"ප්‍රතිජීවක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Merged content from Antibiotics (Side effects) to here.
merged
3 පේළිය:
'''ප්‍රතිජීවක''' එසේත් නැත්නම් '''ප්‍රතිබැක්ටීරියක්''' යනු, බැක්ටීරියා වැඩීම ප්‍රතිෂේධ කරන හෝ [[බැක්ටීරියා]] මරා දමන හෝ කාරකයකි.<ref name="urlDorlands Medical Dictionary:antibacterial">{{cite web |url=http://www.mercksource.com/pp/us/cns/cns_hl_dorlands_split.jsp?pg=/ppdocs/us/common/dorlands/dorland/one/000005889.htm |title=Dorlands Medical Dictionary:antibacterial |work= |accessdate=2010-10-29|archiveurl = http://www.webcitation.org/5uJysabSO |archivedate = 2010-11-17|deadurl=no}}</ref>
මෙම පදය බොහෝ විට, ''ප්‍රතිජීවක(ය)'' යන පදය හා සමගින්, [[පර්යාය පදය|තුල්‍යාර්ථ]] ලෙසින් භාවිතා වෙයි. වර්තමානයේ, කෙසේවෙතත්, විවිධ බෝවෙන රෝග සඳහා හේතුවන කාරක පිළිබඳ වැඩි දැනුම සමග, ''ප්‍රතිජීවක(ය)'' යන්නෙන් අදහස් වන්නේ, [[ප්‍රති-දිලීර ප්‍රතිකාරය|ප්‍රති-දිලීර]] සහ අනෙකුත් සංයෝගද අඩංගු, පුළුල් [[ප්‍රතික්ෂුද්‍රජීවි]] සංයෝග පරාසයක්ය.
 
== සමස්ත විග්‍රහය ==
ක්ෂිරපායීන්ට එරෙහිව විශාල වශයෙන් විෂ සහගතවන ස්ට්‍රිචිනීන් හා ආසනික් වැනි රසායනික සංයෝග ප්‍රතිජීවක නාශක සොයාගැනීමට ප්‍රථම භාවිතා කරන ලදී. කෙසේ නමුත් පසුකාලීනව සොයා ගන්නා ලද ප්‍රතිජීවක ඖෂධ මගින් රෝගියා සදහා ඉතා කුඩා හෝ ඇතැම් අවස්ථාවලදී අහිතර කර ප්‍රතිවිපාක කිසිසේත් ලබානොදෙන අතර ඉලක්ක ස්ථානය වෙත ඉතා ඉහළ කාර්යක්ෂමතාවකින් ක්‍රියාකර ප්‍රතිඵල ලබාදේ. බොහොමයක් බැක්ටිරීයාවන්ට එරෙහි ප්‍රතිජීවක ඖෂධ මගින් වෛරස , දිලීර හෝ වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියාකාරිත්වයක් නොපෙන්වයි. බැක්ටීරියාවන්ට එරෙහි ප්‍රතිජීව ඖෂධ ඒවා ඉලක්ක කරන කෘත්‍ය අනුව වර්ගී කරණයකට ලක්කරනු ලබයි. වඩාත් පටු ක්ෂේත්‍රයකට විහිදී පවතින ප්‍රතිජීවක ඖෂධ (Narrow – spectrum) ග්‍රෑම් වර්ණකය මගින් වර්ණ ගැන්වෙන හෝ වර්ණ නොගැන්වෙන යන එක්තරා බැක්ටිරීයා කාණ්ඩයක් පමණක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාකාරී වේ. මේ අතර වඩාත් පුළුල් ක්‍ෂේත්‍රයකට විහිදී පවතින ප්‍රතිජීවක ඖෂධ (Broad – spectrum) මගින් වඩාත් පුළුල් ක්ෂේත්‍රයක බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියා කළ හැකිය.
 
එක් එක් ප්‍රතිජීවක ‍ඖෂධයක පරිසරය අදාල ආසාදනය පිහිටි ස්ථානය, ආසාදනය සිදුවූ ස්ථානයට ප්‍රතිජීවක ඖෂධයට ලගා වීමේ හැකියාව සහ අදාල ක්ෂුද්‍ර ජීවියාට ප්‍රතිජීවක ඖෂධය අක්‍රීය කිරීමට හෝ එරෙහිව ක්‍රියා කිරීමට ඇති හැකියාව අනුව නිර්ණය වේ. ඇතැම් බැක්ටීරියාවන්ට එරෙහි ප්‍රතිජීවක ඖෂධ මගින් බැක්ටීරියාවන් මරණයට පත් කරන අතර වෙනත් ප්‍රතිජීවක මගින් බැක්ටිරියාවල ගුණනය වීම වළක්වනු ලබයි.
 
මුඛ මාර්ගයෙන් ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම ඉතා පහසු වන අතර ඒවා රෝගය වඩාත් උත්සන්න වනාවූ අවස්ථාවන්හිදී ලබාදෙයි. වඩාත් පුළුල්ව සිරුර පුරාම විහිදී පවතින බැරෑරුම් ආසාදනයක් සදහා පුතිජීවක ඖෂධ ශිරා ගත කරනු ල‍ැබේ. ඇතැම් අවස්ථාවල දී ප්‍රතිජීවක ඖෂධ ඇස්වලට යොදන බින්දු හෝ ආලේපණයක් ලෙසට භාවිතා කෙරේ.
 
පසුගිය වසර කිහිපය තුළ සායනික භාවිතය සදහා අළුත් වර්ගවල ප්‍රතිජීවක ඖෂධ 3 ක් සොයා ගෙන ඇත. මෙමගින් පසුගිය වසර 40 ක කාලසීමාවක් තුළ අළුත් ප්‍රතිජීවක ඖෂධයක් සොයා නොගැනීමන් ඇතිවූ හිස්තැන පිරවුණි. මෙලෙස සොයා ගන්නා ලද නව ප්‍රතිජීවක ඖෂධ පහත සදහන් පරිදි කාණ්ඩ තුනකට බෙදා දැක්වේ.
#චක්‍රීය ලිපෝපෙප්ටයිඩ (ඩැප්ටොමයිසීන්)
#ග්ලිසිල්සයික්ලීන් (ටිග් සයික්ලීන්) සහ
#ඔක්සසෝලිඩිනෝන් (ලිනෙසොලීඩ්) ය.
ටිග් සයික්ලීන් යනු වඩාත් පුළුල් ක්ෂේත්‍රයකට ක්‍රියාකාරීවන ප්‍රතිජීවකයක් වන අතර අනෙක් වර්ග දෙක ග්‍රෑම් ධන බැක්ටීරීයාවන් මගින් සිදුවන ආසාදන සදහා පමණක් එරෙහිව ක්‍රියාකරයි. මෙලෙස නව ප්‍රතිජීවක ඖෂධ වර්ගවල සොයා ගැනීම අවශ්‍ය වනුයේ ප්‍රතිජීවක සදහා බැක්ටීරියාවන් ඇති කරගෙන ඇති ප්‍රතිරෝධීතාවයට එරෙහිව ක්‍රියාකිරීම සදහාය.
 
== ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/ප්‍රතිජීවක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි