"මාතය (සංඛ්‍යාතය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Merged content from නියැදියක මාතය to here.
7 පේළිය:
==නියැදියක මාතය==
දත්ත සාම්පලක වැඩිම වාර ගණනක් හමුවන අංගය එහි මාතය නම් වේ. උදාහරණයක් ලෙස [1, 3, 6, 6, 6, 6, 7, 7, 12, 12, 17] නියැදියේ මාතය 6 වේ. නමුත් [1, 1, 2, 4, 4] දත්ත ලැයිස්තුවට අනන්‍ය වු මාතයක් නොමැත. මේ කරුණ ඔස්සේ අංක ගණිතමය මධ්‍යන්‍යයෙන් මාතය වෙනස් වේ.
[0.935..., 1.211..., 2.430..., 3.668..., 3.874...] ආකාරයේ සන්තතික ව්‍යාප්තියක් සඳහා මාතය පිළිබඳ සංකල්පය එහි මුල් ආකාරයෙන් භාවිතා කළ නොහැක. ඊට හේතුව එවන් ව්‍යාප්තිය ඕනෑම අගයක් එකවරක් පමණක් හමුවීමයි. මෙවන් විටෙක සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ ජාල රේඛයක් නිර්මාණය ‍වන ආකාරයට අදාල දත්ත අගයයන් සමදුර ප්‍රාන්තරවලට වෙන් කර ඒවා විවික්තකරණය කිරීමයි. මෙහිදී සිදු වන ක්‍රියාවලිය දත්ත අගයයන් ඒවාට අදාල ප්‍රාන්තරයන්හි මධ්‍ය ලක්ෂ්‍ය මඟින් ප්‍රතිස්ථාපනයට සම වේ. මෙසේ නිර්මිත ජාල රේඛයේ උපරිමයට අදාල අගය මාතය ලෙස ගනු ලැබේ. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නියැදි සඳහා මෙම ක්‍රියාවලියේ දී ප්‍රාන්තර පළල අනවශ්‍ය ලෙස කුඩා හෝ විශාල වූ විටhoiවිට ලැබෙන ප්‍රතිඵලය ප්‍රාන්තර පළලට සංවේදී වේ. අප භාවිතා කරන දත්ත සමූහයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සාපේක්ෂව සුළු ප්‍රාන්තර සංඛ්‍යාවක් තුළට ඇතුළත් වන පරිදි (ප්‍රාන්තර 5ත් 10ත් අතර සංඛ්‍යාවකට) සහ සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් එම ප්‍රාන්තරවලට පිටින් පවතින පරිදි ඉහත ක්‍රියාවලිය සිදු කිරීම සාමාන්‍ය ක්‍රමයයි. මේ සඳහා විකල්ප ක්‍රියා මාර්ගයකි. මදය ඝනත්ව ඇස්තමේන්තුකරණය. මෙහි දී සම්භාවිතා ඝනත්ව ශ්‍රිතයේ සන්තතික ඇස්තමේන්තුවක් ලැබෙන පරිදි නියැදි ලක්ෂ්‍ය එකට එක් කිරීමක් සිදු වන අතර ඒ ඔස්සේ මාතය සඳහා ඇස්තමේන්තුවක් ලබා ගත හැක.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/මාතය_(සංඛ්‍යාතය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි