"පුරාතන ඊජිප්තු රාජකීය ධූරන්ධරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating interwiki links, now provided by Wikidata on d:q263595
පිටුව වෙනුවට ' hu:Ókori egyiptomi címek' ප්‍රතිස්ථාපනය කරමින්
ටැගය: 2017 source edit
1 පේළිය:
[[ඊජිප්තුව|ඊජිප්තියානු]] [[පාරාවෝ|පාරාවෝවරයෙකුගේ]] '''රාජකීය ධූරන්ධරය''' හෝ '''රාජකීය නියමාවලිය''' යනු පුරාතන ඊජිප්තුවෙහි රජුන්ගේ නම් තැබීමේ සම්මත පටිපාටියයි. ලෞකීක බලයද ශුද්ධවූ වික්‍රමයද එයින් සංකේතවත් වන අතර යම් අයුරකින් රජෙකුගේ රාජ්‍ය කාලය සඳහා [[මෙහෙවර ප්‍රකාශය]] ලෙසින්ද ක්‍රියා කරයි (සමහරවිටෙක රාජ්‍ය කාලය තුලදී එය වෙනස්වූ අවස්ථාද ඇත).
 
නම් පහකින් සමන්විතවූ සම්පූර්ණ ධුරන්ධරය, [[ඊජිප්තුවෙහි මධ්‍ය රාජධානිය|මධ්‍ය රාජධානිය]] වන තෙක් සම්මත භාවිතයට පත් නොවූ මුත් [[අයිගිප්ටස් (රෝමානු පළාත)|රෝමානු අධිරාජ්‍යය]] තරම් පසු කාලීන වන තෙක් භාවිතයෙහි රැඳිනි.
 
==හෝරස් නම== <!-- Template:Pharaoh Infobox links to this section -->
[[ගොනුව:Egypte louvre 290.jpg|thumb|[[ඩ්ජට්]]හි නම හා [[වාජට්]] හා ආශ්‍රයක් සමගින් අඩංගු වන සෙරෙක්යක් , [[ලූවර්]] හි ප්‍රදර්ශනයෙහි]]
<hiero>G5</hiero>
මෙම නම සාමාන්‍යයෙන්, ප්‍රාසාදයක ඉදිරිපස නිරූපණය කෙරෙන [[සෙරෙක්|සෙරෙක්යක]] ලියැවුනි. ප්‍රාසාදයක මෙම නිරූපණය තුල පාරාවෝගේ නම [[ඊජිප්තියානු චිත්‍රලේඛය|චිත්‍රලේඛ]] අනුසාරයෙන් ලියැවිනි. සාමාන්‍ය වශයෙන් උකුසු දෙවි [[හෝරස්]] ගේ රූපයක් එය මත හෝ එය අබියස ලැග සිටිනු දැක්විණි.
 
පාරාවෝගේ නම දැක්වුනු පැරණිතම ආකාරය මෙය වූ අතර, මෙහි සම්භවය [[ඊජිප්තුවෙහි පූර්ව-රාජවංශික යුගය|පූර්ව-රාජවංශික යුගයෙහිදී]] සිදු විය. බොහෝ පුරාණ පාරාවෝ වරුන් දැන සිටියේ මෙම ධුරන්ධරය අනුසාරයෙන් පමණි. [[හාතෝර්]] (හෝ හාතෝර්-[[අයිසිස්]])ගේ පුත්‍රයා හෝ, පසු කාලීනව ඔහුගේ මෑණියන්ගේ ප්‍රබල වෘෂභයා ලෙසින්ද හැඳින්වුනු, හෝරස්ගේ ලෞකික ප්‍රතිමූර්තිය ලෙසින් රජු සැලකිනි.
 
අවම වශයෙන් එක් ඊජිප්තියානු පාලකයෙකු හෝ, එනම් [[දෙවන රාජවංශය|දෙවන රාජවංශයෙහි]] [[සෙත්-පෙරිබ්සන්]] විසින්, හෝරස් වෙනුවට [[සෙට් (මිථ්‍යාවාදය)|සෙත්]] දෙවියන් භාවිතා කර ඇත්තේ, බොහෝවිට රට තුල අභ්‍යන්තර ආගමික බෙදීමක් තිබූ බවට ඉඟි පල කරමිනි. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ [[කසෙක්හෙම්වි]] විසින්, සෙට් සහ හෝරස් යන සංකේත දෙකම ඔහුගේ නම ඉහලින් තැබීය. ඉන්පසුව, පාරොවෝගේ නම අබියසින් හෝරස්ගේ රූපය සැමවිටම පෙන්වනු ලැබීය.
 
[[නව රාජවංශය]] පැවති සමය වන විට හෝරස් නම බොහෝවිට ලියැවුනේ සෙරෙක් විසින් වටකිරීම නොකරමිනි.
 
==නෙබ්ටි ("කාන්තාවන් දෙදෙන") නම== <!-- Template:Pharaoh Infobox links to this section -->
 
<hiero>G16</hiero>
''නෙබ්ටි'' නම (වචනානු. "[[කාන්තාවන් දෙදෙන]]") ආශ්‍රය වූයේ ඊනියා ඉහළ හා පහළ ඊජිප්තු "වංශාවලීමය" දේවතාවියන් හා සමගිනි:
* [[ගිජුලිහිණියා|ගිජුලිහිණියෙකු]] විසින් නිරූපණය කෙරුණු, ඉහළ ඊජිප්තුවෙහි ආරක්ෂක දෙවි, [[නෙක්බෙට්]], සහ
* [[නාගයා|නාගයෙකු]] විසින් නිරූපණය කෙරුණු, පහළ ඊජිප්තුවෙහි ආරක්ෂක දෙවි, [[වාජට්]].
 
[[පළමුවන රාජවංශය|පළමුවන රාජවංශයෙහි]] පාරාවෝ [[සෙමර්කෙට්]] විසින් මෙය පළමුවෙන්ම භාවිතා කෙරුණු බව සහතික වශයෙන් කිව හැකි වුවත්, එය පූර්ණ වශයෙන් ස්වායත්ත ධූරයක් වූයේ [[ඊජිප්තුවෙහි දොළොස්වන රාජවංශය|දොළොස්වන රාජවංශය]] පැවැති සමය වන විට පමණි.
 
මෙම නාමය සාමාන්‍ය වශයෙන් [[කාටූෂ්]] හෝ සෙරෙත් එකක් වෙතින් වටකිරීම සිදු නොවන අතර, එය සැමවිටම ඇරඹෙන්නේ [[ද්විත්ව (ව්‍යාකරණමය සංඛ්‍යාව)|ද්විත්ව]] නාමපදය "නෙබ්ටි" ඇඟවෙන, [[පැස (චිත්‍රලේඛය)|පැසි දෙකක්]] මත රැඳී සිටින ගිජුලිහිණියෙකු සහ නාගයෙකුගේ චිත්‍රලේඛයන්ගෙනි.
 
[[hu:Ókori egyiptomi címek]]
"https://si.wikipedia.org/wiki/පුරාතන_ඊජිප්තු_රාජකීය_ධූරන්ධරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි