"මාතර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted good faith edits by Sisirahb (talk): විශ්වකෝෂීය නොවන රචනය. (TW)
43 පේළිය:
 
==ඉතිහාසය==
මහා තෙර; මාතර වූ වගයි!
මාතර ජනවහරින් ද, ඇඳුමෙන් ද එයට ම අනන්‍ය වු නගරයකි. ඒ වත්මනෙහිය. මාතර පුරාකතාවන්ට අනුව ගමකි. එගමටද මාතර නමින් ගමට නමක් පටබැඳී ඇත්තේ දුරාතීතයේදී බව පැවසේ. එම ග්‍රාම නාම පුරාණයට අනුව වත්මනෙහි නිල්වලා ගඟ එයට බලපෑ ප්‍රධාන පරිසර හේතුව වේ. නිල්වලා ගඟ අතීතයේදී ප්‍රධාන තොටුපලක් ලෙස ප්‍රකටව ඇත.රට ඇතුලේ සිට ඔරු පාරු නැතිනම් පන්නම් වලින් නේක ද්‍රව්‍ය රැගෙන විත් මහා තොටින් හෙවත් මහා තෙරින් අලෙවිය පිණිස රාහිවී තිබේ. මෙලෙසින්ම මූදුකරයේ සිට නේක බඩුමුට්ටු රැගෙන මහා තෙරට හෙවත් මහා තොටමුණට පැමිණ ඇත. එසේ ආ වෙළෙඳ ඇත්තන් මේ තොටමුණ මහා තෙර නැතිනම් "මාතෙර" ලෙස හඳුන්වා තිබේ. එය තවත් කලක් බැහැරව වන විට මාතෙර යන්නට මාතර බවට පත්වීම නිසා "මාතර" ග්‍රාම නාමය ප්‍රකට වූ වග කියැවේ. එය වත්මනෙහි ග්‍රාමයක් නොව නගරයකි. එසේම මාතර කියූ විට නොදන්නා අයෙක් නැති තරම් ප්‍රකට නගරයකි.
සටහන - මහින්ද කුමාර දළුපොත
ජනශ්‍රැති පර්යේෂක
.............................................................................................................................
තවත් සටහනක්.....තොමසු පුරාණය නම් ග්‍රන්ථයට අනුව
මාතර පිහිටා ඇත්තේ පැරණි ක්‍රමයට
අනුව සියවැනි සැතපුම් කණුව සමීපයේය.
කඩවත් සතර,
වැල්ලබඩ පත්තූව,
ගඟබඩ පත්තූව,
වැලිගම් කෝරළය,
මොරවක් කෝරළය,
යන ප්‍රදේශවලින් යුතූ දකූණු
පළාතේ දෙවැනි උප නගරය මාතරයි.
මෙම නගරය මායිම්ව ඇත්තේ එක්
පසකින් ඉන්දියන් සාගරයෙන්
හා රක්වාන කඳුවැටියෙන් ආරම්භව
ගලාබසින “නිල්වලා” නදිය මධ්‍යගත
කොට ගෙනයි.
මාතර ජනාවාස ආරම්භය පිළිබඳව
සොයා බලන විට සොයාගත හැකි
කරුණක් නම්, ලම්භකර්ණ වංශිකයන්
පරදවා ක්‍රි.ව. 33-43
අනුරාධපුරයේ රජකම් කල ඉලනාග රජු
පසු කාලයේදි ලම්භකර්ණ
වංශිකයන්ගේ දැඩි උදහසට
ලක්වීමේ පසු ප්‍රතිථලයක් වශයෙන් මාතර
ප්‍රදේ්ශයේ කාලයක් වාසය කල බවයි.
පසු කලෙකදී ලම්භකර්ණයන්
පරදවා නැවත වරක් අනුරාධපුරය තම
රාජධානිය කරගත් සමයේ මාතර
පරුවතදේශයේ විසු නාග
වංශිකයෝ බලවත්ව සිටි බව ද
ඉතිහාසයේ සඳහන් වෙයි. ගම්පොළ
යුගයේ පස්වැනි බුවනෙකබාහු
(1371-1408) රජතූමාගේ පර ගමතිරාජ
පදවිය ලබා සිටි වීරබාහු ඈපා නම්
ලද්දෙකූ විසින් මාපා පටුන මාතර
නගරයේ ගොඩ නැංවු බවත්,
ආරම්භයේදී ‘මාතොට’ ‘මහතොට’
නමින්ද පසු කාලයේ ‘මහතිත්න’ නමින්ද
හැදින්වු බවත්,
අවසානයේ පෘතූගීසීන්ගේ වැරදි
උච්චාරණයක් නිසා මාතර නමින්
හැදින්වූ බවත්, ඵසේම කොළඹ සිට
පැමිණෙන මාර්ගයේ කළු ඟඟ තරණය
කරන කළුතොට තෙර වරාය, කළුතර
වශයෙන්ද, බෙන්තර ඟඟ තරණය කරන
බෙන්තොට, බෙන්තර වශයෙන්ද,
වැලිතොට වැලිතර වශයෙන්ද, මාතර
නිල්වලා ඟඟ තරණය කරන ‘මහතොට’,
‘මාතොට’ ‘මාතර’ වූ බවද කියවේ. යටත්
විජිත කාලයට පෙර සිටම මාතර විවිධ
ජාතීන් ඵකට විසු බවට ඉතිහාසයේ සදහන්
වේ.
පරෙයිදූව අද රන්දූව..
යටත් විජිත යුගයට පෙර
පොදුවේ දිවයිනේ අනෙකූත් ප්‍රදේශවල
මෙන්ම මාතර දේශයේද සාහිත්‍ය
ප්‍රබෝ්ධයක් තිබූ බවට
ඉතිහාසයේ සඳහන් වේ.
මේ සඳහා ප්‍රධාන කේන්ද්‍රස්ථානය
වී ඇත්තේ බෞද්ධ මධ්‍යථානයන්ය.
වීරබාහු ඈපාණන් විසින් මාපා පටුන
මාතර නගරයේ ගොඩනැංවීමට පෙර
දුර අතීතයේ සිටම ලෝක වෙළදපළ
හා සම්බන්ධතාවයක් තිබූ බවට සාක්ෂි
ලැබී ඇත. ග්‍රීක, රෝම හා පර්සියන්
ජාතිකයන්ට අයත් ජ්‍යත්‍යන්තර වෙළඳුන්
මෙම ප්‍රදේ්ශය හා සම්බන්ධ වූ බවට
සාක්ෂි ඇත.
18 වැනි සියවසේ මැද භාගයේ සිට 19
වැනි සියවසේ දෙවැනි දශකය තෙක්
රුහුණේ ජීවත් වූ ගජමන් නෝනා කිවිදිය
විසින් රචිත ‘දැඩිතර ශෝක මාලය’
නැමැති කෘතියෙන් 18 වැනි
සියවසේ මාතර පුරවරයේ තිබූ
වරප්‍රසාද, බලකොටු, පවුරු පදනම්, සල්පිල්
යනාදියෙන් පැවැති යැයි සදහන් වේ.උපුටා ගැනිම......
www.facebook.com/SUNDARAMATARA
..............................................................................................................
අපරැක්ක...........අපරැකු පුරවරය සුන්දර මාතර දිස්ත්‍රික්කයේ පිහිටි
ප්‍රධාන ගමක් වන අතර උඩ අපරැක්ක
සහ පහල අපරැක්ක ලෙස කොටස්
දෙකකින් යුතු වේ. මාතර
නගරයේ සිට 12km පමණ දුරින් මාතර යටියන ප්‍රධාන මාර්ගය දෙපස උඩ
අපරැක්ක හා පහල අපරැක්ක පිහිටයි.
ගමට අපරැක්ක යන නම ලැබී ඇති
ආකාරය සම්බන්ධව අතීත කතාවක්
පවතී. කලෙක දුටුගැමුණු
කුමරා යුද්ධයෙන් පැරදී පලාගොස්
වෙස් වලාගෙන මෙම
ප්‍රදේශයේ මහලු
මවකගේ නිවසෙහි සැඟව සිට
තිබේ. දිනක මහලු මව වෙස්
වෙලාගෙන සිටින එම
කොලුගැටයාට කෑමට හුන්සල් බත්
පින්ගානක් ලබාදී තිබේ. ඔහු එය
පිඟානේ තැනින් තැනින් කෑමට
පටන්ගෙන ඇති අතර එය දුටු මහලු මව
“උඹ හුන්සල් බත් කන්නේ හරියට
දුටුගැමුණු කුමාරයා යුද්ධ කරන්න
වගේ” යනුවෙන් පවසා ඔහුට
පිඟානේ කෙළවරක සිට කන ලෙස
අවවාද කොට තිබේ. මහලු
මවගේ වදන් හොඳින් අවබෝධ
කරගෙන හොඳින් හිතට ගත්
දුටුගැමුණු කුමරා එම නිවසින්
නික්මගොස් තිබේ.
එසේ ගිය ඔහු රටේ කෙළවරක සිට
පිළිවෙලකට යුද්ධ කර ජයග්‍රහණය
ලබා නැවත එම මහළු මව
මුණගැසීමට පැමිණ ඇයට
තමා දුටුගැමුණු කුමාරයා බව
පවසා ඇය දුන් අවවාදය
නිසා තමා යුද්ධය ජයග්‍රහණය කල
බවත් අපගේ රට
රැකගැනීමේ ගෞරවය ඇයට
හිමිවිය යුතු බවත් පවසා “ අප රැක්ක අම්මා” යනුවෙන් ඇයට පවසා ඇත.
පසුව එම ප්‍රදේශයද “අප රැක්ක”
ප්‍රදේශය ලෙසින් නම් කර
වර්තමානයේ “අපරැක්ක” ලෙසින්
භාවිතා වේ.
රාජ රාජ මහාමාත්‍ය වරුන්ට පවා ගුරුහරුකම් ලබාදුන් සිරුරේ ලේ ඇට මස් නහර පුරා දේශාභිමානී හැඟුම් ජනිත කරවන පුරවරයක් ලෙස මේ සොඳුරු මාතර පුරවරය විරාජමාන වන්නේය...උපුටා ගැනිම.....
SUNDARAMATARA
 
==සංචාරක ආකර්ෂණ==
"https://si.wikipedia.org/wiki/මාතර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි