"සෞඛ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
content copied from සෞඛ්‍ය
merged
2 පේළිය:
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලද නිර්වචනයට‍ අනුව, සෞඛ්‍ය යනු සම්පුර්ණ ශාරීරික මානසික හා සමාජීය නිරෝගි තාවයක් වන අතර රෝගයක් හෝ යම්කිසි දුබලතාවයක් නොමැති වීම පමණක් නොවේ. 1986 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නවීකරණය කරන ලද අර්ථ දැක්වීමකට අනුව සෞඛ්‍ය යනු එදිනෙදා ජීවිතයට සම්පතක් වන අතර ජීවත් වීමේ පරමාර්ථයම පමණක් නෙ‍ාවේ. තවද සෞඛ්‍ය යනු ශාරීරික ධාරීතාවයන් සමාජීය සහ පුද්ගල සම්පත් පිළිබද විග්‍රහ කෙරෙන ධනාත්මක සංකල්පයකි.
 
== සෞඛ්‍යයෙහි විවිධ අංශ ==
 
=== ශාරීරික සෞඛ්‍ය ===
ශාරීරික සෞඛ්‍ය යනු අඛණ්ඩ ව්‍යායාම, නිවැරදි ආහාර වේලක්, පෝෂණය සහ නිසි පරිදි විවේකයක් ලබා ගැනීම මගින් ශාරීරික වශයෙන් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමයි.
 
===උස===
උස යනු ජනගහනයක සෞඛ්‍ය තත්ත්වය පිලිඹිබු කරන ඉතා ශක්තිමත් දර්ශකයකි. උස කෙරෙහි එදිනෙදා ජීවන රටාව බලපාන අතර සෞඛ්‍ය තත්ත්වයෙහි හා පෝෂණ මට්ටමෙහි වැඩිදියුණු කිරීමක් මගින්ද එයට බලපෑමක් සිදුකළ හැකිවේ. උස කෙරෙහි පුද්ගලයෙකුගේ ජාන මගින්ද විශාල බලපෑමක් එල්ල කරයි. මිනිසාගේ වර්ධනය කෙරෙහි බලපාන සාධක සහ එහි බලපෑම් පිළිබදව සිදුකරන අධ්‍යනය ‘ඔස්කෝලොජි’ නම් වේ.
 
== මානසික සෞඛ්‍ය ==
මානසික සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ හැගීම් හා මානසික ක්‍රියාකාරීත්වයන් යහපත් මට්ටමක පවත්වා ගැනීම පිලිබදව ගොඩනැගුනු සංකල්පයකි. මේරියම් වෙබ්ස්ටර් විසින් විග්‍රහ කරන අන්දමට මානසික සෞඛ්‍ය යනු එදිනෙදා ජීවිත්වීමට අවශ්‍යතා සපුරා ගැනීමට හා සමාජයේ ක්‍රියාකාරී වීම සදහා පුද්ගලයෙකු සංජානනය හා හැගීම් භාවිතයට ගන්න‍ා හැගීම් හා මානසික නිරෝගිතාවය ගැන විග්‍රහ කෙරෙන තත්ත්වයකි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික සෞඛ්‍ය සදහා නිලතල නිර්වචනයක් නොමැත. මානසික සෞඛ්‍ය පිළිබද නිර්වචනයක් දීමේදි සංස්කෘතිකමය නිර්වචනයන් පුද්ගලානුරූපි තක්සේරු කිරීම් සහ විවිධ වෘත්තීය මට්ටමේ සිද්දාන්තයන් බලපෑමක් ඇති කරයි. පොදු වේ ගත් කළ බොහෝ විශේෂයන් එකග තාවයට පත්වී ඇති මතයක් නම් මානසික සෞඛ්‍ය හා මානසික රෝගය යනු එකිනෙකට තේරුමක් නොදෙන බවයි. වෙනත් ආකාරයකින් පැවසුව හොත් හදුනාගත් මානසික රෝගයක් නොමැති වීමට යහපත් මානසික සෞඛ්‍යක් ඇති බවට දර්ශකයක් නොවේ.
 
පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍ය යහපත් බවට දෘෂ්‍යමා‍න සාක්ෂියක් නොමැති වන්නේ පුද්ගලයා‍ කොතෙක් දුරට සාර්ථකව හා කාර්යක්ෂ්‍යමව තම එදිනෙදා කටයුතු සිදුකරන්නේ ද යන වගයි. යහපත් මානසික සෞඛ්‍යයක ලක්ෂණ වනුයේ තමාගේ හැකියාවන් පිලිබද විශ්වාසයක් තබා ගැනීම සමාන්‍ය මට්ටමේ ආතතියක් විදදරා ගැනීමට හැකියාවක් තිබීම ප්‍රශස්ථ මට්ටමකින් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට හැකිවීම, නිදහස් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීම, පසු බෑමකින් යළි සිටි තත්ත්වයට හෝ පත්වීමට හෝ අසීරු අවස්ථාවලින් යලි යතා තත්ත්වයට පත්වීම උදාහරණයක් ලෙස ගත හැක.
 
සමස්ථයක් වශයෙන් ගත් කල යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සදහා පුද්ගලයෙකු‍ෙ‍ග් මානසික ශාරීරික හා සමාජීය යන අංශ 3 හිම යහපත් ක්‍රියාකාරීත්වයක් එක්වර පවත්වා ගත යුතුය.
 
 
[[ප්‍රවර්ගය:සෞඛ්‍යය]]
"https://si.wikipedia.org/wiki/සෞඛ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි