"ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
==''''' )කම්කරු නීතිය හැඳින්වීම'''''==
 
කම්කරු නීතිය යනුවෙන් අදහස් කරනු ලබන්නේ සේව්‍ය-සේවක යන දෙපාර්ශ්වයේම වගකීම්, අයිතිවාසිකම් හා ගිවිසුම් පිළිබඳ නීතියයි. ඒ අනුව කම්කරු නීතියට පාදක වන්නේ සේව්‍ය-සේවක සම්බන්ධතාවයයි.
 
==''''' )කම්කරු නීතියේ ඉතිහාසය'''''==
 
18 වන ශතවර්ෂයේදී යුරෝපය තුළ ඇති වූ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට කම්කරු පන්තිය , වැටුප් ලබන පන්තිය හෝ වැඩ කරන පන්තිය යන විවිධ නම් වලින් හඳුන්වනු ලබන පිරිසක් බිහි විය. ශ්‍රමය පමණක් තම එකම සම්පත කොට ගත් ඔවුනට අතීතයේදී තම ශ්‍රමය සඳහා සාධාරණ මිලක් හෝ වටිනාකමක් ශ්‍රම වෙළඳපොළ තුළ හිමි වූයේ නැත. ඊට ප්‍රධාන ලෙසම හේතු වූයේ ඔවුන්ගේ ශ්‍රමය ලබා ගන්නා සේවායෝජකයින් ආර්ථිකමය වශයෙන් ප්‍රබල ස්ථානයක සිටීමත් ඔවුන් හා සාපේක්ෂව බලන කළ ශ්‍රමිකයින්ගේ කේවල් කිරීමේ ශක්තිය අඩු වීමත්ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සේවායෝජකයා විසින් නියම කරනු ලබන කොන්දේසි වලට යටත්ව තම ශ්‍රමය සැපයීමට ඔවුන්ට සිදු වූ අතර ඒ හේතුවෙන් කම්කරු ජනයාගේ ශ්‍රමය සූරා කෑමට ලක් විය. එම යුගයේදී යුරෝපීය රාජ්‍යයන් විසින් ගෙන ගිය නිර්බාධක ආර්ථික ප්‍රතිපත්තිය හේතුකොටගෙන කම්කරුවන්ට සිදු වූ අසාධාරණයන් අවම කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීමක් සිදු නොවූ හෙයින් කම්කරු පන්තිය දැඩි පිඩනයකට හසුව ජීවත් වූහ.
Line 10 ⟶ 9:
නමුත් පසුකාලීනව කාල්මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද දර්ශනයත් කම්කරුවන් ඒකරාශී වීමත් කම්කරුවන් වෙනුවෙන් සිදු කළ උද්ඝෝෂණත් හේතුකොටගෙන රජයන් සිය නිර්බාධක රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරමින් රටේ අඩු වරප්‍රසාද ලත් හෝ වරප්‍රසාද නොලත් ජනකොටස් පිළිබඳව සොයා බලා ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතු බව තේරුම් ගැනීමෙන් පසුව එම රාජ්‍යයන්ද සුභසාධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළහ. අඩු වරප්‍රසාද ලත් කොටසක් වූ කම්කරු පන්තිය බලවත් සේවායෝජකයින් හමුවේ විඳි දුක් කරදර තරමක් දුරට හෝ තුනී කරලීම සඳහා රජය විසින් සේව්‍ය-සේවක සම්බන්ධතාවයට මැදිහත් විය.මේ අනුව සේවා ගිවිසුමට බලපෑම් කිරීම සඳහා ක්‍රමක්‍රමයෙන් රජයන් විසින් සුභසාධන නීති පැනවීම ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරු නීතිය බිහි විය.
 
==''''') ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියක් බිහි වූ අන්දම'''''==
 
බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පසු ඔවුන් විසින් උඩරට ප්‍රදේශයන්හි ආරම්භ කළ වතු කර්මාන්තය හරහා මෙරට කාර්මික විප්ලවයක් සිදු විය. එම වකවානුවේදී වැවිලි කර්මාන්තය සඳහා අවශ්‍ය වූ කම්කරුවන් ලංකාවෙන් සොයා ගත නොහැකි වූ බැවින් දකුණු ඉන්දියාවෙන් අඩු කුලියට කම්කරුවන් ගෙන්වා ගන්නා ලදී. ඒ අනුව අප රටේ කම්කරු පන්තියක් ආරම්භ වූයේ දකුණු ඉන්දියානු කම්කරුවන්ගෙනි.ලංකාවට නිදහස ලැබී විවිධ කර්මාන්ත ආරම්භ කරන තෙක්ම බ්‍රිතාන්‍යයන් මෙම රටේ වෙනත් කර්මාන්ත බිහි කිරීමට උත්සුක නොවීම හේතුවෙන් බොහෝ කලක් යන තෙක් ලංකාවේ කම්කරු පන්තියේ වර්ධනයක් සිදු නොවීය.
Line 16 ⟶ 15:
මේ නිසා අප රටේ මුලින්ම ඇති වූ නීති කිහිපය පවා වතුකරයේ ඉන්දියානු කම්කරුවන්ට අදාළ ඒවා විය. මෙරට මුල්ම කම්කරු නීතිය පනවනු ලැබුවේ 1841 දීය. 1948ට පෙර මෙරට පනවා තිබුණේ කම්කරු නීති 18ක් පමණි. දැනට විවිධ අංශ ආවරණය කරමින් පනත් 600ක් පමණ කම්කරු නීතිය සම්බන්ධයෙන් පැනවී ඇත. මෙම නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා එවකට සිටියේ කම්කරු පාලකවරයෙකි. නමුත් අද ඒ වෙනුවට කම්කරු කොමසාරිස්වරයකු සිටී.
 
==''''') කම්කරු නීති වල අරමුණු'''''==
 
 
Line 40 ⟶ 39:
 
 
==''''') කම්කරු සබඳතා විධිමත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන කම්කරු නීති (ව්‍යවස්ථාපිත අණපනත්)'''''==
 
එක් එක් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විවිධාකාර වූ කම්කරු අණපනත් ක්‍රියාත්මක වේ.
Line 94 ⟶ 93:
 
 
==''''') කම්කරු නීති ක්‍රියාත්මක කිරීම'''''==
 
ඉහත දක්වන්නට යෙදුණු කම්කරු අණපනත් වල ඇතුළත් ප්‍රතිපාදන සේවායෝජකයින් විසින් නියමාකාරයෙන් ක්‍රියාත්මක කරයිද යන්න සොයා බැලීමේ කාර්යය පැවරී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවටය. එම කොන්දේසි හා නියමයන් උල්ලංගනය කරන්නන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම කම්කරු කොමසාරිස්වරයාගේ වගකීමකි. එම කොන්දේසි හා නියමයන් කැඩීම දඩ මුදලකට හා/හෝ සිරදඬුවමකට යටත් කළ හැකි වරදවල් ලෙස සැළකේ.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_කම්කරු_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි