"පුරාතන ඊජිප්තියානු අවමංගල්‍යමය චාරිත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
9 පේළිය:
 
ආදි කාලසීමාවෙහිදී දේහයන් මිහිදන් කරන ලද්දේ සරල, නොගැඹුරු අණ්ඩාකාර වළවල් තුල වන අතර, මිහිදන් භාණ්ඩ කිහිපයක් පමණක් භාවිතා කෙරිණි. සමහරවිට, එකම සෙහොනෙහි පුද්ගලයින් සහ සතුන් එකෙකුට වැඩි ගණනක් බහා ලන ලදි. කාලය ගතවත්ම, සෙහොන් වඩාත් සංකීර්ණවූ අතර, දේහයන් බහාලීමට වේවැල් පැසක් භාවිතා කරන ලද අතර, පසුව දේහය බහාලීමට ලී වලින් හෝ [[ටෙරකෝටා]] වලින් තැනූ මිනීපෙට්ටි භාවිතා කෙරිණි. ඊජිප්තියානුවන් අවසනට සැදූ සොහොන් ගෙවල්, ගලින් තැනූ දෙණ විය. මෙම සොහොන් තුල, ස්වර්ණාභරණ, ආහාර, ක්‍රීඩා භාණ්ඩ සහ උල් කල පතුරු වැනි මිහිදන් භාණ්ඩ තැන්පත් කෙරිණි.<ref> ෆ්‍රන්සුවේස් ඩූනන්ඩ් සහ රොජර් ලිච්ටෙන්බෙයාර්ග්, මමීස් ඇන්ඩ් ඩෙත් ඉන් ඊජිප්ට්, (ලන්ඩනය: [[කෝනෙල් විශ්වවිද්‍යාලය |කෝනෙල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය]], 2006), පි. 7 </ref>
 
මෙයින් විදහා දැක්වෙන්නේ, සාමාන්‍ය පුද්ගලයෙකු හට එවන් තත්ත්වයකට පැමිණීම උගහට බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තුලින් දැක්වෙතත්, පුරාතන යුගයෙහිදී මරණින් මතු ජීවිතය පිළිබඳව කිසියම් ආකාරයක හැඟීමක් පැවති බවයි. එය මෙසේ වන්නේ මරණයට පත් තැනැත්තේ විසින් එම ලොව කිසියම් කාර්යයක් කිරීමට හැකියාව තිබීම තුලින් පමණක් මරණින් මතු ලොවට ඇතුළත් වීමට සුදුසුකම් ලබන බැවිනි. [[පාරාවෝ|පාරාවෝවරුන්]] සඳහා මෙම වරප්‍රසාදය ලැබුනේ ජීවිතයෙහි ඔහුගේ භූමිකාව නිසා වන අතර, අනෙකුන් සඳහාද මරණින් මතු ලොව එවන් භූමිකාවක් තිබිය යුතු විය.
 
===ප්‍රාග්ඉතිහාසය, ආදිතම මිහිදන්කිරීම් ===