"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
12 පේළිය:
මෙයින් විදහා දැක්වෙන්නේ, සාමාන්‍ය පුද්ගලයෙකු හට එවන් තත්ත්වයකට පැමිණීම උගහට බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තුලින් දැක්වෙතත්, පුරාතන යුගයෙහිදී මරණින් මතු ජීවිතය පිළිබඳව කිසියම් ආකාරයක හැඟීමක් පැවති බවයි. එය මෙසේ වන්නේ මරණයට පත් තැනැත්තේ විසින් එම ලොව කිසියම් කාර්යයක් කිරීමට හැකියාව තිබීම තුලින් පමණක් මරණින් මතු ලොවට ඇතුළත් වීමට සුදුසුකම් ලබන බැවිනි. [[පාරාවෝ|පාරාවෝවරුන්]] සඳහා මෙම වරප්‍රසාදය ලැබුනේ ජීවිතයෙහි ඔහුගේ භූමිකාව නිසා වන අතර, අනෙකුන් සඳහාද මරණින් මතු ලොව එවන් භූමිකාවක් තිබිය යුතු විය.
 
මුල් කාලීන රාජකීය සොහොන් ගෙවල් වල දක්නට ලැබුණු [[පුරාතන ඊජිප්තු සේවක බිලිපූජා |මිනිස් බිලිපූජාවන්]] වෙතින් මෙම මතය සනාථ වෙයි. බොහෝවිට මෙම පුද්ගලයන්ගේ භූමිකාව ලෙසින් අදහස් කෙරෙන්නට ඇත්තේ පාරාවෝවරයාගේ සදාකාලික ජීවිතයෙහිදී ඔහුට සේවය කිරීමය. අත්‍යන්තයෙහිදී, මිනිස් බිලි වෙනුවට [[උෂාබ්ටි|කුඩාප්‍රතිමා]] සහ බිතු සිතුවම් ආදේශ කිරීම ඇරඹුණි. <ref>සර්ජෝ ඩොනඩෝනි, ''දි ඊජිප්ෂියන්ස්'', (චිකාගෝ: [[චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය]], 1997) පි. 262</ref> මෙම කුඩා ප්‍රතිමාවන්ගෙන් සමහරක් තනන ලද්දේ කිසියම් පුද්ගලයන්ගේ රුව හා සමාන වන පරිදී විය හැකි අතර, එබැවින් ඔවුන්ගේ ජීවිත කෙළවර වූ විට පාරාවෝවරයා අනුගමනය කිරීමට ඔවුන්ට හැකි වන බවක් සිතන්නට ඇත.