"භාවනා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
බෞද්ධ භාවනා
9 පේළිය:
[[ප්‍රවර්ගය:බුදු දහම]]
 
බෞද්ධ භාවනා යනු තථාගත ධර්මය ඉගෙනගෙන, මතකයේ ඇති ධර්ම කොටස් තමන්ගේ උදාහරණ සහිතව මෙනෙහි කර අවබෝධ කරගැනීමටය. එසේ සමුදය වය දැකීමෙන් ලැබෙන සමාධියට ආර්ය සමාධිය කියනු ලැබේ. භාවනා වඩන විට මුල් කාලයේ දී විනාඩි කිහිපයක් වුව ද භාවනා කිරීම ප්ර මාණවත් වන අතර ඉන්ද්රි්ය වැඩිම නිසා කලක් යන විට ප්රීණතිය සුඛය සහිත සමාධීන් ලැබීමෙන් වැඩි වේලාවක් භාවනා වැඩිය හැක. භාවනාව හිඳින සිටින සක්මන් කරන නිදන ඕනෑම ඉරියව්වක කළ හැකිය. කලක් භාවනා කරණ විට ප්රීසතිය සුඛය ගලන සමාධීන් (ධ්යාදනයන්) ඇති වී ඇති වී අනිත්යල දුක්ඛ අනාත්ම ආදී ත්රිඕලක්ෂණයත්‍රිලක්ෂණය අවබෝධයෙන් ධර්මාවබෝධය ලැබිය හැක.
 
'''පංච උපාදානස්කන්ධය යනු කුමක් ද?'''
 
රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ කියලා උපාදානයට බඳුන් වෙන ස්කන්ධයන් පහක් තියෙනවා. සත්වයා කියලා හඳුන්වන්නේ මේ ස්කන්ධ පහට. උපාදාන කියන්නේ දැඩිව ගැනීම කියන අර්ථයෙන්. සංඛිත්තේන පංචූපාදානස්කන්ධා දුක්ඛා. මේ ස්කන්ධ පහේ පහළ වීම කියන්නේ දුක් කඳු පහක පහළ වීමට යි.
29 පේළිය:
මගේ කය, මගේ දුව පුතා ආදී වශයෙන් රෑපය මමය මගේය කියලා දැඩිව අල්ලාගෙන ඉන්නවා නම් රෑප උපාදානස්කන්ධයක් වෙනවා. ඒවාගේම මගේ සැපය, මගේ දුක ආදී වශයෙන් වේදනාව උපාදාන කරන විට වේදනා උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මගේ හැඳිනීම, මගේ මතකය, මගේ උගත් කම ආදී වශයෙන් සංඥාව උපාදාන කරන විට සංඥා උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මගේ පින, මගේ පව, මගේ රැකියාව, මගේ ලෝභය, මගේ ද්වේෂය, මගේ ප්ර්ඥාව, මගේ සතිය ආදී වශයෙන් සංස්කාර උපාදාන කරන විට සංස්කාර උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මට පේනවා, මට ඇසෙනවා, මම රස විදිනවා, මට දැනෙනවා ආදී වශයෙන් උපාදාන කරන විට විඤ්ඤාණ උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මේ ආකාරයට අපි ධර්මයක් මෙනෙහි නොකරන, භාවනාවක් නොකරන සෑම අවස්ථාවකම අවිද්යාාවත් තෘෂ්ණාවත් නිසා පංච උපාදානස්කන්ධයන් සකස් කරගන්නවා. ඒ ඒ ස්කන්ධයන් මොනවා දැයි මතකයේ තබාගෙන කාලයක් මෙනෙහි කරන විට පංච උපාදානස්කන්ධයන් පිලිබදව මනා අවබෝධයක් ලැබෙනවා. රාග ද්වේෂ මෝහ වැනි ක්ලේෂයන් අඩු විමක් ද අත්දැකිය හැකියි. විදර්ශනාව යනු පංච උපාදානස්කන්ධයන් අනිත්යව දුක්ඛ අනාත්ම අශුභ අසාර වශයෙන් යෝනිසෝ මනසිකාරය කිරීමයි, නුවනින් විමසීමයි. එය කළ යුතු අන්දම කෙටියෙන් විමසා බලමු,
 
'''1. අනිච්චානුපස්සනාව'''
 
1). දුක්ඛාර්ය සත්ය ය පිලිබද අවබෝධයක් ඇති වීමට, සිතේ සමාධියක් ඇති වීමට, ජාති ජරා ව්යා ධි මරණ දුක්ඛය කෙටියෙන් හෝ මෙනෙහි කරන්න. අපායේ ඉපදීම දුකක්. තමන් අපායේ ඉපිද ඇති බව ඇති පිළිගෙන තියුණු හුල් වලින් ඇනීම, අත්පා කැපීම, මස් ගැලවීම, ලෝදිය පෙවීම වැනි දුක් වලට තමා පත් වී ඇති බව මෙනෙහි කරන්න. ප්රේ්ත ලෝකයේ ඉපිද ගින්නෙන් පිච්චෙමින් අසූචි මළමුත්රා ආදිය අනුභව කරමින් අවුරුදු දහස් ගනන් දුක් වින්ද බව මෙනෙහි කරන්න. තිරිසන් අපායේ ඉපිද ගවයින් වැනි සතුන් වෙලා ජීවිත කාලයම බර වැඩ අරගෙන මැරූ අවස්තා වල ගලා ගිය ලේ මහා සාගරයේ ජලයට වඩා වැඩි බව මෙනෙහි කරන්න. මිනිසෙකු වශයෙන් ඉපිද කුඩා කල හෙලවෙන්නට වත් කථා කරන්නටවත් බැරිව දුක් වින්ද හැටි, ඉගෙනගන්න, රැකියාවල් කරන්න දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. අකීකරු දරුවන් ස්වාමි භාර්යාවන් නිසා දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. නොයෙක් රෝග වැළදී දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. පිළිකා අපස්මාර මොලේ ගෙඩි වකුගඩු රෝග වැනි දරැණු ලෙඩ තමාටත් ඕනෑම වෙලාවක හැදෙන්න පුළුවන් බව සිතන්න. වයසට ගිහින් ඉන්ද්රිබයයන් දුබලව එක්තැන්ව අවුරුදු ගණන් දුක් විදින්නට සිදු විය හැකි බව සිතන්න. දෙවියන්ට බොහෝ කල් ආයුෂ ඇති නමුත් දෙව්ලොව ද දුක් ඇත. දෙවියන් ද රාග ද්වේෂ මෝහ ගිණි වලින් දැවේ. දෙවියන්ට ද නොයෙක් රාජකාරීන් පැවරේ ඒවායින් වෙහෙසට පත් වූ විට දෙවියන් සුවදක් ආඝාණය කර මත් වේ. මත් වෙන්නේ දුක නිසාය. බඹලොව ද දුකකි. බ්රිහ්මයින්ට ද සෑම විටම ධ්යාසනයෙන් සිටීමට බැරි නිසා දෝමනස්සය ඇති වේ. බ්රයහ්මයින් ද චුත වී අපායට තිරිසන් ලෝකයට වැටේ. මෙසේ කෙටියෙන් දුක්ඛය මෙනෙහි කරන්න. (සතර අපායෙන් මිදීමට නම් චතුරාර්ය සත්යෙ අවබෝධ කර සෝවාන් ඵලයකට හෝ පත් විය යුතුය.)
49 පේළිය:
සාරාංශය
 
ජාති ජරා ව්යානධි දුක්ඛය කෙටියෙන් මෙනෙහි කරන්න. මරණ සතිය වඩන්න. සමුදය හෙවත් මනවඩනා රූපයන්ගේ සතුට සෙවීම නිසා මළ මිණියක් වැනි කුණු කයක් හටගන්නා හැටි මෙනෙහි කරන්න. අස්ථංගමය හෙවත් මනවඩනා රෑපයන්ගේ සතුට නොසෙවීම නිසා කුණ කය කවදා හෝ නිරෝධ වෙන හැටි මෙනෙහි කරන්න. අවසානයේ දී මේ දුක්ඛය කෙසේ හටගත්තේ දැයි තමාගෙන්ම විමසූ විට තණ්හාව භවය වැනි පිළිතුරු ලැබේ. චතුරාර්ය සත්යණයසත්‍ය අවබෝධ වේ.
 
'''2. ධාතු මනසිකාර භාවනාව'''
 
ධාතු කියන්නේ සත්ත්ව පුද්ගල නොවන හේතූන් නිසා හටගත් මූලද්රකව්ය් කියන අර්ථයෙන්. ධාතු මනසිකාරය වැඩිමෙන් අනත්ත හෙවත් තමාගේයයි කිසිවක් ගත නොහැකි බව අවබෝධ වෙනවා. අනත්තානුපස්සනාව වැඩේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ කියා ධාතු සයක් තිබෙනවා. පඨවි කියන්නේ තද ගතියට. ආපෝ කියන්නේ ඇලෙන වැගිරෙන ස්වභාවයට. තේජෝ කියන්නේ උෂ්ණත්වයට. වායෝ කියන්නේ සෙලවෙන ස්වභාවයට. හැම වස්තුවකම ධාතු සතරම තිබෙනවා. ඒ ඒ ධාතූන්ගේ අඩු වැඩි බව අනුව විවිධාකාර වස්තූන් ඇති වෙලා තියෙනවා.
66 පේළිය:
 
පියවර 1 - භාවනා කර පලපුරුද්දක් නැති කෙනෙකුට තමන් කළ දානමය පින්කම් (භික්ෂූන් වහන්සේලාට දුන් දානය හෝ තමන් දානයකට සහභාගි වූ අවස්තාවක්, දුගී මගී යාචකයින්ට දන් දුන් අවස්තාවන්, කඨින පින්කම් පිරිත් පින්කම්, සත්වයෙක්ව මරණයෙන් නිදහස් කරගැනීම ආදිය) සිහිපත් කරගෙන සිත එකග කරගන්න පුලුවන්. දන්දෙන්න අමාරුම දේ මොකක් දේ තණ්හාවයි. තණ්හාව තමයි දුක්ඛ සමුය කියන්නේ. තමන්ගේ ඡාග ගුනය සිහි කරගන්න. දෙයක් අත්හැරීමේ හැකියාව තමන්ටත් තියෙනවා කියලා සිතන්න. එතකොට ප්රීනතිය ප්රවමෝදය ඇති වෙලා සිත සමාධි වෙනවා.
 
පියවර 2 - දැන් ධාතු මනසිකාරය වැඩිය යුතුය.
 
අසූචි කියන්නේත් පඨවි ධාතුව. බාහිර අසූචි, අපි මම මගේ කියලා ගන්නේ නැහැනේ. බාහිර අසූචි පිළිකුලයි පඨවි ධාතුව මම නොවේ මගේ නොවේ, මේ කයේ කෙස් පිළිකුලයි පඨවි ධාතුව මම නොවේ, මගේ නොවේ යනුවෙන් මෙනෙහි කරන්න. මේ වගේ ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හෘදය වස්තුව අක්මාව ආදී අනෙක් කොටස් ගැනත් මෙනෙහි කරගෙන යන්න.
Line 86 ⟶ 87:
තමන් කළ දානමය පුණ්‍යක්‍රියා මෙනෙහි කරන්න. ඊලගට, ධාතු මනසිකාරය වඩන්න. කයේ පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතූන් බාහිර අසූචි වැනි පිළිකුල් දෙයක් සමග සංසංන්දනාත්මකව මෙනෙහි කර තමා නොවන බව අවබෝධ කරගන්න. සුභයි සුඛයි මගේ කියා ගැනීම නිසා ඇති වෙන මුසාවට ලැජ්ජා වෙනවා පිළිකුල් කරනවා යයි එය පහ කරන්න. නිවන පමණයි සත්යක යනුවෙන් සච්චාදිට්ඨානය මෙනෙහි කරන්න. අප්රකමාණව මෙත්තාව පතුරවන්න.
 
'''3. ආහාර සතර සහ දුක්ඛය'''
 
කබලිංකාරාහාර, ඵස්සාහාර, මනෝසංචේතනාහාර, විඤ්ඤාණාහාර කියා තණ්හාව නිසා හටගන්නා ආහාර වර්ග සතරක් තියෙනවා. ඵලයක් හෙවත් සසර පැවැත්මක් ඇති කරන නිසා ආහාර කියනවා.
Line 151 ⟶ 152:
(කෙනෙක් සමග අමනාප වූ විට, දොස් අහන්නට ලැබුණු විට, කායික පීඩාවක් ඇති විට නැවත නැවත ඒ අරමුණටම සිත යන්නේ ද්වේෂ සල්ලය නිසාය.)
 
'''4. දුක්ඛ පටිපදා දන්දාභිඥාව'''
 
4. දුක්ඛ පටිපදා දන්දාභිඥාව
 
ඉහත කාරණා දහය, එනම් කබලිංකාරාහාරය නිසා ඇති වෙන ගැටලුවට පිළියම් වශයෙන් දුක්ඛ පටිපදා දන්ධාභිඥාව තථාගතයන් වහන්සේ විසින් තෙවෙනි පටිපදා සූත්රථයේ වදාළ සේක. තෙවෙනි පටිපදා සූත්රතයේ වදාළ ආකාරය ආහාරයේ පටික්කූලතා සංඥාව, අසුභ සංඥාව, මරණ සංඥාව ආදී භාවනාවන් පළමුව වැඩිය යුතු ය.
174 පේළිය:
(මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යනු සතර අප්රමමාණයෝය. සතර අප්ර මාණයේ නිවන් දොරටුය. මෙත්තාවෙන් අප්රණමාණයට ගිය විට විඤ්ඤාණය අල්ලාගෙන සිටින රූප වේදනා සංඥා සංස්කාරයන්ගෙන් ගැලවී සිත විසංඛාරගත වේ. තණ්හාවන් ක්ෂය වීම නිවන බව අවබෝධ වේ.)
 
'''5. කරණීය මෙත්ත සූත්‍රය සහ ආර්ය මෛත්‍රී භාවනාව'''
 
බුද්ධ කාළයේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් වනගතව භාවනා කරන්නට විය. උන් වහන්සේලාට ඒ වනයේ විසූ අමනුෂ්‍යයන්ගෙන් නොයෙක් කරදර හිරිහැර විඳින්නට සිදු විය. පෙරළා පැමිණ තථාගතයන් වහන්සේ හමු වූ උන් වහන්සේලාට ආරක්ෂාව සඳහාත් නිවන් ලැබීම සඳහා කමටහන වශයෙනුත් මෙම කරණීය මෙත්ත සූත්රකය වදාළ සේක. කරණීය මෙත්ත සූත්රුය භාවන කළ උන් වහන්සේලා වස් අවසාන වීමටම පෙර අරහත්වයට පත් වූ සේක.
"https://si.wikipedia.org/wiki/භාවනා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි