"මිනිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පරිවර්තනය
සුළු සංස්කරණය
59 පේළිය:
මිහිතලය මත මානවයාගේ බිහිවීම සිදුවී ඇත්තේ මීට වසර මිලියනයකට ආසන්න කාලයක සිටය.එනම් වර්තමානයේ ජීවත්වන හෝමෝ සේපියන්ස් සෙපියන්ස් මානවයා ගේ බිහිවීම සිදුවන්නේ මීට වසර මිලියනයකට පමණ පෙර සිටය.නූතන මානවයාගේ පැරණිතම ෆොසිල ශ්‍රී ලංකාවේ බලංගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇත.එම ෆොසිල මීට වසර 40000-30000 අතර පැරණි කාලයකට දිවයනබව මානව විද්‍යාඥයන් හා පුරා විද්‍යාඥයන් අවධාරණය කරයි.කෙසේ වෙතත් මානවයාගේ පරිණාමය මීට වඩා ඈත අතීතයට දිවයයි.මිනිසා අයත් මුල්ම ප්‍රිමාටා ගෝත්‍රයේ පූර්වජකයා මීට වසර මිලියන 65 පමණ පෙර සෙනොසොයික යුගයේදී බිහිවී ඇත.මෙම පූර්වජකයන්ගෙන් ටාසියර් හා ලීමර් යන ප්‍රිමාටාවන් පරිණාමයවී ඇත.මොවුන් රුක්වැසි වානරයන්විය.මෙම වානර පූර්වජකයන් එකල ඇතිවූ දේශගුණික හා කාලගුණික විපර්යාසනිසා වනගහනය අඩුවීම තැනිතලා වැඩිවීම ආදිය නිසා රුක්වැසි ජීවිතයෙන් තරමක් මිදී බිම්වැසි වානරයන් බවට පරිණාමය විය.මෙම බිම්වැසි වානරයන් අතරින් මානව පූර්වජකයන් බිහිවිය.ඔවුන් අනෙකුත් වානරයන්ට වඩා වේගයෙන් පරිණාමය වන්නට ඇතිබව විශ්වාස කෙරේ.
 
මීට වසර මිලියනයකට පමන පෙර නකලිපිතකස් නම් වානරයන් බිහිවිය ඔවුන් මානව පූර්වජකයන්ගේ මුල්ම අවධිය සටහන් කරයි.මීට වසර මිලියන 9 කට පෙර ඔරනොපිතකස්නම් වනරයන් බිහිවිය.මෙම වානරයන් රුක්වැසි ජීවිත ගතකලහ.සංචරනය සදහා පාද සතරම භාවිත කලහ.මුල්ම දෙපයින් ඇවිදියහැකි වානරයාලෙස සහෙලැන්ත්‍රොපස් නම් වානරයා මීට වසර මිලියන 7කට පමණ පෙර බිහිවී ඇත.මීට වසර මිලියන 6කට පෙර බිහිවූ ඔරොරින් නම් වානරයාද දෙපයින් ගමන්කලහැකි වානරයෙකි.මුල්ම මානවරූපී වානරයා ලෙස මීට වසර මිලියන 4.5 කට පමණ පෙර අාඩිපිතකස් නම් වානරයා බිහිවිය.මොවුන් මීට පෙර විසූ වානරයින්ට වඩා වැඩි කාලයක් දෙපයින් ගමන්කිරීමට හැකි වානරයන්විය.ආඩිපිතකස් නම් අර්ධ මානවයාට පසු බිහිවන ඔස්ට්‍රලෝපිතකස් මානවයා මානව පරිණාමයේ මුල් අවධිය සටහන් සුවිශේෂී මානව පූර්වජයෙකි.මෙම මානව පූර්වජකයන් මීට වසර මිලියන 4 කට පමණ පෙර මිහිතලය මත වාසයකර ඇත.මොවුන් අර්ධ ඍජු කාය විලාසයක් දැරීය.අඩිපිතකස්ට වඩා වැඩි කාලයක් දෙපයින් ගමන්කිරීමේ හැකියාව තිබිණ.ශාකභක්ෂණය වැඩි වශයෙන් සිදුකලද කුඩා සතුන්ද ආහාරයට ගෙන ඇත.දියුණු ස්නායු පද්ධතියක් හා වර්ධනයවූ මොළයක් මොවුන් සතුවිය.ආහාරවල කවච ඉවත්කිරීම ගෙඩි කඩා ගැනීම වැනි කරුණු සදහා දඩු මුගුරු භාවිතකර ඇත.මීලඟට මිහිමත බිහිවූ හෝමෝ හැබිලිස් නම් වානර රූපී වානරයා ඔහුට පෙර සිටි ඔස්ට්‍රලෝපිතකස්ට වඩා දියුණු මොළයකින් සමන්විතවිය.මොහු ශක්‍ය මානවයා හෙවත් හැකි මිනිසා යනුවෙන්ද හදුන්වයි.මොවුන්ගේ ආයුධ භාවිතය තරමක් දියුණුය.එයට හේතුව මොවුන් ක්‍රමයෙන් මාංශභක්ෂනයට වඩාත් නැඹුරුවීමයි.සතුන් දඩයම් කිරීමට සතුන්ගේ සම ගලවා ගැනීමට අස්ථි කොටස් පලා ඇට මිදුළු ආහාරයට ගැනීම සදහා සරල ගල් ආයුධ භාවිතා කරඇත.එසේම මානව භාෂාවේ උපත සිදුවී ඇත්තේ හෝමෝ හැබිලිස් මානවයාගේ යුගයේදීය.මොවුන්ට සුළු කථන හැකියාවක් පැවතී ඇතිබව මානව විද්‍යාඥයන් සනාථකරගෙන ඇත.හෝමෝ හැබිලිස් මානවයා මීට වසර මිලියන 2 කට පමණ පෙර මිහිමත වාසයකර ඇත.හෝමෝ හැබිලිස්ගෙන් පසු ඍජු මිනිසා නමින් හදුන්වන හෝමෝ ඉරෙක්ටස් මානවයා බිහිවිය.මොවුන් හෝදින් කය ඍජු ලෙස තබාගෙන සංචරණයවී ඇත.මොවුන් ගින්දර නිපදවා ගැනීම හා ආහාර පිස අනුභවකල ප්‍රථම මානවයන්විය.මීට පෙර විසූ මානව පූර්වජකයන් නොපිසිනලද අමු ආහාර අනුභව කළහ.මොවුන් තමන් දඩයම් කරගත් සතුන් ගිනිමැලයකට දමා පුළුස්සා ආහාරයට ගෙනඇත.එසේම මොවුන්ගේ ආයුධ භාවිතයද පෙර විසූ හෝමෝ හැබිලිස්ට වඩා දියුණු විය.මොවුන් උග්‍ර මාංශභක්ෂකයන්විය.මීලඟට මිහිතලය මත බලය පතුරුවන්නේ හෝමෝ නියැන්ඩතාල් මානවයාය.මොවුන් වත්තමාන මිනිසාට බොහෝ සමාන ලක්ෂණ දැරුවද ඉතා රළු පරළු ස්වභාවයක් දැරීය.මුල්වරට අඳුම් භාවිතා කරන්නේ මෙම නියැන්ඩතාල් මානවයා විසිනි.ඔවුන් තමන් ආහාර පිනිස මරාදැමූ සතුන්ගේ සම් ඇඳුම් ලෙස භාවිත කළහ.එවක පෘථිවිය මත පැවති අධික ශීත දේශගුණයෙන් මිදීමට ඔවුන්ට මෙම අඳුම් භාවිතය නිසා හැකිවිය.හොමෝ ඉරෙක්ටස්ට වඩා දියුණු මොළයක් මොවුන්ට තිබිණ.අයුධ භාවිතයද ඉතා දියුණු විය.විවිධ අයුරින් සකස් කල ගල් ආයුධ ඔවුන් භාවිත කරනලදී.මේවා තියුණු හා මුවහත් අවි ආයුධවිය.මොවුන් මීට වසර 50000 කට පෙර මිහිතලය මත වාසය කරඇත.මොවුන්ගෙන් පසු වර්ථමාන මිනිසා වන හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයා බිහිවෙයි.මොවුන් දඩයම් හා එඩේර යුග පසුකර ගොවි යුගයට අවතීර්ණවෙයි.දියුණු ශිෂ්ටාචාර ගොඩනගා ගැනීම මෙම මානවයා අතින් සිදුවිය.
 
== ජනාවාස හා ජනගහනය ==
"https://si.wikipedia.org/wiki/මිනිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි