"පුරාතන ඊජිප්තියානු ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
3 පේළිය:
යාච්ඤාව ඔස්සේ උදවු ඉල්ලීමෙන් හෝ මායාබලයෙන් ක්‍රියාකිරීමට අයැදීමෙන් හෝ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දෙවිවරුන් හා අන්තර්-සම්බන්ධතා පැවැත්වීමට එක් එක් පුද්ගලයින්ට හැකියාව පැවතිණි. මෙම ක්‍රියාමාර්ගයන් එකිනෙකට වෙනස් විභින්න ආකාරයක් ගත් නමුදු, උපචාරමය පූජාවිධි සහ ආයතන හා සමග දැඩි ලෙසින් බැඳී පැවතිණි. ඊජිප්තියානු ඉතිහාසය තුලදී ජනප්‍රිය ආගමික සම්ප්‍රදායයන් වඩාත් ප්‍රමුඛත්වයක් ලැබුවේ පාරාවෝවරයාගේ සමාජ තත්ත්වය හා පිලිගැනුම අවරෝධනයට පත්වීම හා සමගිනි. අනෙක් වැදගත් අංගයන් වූයේ මරණින් මතු ජීවිතය පිළිබඳ විශ්වාසය සහ [[පුරාතන ඊජිප්තියානු මිහිදන්කිරීමේ චාරිත්‍ර |අවමංග්‍යමය චාරිත්‍ර]] වූහ.
 
වසර 3,000 කට වඩා කාලයක් පැවති ඊජිප්තුවෙහි ප්‍රාග්ඉතිහාසය තුල පවා ආගමෙහි මූලයන් ගැබ්වී තිබුණි. කිසියම් විශේෂිත දෙවිවරුන්ගේ වැදගත් කම උච්චාවචනය වීම සහ ඔවුනතර පැවැති දුර්වාබෝධ සම්බන්ධතා විතැන්වීම අනුව ආගමික විශ්වාසයන්හී විස්තර කාලය අනුව වෙනස් විය. විවිධ කාලපරිච්ඡේදයන්හීදී, හිරු දෙවි [[රා (දෙවියා)|රා]], මැවුම්කාර දෙවි [[අමුන්]], මවු දෙවඟන [[අයිසිස්]] වැනි සමහරක් දෙවිවරුන් අනෙකුන්ට වඩා ප්‍රකට හෝ විශිෂ්ට හෝ වූහ. [[ආට්න්වාදය|දේවධර්මවේදයෙහි]] කෙටි කාලසීමාවක් තුලදී [[ඇකටාට්න්]] පාරාවෝවරයා විසින් ප්‍රඥාපනය කෙරුණු පරිදී, [[ආට්න්]] නම්වූ එක් තනි දෙවිවරයෙක් විසින් සාම්ප්‍රදායික දේවමණ්ඩලය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. පුරාතන ඊජිප්තියානු ආගම සහ මිථ්‍යාකථා සහ සබැඳි බොහෝ ලියැවිලි සහ සිහිවටන පවතින අතර, පුරාතන සහ නූතන සංස්කෘතීන් කෙරෙහි සැලකිය යුතු බලපෑම් සිදුකිරීමට එය සමත්වී ඇත. ඔවුන්ගේ [[ඊජිප්තියානු ආත්මය|ආත්මයන්]] මරණින් මතු නොනැසී පවත්වාගැනීමට ඊජිප්තියානුවෝ ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර, එය සඳහා සොහොන්ගෙවල් තැනීම, සොහොන් භාණ්ඩ සහ තැන්පත් කිරීම, දේහයන් සහ මළවුන්ගේ ආත්මයන් සංරක්ෂණය කර ගැනුමට පිදීම් සිදුකිරීම ආදිය කෙරිණි.
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඊජිප්තියානු_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි