය හා සමානාත්මතාවය යන ධර්මයන් ලොව ස්ථාපිත කළ යුතු බවයි.ඒ සඳහා අවස්ථානුකූලව ධර්ම යුද්ධයක් පවා සිදු කිරීමේ වරදක් නොමැති බව කුරුක්ෂේත්‍ර යුද්ධයේදී වාසුදේව් ශ්‍රී ක්‍රිෂ්ණා අවධාරණයප්‍රකාශ කර ඇත.අපරාධකරුවන්හට,එතුමන්ගේ අපරාධවලටදූත නිසිමෙහෙවර දඬුවම්වනුයේ විවාදයකින්ලොවට තොරවමබරක් ලබාවී දියඇති යුතුය.අධික එසේජන නොමැතිසංඛ්‍යාව පාලනය වූ විට චක්‍රයක් මෙන් අපරාධකරුවන් දිගින් දිගටම අපරාධකිරීමය.ක්ෂය සිදුකරතිකිරීමය. එය නැවැත්වීමසිදුකරන්නේ සඳහාකෲරතර අනිවාර්යයෙන්මඅධර්මිෂ්ඨයින් දඬුවම්නසා ලබා දිය යුතුයදැමීමෙනි."විෂ්ණු ධර්මයඑබැවින් අනුවපොළොවට අපරාධවලටබරක් දඬුවම්නොවී දීමෙන්ජීවත්වීමට අපරාධකරුට සිදුවන්නේමිනිසුන් අයහපතක්ක්‍රියා නොවේ.කල යහපතකියුතුවේ. මක්නිසාද, ශ්‍රී ක්‍රිෂ්ණා පවසා ඇති පරිදි අපරාධකරුට දඬුවම් දීමෙන් ඔහුට අපාගතවී දුක් විඳීමට සිදු නොවේ.මක්නිසාද ඔහුගේ පාපයේ වන්දිය එවිට ගෙවී අවසාන වන බැවිනි. අනාගතයේ බරපතල දුක් විඳිනවාට වඩා දැන් දඬුවමක් විඳීම හොඳය.."
අයුක්තිය,අධර්මය,අවනීතිය,අසාධාරණත්වය ලොව සැමදා නොපවතී. කවදා හෝ එහි අවසානය උදාවන දිනයක් පැමිණෙනු ඇත. ශ්‍රී විෂ්ණු දෙවිඳුන් මනුෂ්‍ය ලෝකයට පැමිණිනෙනුයේ මෙම අධර්මයන් පරාජය කොට ධර්මය ස්ථාපිත කිරීමටය. අයුක්තිය,අධර්මය,අවනීතිය,අසාධාරණය අවසාන වන දිනය එම දිනයයි. මිනිසා ස්වභාවධර්මය ඉක්මවා ක්‍රියා කරන විට විනාශය ලඟා කරගන්නා බව මෙහි දැක්වේ. මෙනයින් බලන විට මෙම ලෝකයේ කිසිදිනක ධර්මය සම්පූර්ණයෙන්ම නැතිව යාමට ශ්‍රී විෂ්ණු දෙවිඳුන් ඉඩ නොතබන බව පැහැදිලිවේ.
තවද ස්වභාවධර්මය පාලනය කරන්නා වශයෙන් විෂ්ණු දෙවිඳුන්ගේ දූත මෙහෙවර කුමක්ද යන්න එතුමා ශ්‍රී ක්‍රිෂ්ණා වශයෙන් උපත ලබා ප්‍රකාශ කර ඇත.එතුමන්ගේ දූත මෙහෙවර වනුයේ ලොවට බරක් වී ඇති අධික ජන සංඛ්‍යාව පාලනය කිරීමය.ක්ෂය කිරීමය. එය සිදුකරන්නේ කෲරතර අධර්මිෂ්ඨයින් නසා දැමීමෙනි. එබැවින් පොළොවට බරක් නොවී ජීවත්වීමට මිනිසුන් ක්‍රියා කල යුතුවේ.
අයුක්තියෙන් අධර්මයෙන් පාලනය කරන කුරිරු පාලකයින් ස්වකීය පාලනයෙන් ඉවත්කිරීම එතුමාගෙ එකම පරමාර්ථය බව දක්වා ඇත.එමෙන්ම කිසිවකුට විශේෂයක් හෝ වෙනස්කමක් නොකල යුතුය. සැමටම සමානව අපක්ෂපාතීව සැලකිය යුතුය.විෂ්ණු දෙවිඳුන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතු බව දේශනා කර ඇත.
''"මම කිසිවෙකුට ද්වේශ නොකරමි. කිසිවෙකුට පක්ෂපාතී ද නොවෙමි.මම සැමට සමානව සලකමි. නමුත් භක්තියෙන් මට සේවය කරන කවරෙකු වුවද ඔහු මාගේ මිත්‍රයෙකි. ඔහු මා තුළ පිහිටයි. මමද ඔහුට මිත්‍රයෙකි."'' - ශ්‍රී ක්‍රිෂ්ණා ( භගවත් ගීතාව.9;29)
 
භගවත් ගීතාව 5;7/8 ශ්‍රී ක්‍රිෂ්ණා මෙසේ පවසයි. "යදා යදා හි ධර්මස්‍ය -ග්ලානිර් භවති භාරත.. අභ්යුත්ථානම'ධර්මස්‍ය -තදා'තමානම් ඍජාමයහම්. පරිත්‍රාණාය සාධූනාම් -විනාශාය ච දුශ්කෘතාම්.. ධර්ම සංස්ථාපනාර්ථාය - සම්භවාමි යුගේ යුගේ...." අර්ජුන, යම් කාලයකදී ධර්මයේ පිරිහීයාමත්, අධර්මයේ නැගිටීමත් සිදුවේද, එකල්හී මම ආත්ම ස්වරූපයෙන් නැඟී සිටිමි.(මාගේ ස්වරූපය දක්වමි.) යහපත් මිනිසුන් ආරක්ෂා කිරීමටත්, අධර්මිෂ්ඨයන් හා එම ක්‍රියාවන් නැසීමටත්, ධර්මය ස්ථාපිත කිරීම සඳහාත්, මම යුගයක් යුගයක් පාසා මනුලොවට පැමිණෙන්නෙමි..
Line 173 ⟶ 144:
 
== විෂ්ණු දෙවිඳුන් හා ලංකාව ==
විෂ්ණු දෙවිඳුන් ලංකාව සමඟ සම්බන්ධ වන්නේ ත්‍රෙතා යුගයේදී ශ්‍රී රාම කුමරු ලෙස පැමිණ
විෂ්ණු දෙවිඳුන් ලංකාව සමඟ සම්බන්ධ වන්නේ ත්‍රෙතා යුගයේදී ශ්‍රී රාම කුමරු ලෙස පැමිණ අධර්මවාදී රාවණා නසා දැමීමෙනි. එකල රාම කුමරු ඇතුළු සේනාව ලංකාවට පැමිණීමට ගල් වැටි දමා සෑදූ පාලම ආදම්ගේ පාලමයි. සීතා සම්බන්ධ ප්‍රදේශ නාම රාශියක්ද ලංකාවේ ඇත. රාවණා විසින් සීතාව සිරකර තැබූයේ නුවරඑළියේ අශෝක වනයේය. හග්ගල උද්භිද උද්‍යානය වශයෙන් දැන් හැඳින්වෙන ස්ථානය එයයි. සීතාට රාවණාගේ සහචර ස්තිර්‍යක් විසින් දුන් අග්ගලා තැටිය ඇය විසිකර දැමූ බව සඳහන්‍ය. එම අග්ගලා වීසි කල ස්ථානය නිසා පසුකාලීනව අග්ගල- හග්ගල වූ බවට මතයකි.
 
සම්බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේදී බුදුන් වහන්සේ විෂ්ණු දෙවිඳුන්හට ලක්දිව ධර්ම ශාසනය ආරක්ෂා කරන ලෙසට පැවසූ බවත් ඒ අනුව වෙස්වලාගෙන පැමිණ විජය කුමරු ඇතුලු පිරිසට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළ බවත් මහාවංශයේ සඳහන් වේ. විෂ්ණු දෙවිඳුන් විසින් ලක්දිව බුදුසසුන ආරක්ෂා කරනු ලබන බවට බෞද්ධයන්ගේද පිළිගැනීමයි. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය සිංහල බෞද්ධයන්ද විෂ්ණු දෙවිඳුන්හට පුද පූජා පවත්වන ස්ථානයකි.
 
[[ප්‍රවර්ගය:හින්දු දෙවිවරු]]
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි