"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
82 පේළිය:
ව්‍යාභිචාර තහංචිය යනු සමීපතම ලේ ඥාතීන් අතර විවාහ තහනම් වීමයි ලොකයේ දක්නට ලැබෙන සෑම සංස්කෘතියකම මෙය ක්‍රියාත්මක වෙයි
මෙ පිළිබදව අධ්‍යනය කිරීමේ දී එල් එච් මොගන් දක්වන්නේ මානව සමාජයේ මූලාරම්භයෙදී මානවයා එකම පවුලේ සහොදර සහොදරියන් මෙන්ම අනෙකුත් සමීපතම ඥාතීන් අතරපවා ලිංගික සබදතා පැවතුන බවයි මෙම සබදතානිසා බිහිවූ දරුවන් නොයෙකුත් අසාමාන්‍ය ශරීර ලක්ෂණ හා අසාමාන්‍ය මානසික ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග මෙට හේතුව සමීප ඥාතීන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතාබව ඔවුන් වටහා ගන්නට ඇත ක්‍රමයෙන් මිනිසා මෙය අපචාරී ක්‍රියාවක් ලෙස සලකා ලිංගික සංතර්පය ලැබීම ලේ ඥාතීන්ගෙන් විනිර්මුක්තව ලැබීටල පෙළබුනි ඒ අනුව ලේ ඥාතීන් අතර ලිංගික සබදතා අපචාරී හැසිරීමක් ලෙස පිළිගන්නට ඇත සෑම සමාජයකම පාහේ ව්‍යාභිචාරය බිදීම මහා පාපකර්මයක් ලෙ සලකනු ලබයි
=== ප්‍රේම සබදතා ===
ප්‍රේම සම්භන්ධතා මගින් විවාහ සහකරු තෝරාගැනීම නූතන සංකීර්ණ සමාජවල බහුල වශයෙන් සිදුවේ.බොහෝවිට මෙම තත්වය සංවර්ධි රටවල බහුලය.මෙහිදී විවාහ අපේක්ෂිත තරුණිය හා තරුණයා සමා කැමති තමාට ගැලපේ යැයි සිතන සහකරු/සහකාරිය තම අභිමතය පදරිදි තෝරාගනී.
 
=== යෝජිත විවාහ ===
යොජිත විවාහ ක්‍රමයේ දී විවාහ සහකරු සහකාරිය තොරාගැනීම සිදුකරන්නේ මනාල හා මනාලි පාර්ෂවයේ දෙමාපියන් ඥාතීන් හෝ භාරකරුවන් විසින්ය.මෙහිදී විවාහ අපේක්ෂිත ස්ත්‍රිය හෝ පුරුෂයාගේ අභිමතය සලකා බැලීම ඇතැම් සමාජවල ක්‍රියාත්මක වෙයි.කෙසේ වෙතත් මෙම ක්‍රමයේ දී වැඩි අවධානයට ලක්වන්නේ විවාහ අපේක්ෂිත ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ දෙමාපියන් ගේ ඥාතීන් ගේ හෝ භාකරුවන්ගේ අභිමතයයි.
 
=== බලහත්කාර විවාහ ===
මෙම විවාහ ක්‍රමයේ දී විවාහ අපේක්ෂිත ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ අභිමතයට පටහැනිව විවාහය සිදුකරයි.මෙය යොජික විවාහයට වඩා වෙනස් වන්නේ යොජිත විවාහ වලදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ දෙමාපියන්ගේ ඥාතීන්ගේ භාකරුවන්ගේ එකගත්වයකින් විවාහ අපේක්ෂක දෙපලගේද අනුමැතියට අනුව විවාහය සිදුවීමයි.එහෙත් බලහත්කාර විවාහ වලදී බොහෝවිට මනාලියගේ හෝ මනාලියගේ ඥාතිපාර්ශවයේද එකගත්වයකින් තොරව විවාහය සිදුවේ.මෙහි එක් ක්‍රමයක් වන්නේ ස්ත්‍රිය පැරගැනීමකට ලක්කර ඇගේ කැමැත්තේන් තොරව විවාහකර ගැනීමයි.ඇතැම් සමාජවල මෙය සංස්කෘතිකාංගයක් ලෙස පවතී.පුරුෂයෙක් විසින් තමා විවාහ කරගැනීමට අපේක්ෂිත තරුණිය පැහැරගෙන ගොස් ඇගේ කන්‍යාභාවය බිද පසුව විවාකර ගැනීමේ සිරිත් ඇතැම් ප්‍රාථමික සමාජවල සාම්ප්‍රායික අංගයක් ලෙස සිදුකරයි.කෙසේ වෙතත් මෙම බලහත්කාර විවාහ නූතන සංකීර්ණ සමාජ අනුමත නොකරන අතර නීතියෙන් දඩුවම් ලැබියහැකි වරදකි.
 
== විවාහයේ ආර්ථික කාර්‍ය ==
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි