"එමිල් ඩුර්කයිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
60 පේළිය:
පුද්ගලයෙකුගේ සංවර්ධනයට සමාජය විසින් හෝ එම ඒකක මගින් සිදුවන බාධාකාරී ක්‍රියාකාරකම් නිසා තම ජීවිතය පිළිබද ඇතිවන කළකිරීම හේතුවෙන් සිදුවන සියදිවි නසාගැනීම් මෙයට අයත්ය.උදාහරණ ලෙස වහල් සමාජවල වහල් හිමියන් විසින් වහලාගේන් අනුකම්පා විරහිතව වහල් සේවයේ යොදන අතර ඔවුන්ට කිසිදු නිදහසක් ලබා නොදෙයි.වහල් හිමියා විසින් වහලාගේ සියළු ක්‍රියාකාරකම් පාලනය කරන අතර ඇතැම්විට වහලාගේ මූලික අවශ්‍යතා පවා ඉටු නොවෙයි.වහලුන්ට ස්වාධීන තීරන ගැනීමට නොහැකිය.එවන් තත්වයන්හිදී වහලුන් විසින් සියදිවි නසා ගැනීමට පෙළඹේ.මෙයට සමානවම වැඩවසම් සමාජවල ප්‍රෙව්ණි දාසයන්ද කුලහීනයන් ද තමාට සමාජයෙන් ඇතිකරන පීඩනය හමුවේ සියදිවි නසාගනී.එසේම පුරුෂාධිපත්‍ය පවතින සමාජවල පීඩනයට පත්වන කාන්තාවන්ද මෙසේ සියදිවි නසාගනී.සමාජ ව්‍යුහයතුල පවතින එක් පීඩිත පාර්ශවයකට සිදුවන අසීමිත තාඩන පීඩන හිරිහැර මෙන්ම ඒවාට විරුද්ධව හඩනැගීමට පවතින සමාජ සංස්කෘතිය විසින් ඉඩත් නොලැබෙන විට එම පීඩනයෙන් මිදීමට කලහැකි එකමදෙය සියදිවි නසාගැනීම පමනක් බව ඔවුන්ට අවබෝධවේ.
== තෝටමවාදය ==
එමිල් ඩුර්කයිම් විසින් ආගමේ මූලික ස්වරූපය තෝටමවාදය ලෙස හදුන්වා දෙයි.තොටමයක් යනු ස්වශාව ධර්මයේ පවතින යමක් ශුද්ධ වස්තුවක් ලෙස සලකා වන්දනා කිරීමයි.මෙහිදී තොටමයට අධි අස්වාභාවික බලයක් පවතින බව විශ්වාස කෙරේ.ඩුර්කයිම් මෙම අදහස ඉදිරිපත් කරන්නේ ඔහු විසින් ඕස්ට්‍රේලියාවේ වාසය කරන අරුන්ටාවරු පිළිබද මානව විද්‍යාත්මක පර්යේෂණයක් කිරීමෙන් පසුවය.මෙවන් තොටමයකට උදාහරණලෙස සතෙක් සතකුගේ ඇට කැබැල්ලක් හෝ එවැනි ශරීර කොටසක් පැළෑටියක් මානව අස්ථි කැබැල්ලක් හෝ එවන් ශරීර අංගයක් දැක්විය හැක.මිනිසුන් එම තොටමයට අසීමිත බලයත් ඇතැයි සිතා එය වන්දනාමාන ගරුසත්කාර කිරීමට පෙළඹේ.මෙවන් තෝටම වන්දනයන් මිනිසුන් සාමුහිකව එක්වී සිදුකරනු ලබයි.ආගමේ මූලාරම්භය තෝටමවන්දනාව බව ඩුර්කයිම් පෙන්වාදෙයි.
 
 
 
"https://si.wikipedia.org/wiki/එමිල්_ඩුර්කයිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි