"මී මැසි පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
175 පේළිය:
 
=නව මී මැසි ජනපද ඇති කිරීම=
[[File:Essaim d'abeilles en vol (modifiée).jpg|thumb|right|පහත වීමට ආසන්න මී මැසි රංචුවක්]]
 
සියලුම මී මැසි ජනපද සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ රැජින මතයි. බිත්තර දමන්නේ ඇය පමණී. කෙසේ වුවත් ඉතාම හොඳ තත්වයේ රජ මැස්සියක් පවා ජීවත් වන්නේ වසර කීපයක් පමණී. අවුරුද්දක් හෝ දෙකක් ජිවත් වීම සාමාන්‍ය නියමයයි. බිත්තර දමන අතරවාරයේදී ම එම බිත්තර සරු භාවයට පත්කරන්නේද නැද්ද යන්න තෝරා ගැනීමට රජ මැස්සියට හැකියාව තිබේ. එසේ කළහොත් එම බිජු වලින් වැඩකාර මැස්සියන් බිහි වේ. ඇය සරු බවට පත් නොවූ බිජුවක් දැමුවහොත් එයින් බිහි වන්නේ පිරිමි මැස්සෙකි. කුටියේ ප්‍රමාණය සළකා බලා කුමන ආකාරයේ බිත්තරයක් දමන්නේදැයි තීරණය කිරීමට රජ මැස්සියට පිලිවන. කුඩා කුටියක ඇය දමන්නේ සරු බිත්තරයකි. ඇයට විශාල කුටියක් හමු වුවහොත් ඇය එයට දමන්නේ සරු නොවූ පිරිමි මී මැස්සෙකු පිහි වන බිජුවකි.
203 පේළිය:
මී මැසි ජනපදයක් නිර්මාණය කිරීමට තීරණය කරන විට රැජින සඳහා කුටි දොළහක් හෝ ඊට වැඩියෙන් තනනු ලැබේ. මෙම රැජින පිලවුන්ට ආහාර සපයා දින 8 කට පසු පිලව් කෝෂ වසනු ලැබේ. ඉන් පසු නව රැජින කෝෂ අවස්ථවට පැමිනේ. ඉනුත් දින 7 කට පසු කුටියෙන් ඉවතට පැමිනේ. වෙනත් ස්ථානයක් කරා යාමට පළමුව මී මැස්සෝ උන්ගේ කුස මී පැණි වලින්පුරවා ගනිති. මෙසේ කරනුලබන්නේ නව ස්ථානයක අලුත් මී වද නිර්මාණය කිරීමට සූදානම් වීමක් වශයෙනි. මෙසේ මී පැණි රැගෙන යන අවස්ථාවේ උන් දෂ්ට කිරීමට පෙළඹෙන්නේ අඩුවෙනි. පැය 24 ක් යන තෙක් උන් මෘදු බවක් දක්වති. අත් වැසුම් හෝ මුහුණු වැසුම් නොමැතිව උන් සමග කටයුතු කිරීමට පාලකයාට පුලුවන.
 
[[File:Essaim d'''abeilles posé.JPG|thumb|left|අත්තක බැඳ තිබෙන මීයක්''']]
 
මෙම රංචු ව නැවතීමට තැනක් සොයති. මී මැසි පාලකයා මේ බව තේරුම් ගෙන උන්ට නිවහනක් සැපයිය යුතුය. එසේ නොවුනහොත් උන් පාලනය කිරීම අමාරු වෙයි. එසේ වූ විට උන් ගස් බෙනයක, ගල් බෙනයක හෝ වෙනත් එවැනි ස්ථානයක උන්ගේ නිවහනක් නිර්මාණය කර ගැනීමට පිටත්ව යති.
213 පේළිය:
මී මැසි උප විශේෂ හෝ එක් එක් වර්ගයාට ඔවුන්ටම ආවේනික එංචු වශයෙන් ඉවත් වී යාමේ ගති සිරිත් තිබේ. ඉතාලි මී මැස්සන් තම වර්ගයා බෝ වීම අතින් උසස් තත්වයක සිටින අතර, අලුත් ජනාවාස සොයා යාමට වැඩි නැඹුරුවක් දක්වති. උතුරු යුරෝපීය “කලු මී මැස්සන්” ඔවුන්ගේ පරණ රජ මැස්සිය ඉවත් කර නව රජ වැස්සියක් බිහි කිරීමේ වැඩි නැඹුරුවක් තිබෙන බව පෙන්වති.
 
'''=== කෘත්‍රිම ජනපද''' ===
 
කිසියම් ජනපදයක රජ මැස්සිය හදිසියේ අහිමි වන අවස්ථා තිබේ. කම්කරු මැස්සන්ට ඒ බව පැයකටත් අඩු කාලයකදී දැනෙන්නට පටන් ගනී. එසේ වන්නේ රජ මැස්සියගේ ෆෙරමොන් වල බලය අඩු වීම හේතුවෙනි. රජ මැස්සියක් විසින් පිලවුන් බෝ කිරීමකින් තොරව මී මැසි ජනපදයක් පවත්වන්නේ නැත. මෙවිට වැඩකාර මැස්සන් දින 3 කට වඩා අඩු වයසක් ඇති බිජු තිබෙන කුටියක් තෝරා ගෙන එය විශාල කරති. මෙය “හදිසි රැජින කුටිය” ලෙස හඳුන්වනු ලැබේ. මෙය විශාල රටකජු කෙඩියක හැඩය ගනි. අඟලක් පමණ දිගය. මෙය අනෙක් ළදරු මී මැස්සන් සිටින ප්‍රදේශයේ මැද හෝ කොනක එල්ලී තිබේ. මේතුල සිටින ළදරු මී මැසි රැජිනට අනෙකුත් සාමාන්‍ය ළදරු මැස්සන්ට වඩා වැඩි ප්‍රමාණයක ආහාර සපයනු ලැබේ. ඊට අමතරව රෝයල් ජෙලි නම් විශේෂ ආහාරයක් දෙනු ලැබේ. ඒ අනුව මෙහි සිටින පිලවා පසුව කෝෂ අවස්ථාවට පැමිණ කුටියෙන් ඉවතට එන්නේ මි මැසි රැජිනක් විලසිනි. මී මැසි ජනපදයක ඩිම්බ කෝෂයක් තිබෙන්නේ රජ මැස්සියට පමණී. ඇය ෆෙරමොන් නම් රසායන වර්ගයක් නිකුත් කරන අතර ඒ මගින් අනෙකුත් මැස්සියන්ගේ ඩිම්බකෝෂ වර්ධනය වීම අඩපණ කරයි.
"https://si.wikipedia.org/wiki/මී_මැසි_පාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි