"වාණිජ බැංකු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
61 පේළිය:
වාණිජ බැංකු පවත්වාගෙන යන සෙසු කාර්යයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.
 
01).<u>නියෝජිත සේවා</u>
 
වාණිජ බැංකු විසින් ඉතා පුළුල් පරාසයක ආයෝජන සේවා සපයනු ලැබේ. ගණුදෙනුකරුවන්ගේ නමින් ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ රැස්කිරීම, බැඳුම්කර කූපන් ගැනීම්-විකිණීම් සේවා, නව ව්‍යාපාර කොටස් අයදුම්පත් පිළිබඳ කටයුතු කිරීම යනාදී ආයෝජන සේවා සපයයි. වාණිජ බැංකු සිය ගණුදෙනුකරුවන් වෙනුවෙන් චෙක්පත්, බිල්පත්, පොරොන්දු නෝට්ටු රැස්කිරීම සහ විවිධාකාර ගෙවීම් සිදුකරයි. භාරකාරත්වය ඉසිලීම, උපදේශන සේවා සැපයීමද, වෙනත් බැංකු සහ මූල්‍ය ආයතන සඳහා ගණුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටීම වාණිජ බැංකු සපයන තවත් නියෝජිත සේවාවන්ය.
 
02).<u>පොදු උපයෝගීතා සේවා</u>
 
බැංකු අණකර, ණයවර ලිපි හා සංචාරක චෙක්පත් නිකුත් කිරීම, විනිමය බිල්පත් භාර ගැනීම, සුරැකුම්පත්, ස්වර්ණාභරණ, ලියකියවිලි, ඔප්පු, අන්තිම කැමති පත්‍ර, යනාදී වටිනා ද්‍රව්‍ය හා ලියවිලි ආරක්ෂා කරදීම, උකස් ණය සැපයීම හා ණය කාඩ්පත්, හර කාඩ්පත් යනාදිය නිකුත් කිරීම අයත් වේ. මීට අමතරව විදේශ විනිමය ගණුදෙනුවලට අදාල පහසුකම් සැපයීම, විදේශ වෙළඳ කටයුතු වලදී අවශ්‍ය පහසුකම් සැපයීම, තොරතුරු සේවා සැපයීමද ඉතා වැදගත් උපයෝගීතා සේවාවන් වේ.
"https://si.wikipedia.org/wiki/වාණිජ_බැංකු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි