"කැතෝඩ කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු →‎සටහන
10 පේළිය:
කැතෝඩ කිරණ වලට එම නම ලැබී ඇත්තේ, ඒවා රික්ත නළයක ඍණ ඉලෙක්ට්‍රෝඩය හෙවත් කැතෝඩය මගින් විමෝචන වන බැවිනි. නළය තුළට ඉලෙක්ට්‍රෝන නිකුත් කිරීමට, ඒවා මුලින් ම කැතෝඩයේ [[පරමාණු]] වලින් වෙන් විය යුතුය. මුල් කාලීන ව [[ඇල් කැතෝඩ]] රික්ත නළ හෙවත් [[කෲක්ස් නළය|කෲක්ස් නළ]] වල, මෙය සිදු කරන ලද්දේ නළයේ අවශේප වායු අයනීකරණය කිරීමට ඇනෝඩය සහ කැතෝඩය අතර ඉහළ විද්‍යුත් විභවයක් යොදා ගනිමිනි; අයන විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ත්වරිත කළ අතර ඒවා කැතෝඩය සමග ගැටෙන විට ඉලෙක්ට්‍රෝන නිකුත් කෙරිණි. නූතන රික්ත නළ වල භාවිතා වන [[ත'මයන විමෝචනය|ත'මයන විමෝචනයේ]] දී, කැතෝඩය තැනී ඇත්තේ තුනී කම්බි [[විද්‍යුත් සූත්‍රිකාව|සූත්‍රිකාව]]කින් වන අතර ඒ හරහා ගමන් කරන විභේද කළ [[විදුලි ධාරාව]]ක් මගින් එය රත්වේ. සූත්‍රිකාවේ වැඩි වූ අහඹු තාප චලිතය මගින්, ඉලෙක්ට්‍රෝන සූත්‍රිකාවේ පෘෂ්ඨයේ සිට නළයේ හිස් ප්‍රදේශය වෙතට පලවා හරී.
 
ඉලෙක්ට්‍රෝන වලට ඇත්තේ ඍණ අරෝපණයක් බැවින්, ඒවා කතෝඩයෙන් විකර්ෂණය වී ඇනෝඩය වෙත ආකර්ෂණය වේ. ඒවා හිස් නළය හරහා ඍජු රේඛාවල ගමන් කරයි. ඉලෙක්ට්‍රෝඩ අතරට යොදන විභව අන්තරය මගින් ස්කන්ධය අඩු අංශු ත්වරිත කර වැඩි ප්‍රවේගයන්ට පත් කරයි.
 
=මූලාශ්‍ර=
"https://si.wikipedia.org/wiki/කැතෝඩ_කිරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි