"කැතෝඩ කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
4 පේළිය:
ඉලෙක්ට්‍රෝන සොයාගනු ලැබුවේ කැතෝඩ කිරණවල සංඝටක ලෙසිනි. 1897 දී බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ [[ජේ. ජේ. තොම්සන්]] විසින් කැතෝඩ කිරණ තැනී තිබුණේ පෙර හඳුනාගෙන නොතිබූ ඍණ ආරෝපිත අංශුවකින් බව සොයාගත් අතර එය පසුකලෙක "ඉලෙක්ට්‍රෝනය" ලෙස නම් කෙරිණි. [[කැතෝඩ කිරණ නළය|කැතෝඩ කිරණ නළ]] (CRT) වල දී නාභිගත කළ ඉලෙක්ට්‍රෝන ධාරාවක්, විද්‍යුත් හෝ චුම්භක ධාරාවක් මගින් උත්ක්‍රමය කර පැරණි රූපවාහිනී වල රූප තැනීමට යොදාගනියි. කැතෝඩ කිරණ සැදී ඇත්තේ ඍණ ආරෝපිත අංශුවලිනි.
==සටහන==
[[ගොනුව:Crookes tube2 diagram.svg|thumb||250px|right|රේඛචිත්‍රමය කෲක්ස් නළය, ඉහළ විභව අන්තර සැපයුමට සම්බන්ධ වි ඇති අයුරු පෙනේ. [[මෝල්ටා කුරුසය]]ට බාහිර විද්‍යුත් සම්බන්ධයක් නැත.]]
කැතෝඩ කිරණ වලට එම නම ලැබී ඇත්තේ, ඒවා රික්ත නළයක ඍණ ඉලෙක්ට්‍රෝඩය හෙවත් කැතෝඩය මගින් විමෝචන වන බැවිනි. නළය තුළට ඉලෙක්ට්‍රෝන නිකුත් කිරීමට, ඒවා මුලින් ම කැතෝඩයේ [[පරමාණු]] වලින් වෙන් විය යුතුය. මුල් කාලීන ව [[ඇල් කැතෝඩ]] රික්ත නළ හෙවත් [[කෲක්ස් නළය|කෲක්ස් නළ]] වල, මෙය සිදු කරන ලද්දේ නළයේ අවශේප වායු අයනීකරණය කිරීමට ඇනෝඩය සහ කැතෝඩය අතර ඉහළ විද්‍යුත් විභවයක් යොදා ගනිමිනි; අයන විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ත්වරිත කළ අතර ඒවා කැතෝඩය සමග ගැටෙන විට ඉලෙක්ට්‍රෝන නිකුත් කෙරිණි. නූතන රික්ත නළ වල භාවිතා වන [[ත'මයන විමෝචනය|ත'මයන විමෝචනයේ]] දී, කැතෝඩය තැනී ඇත්තේ තුනී කම්බි [[විද්‍යුත් සූත්‍රිකාව|සූත්‍රිකාව]]කින් වන අතර ඒ හරහා ගමන් කරන විභේද කළ [[විදුලි ධාරාව]]ක් මගින් එය රත්වේ. සූත්‍රිකාවේ වැඩි වූ අහඹු තාප චලිතය මගින්, ඉලෙක්ට්‍රෝන සූත්‍රිකාවේ පෘෂ්ඨයේ සිට නළයේ හිස් ප්‍රදේශය වෙතට පලවා හරී.
=මූලාශ්‍ර=
|