"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
61 පේළිය:
=== සමාජීය සාධක ===
සමහර පුද්ගලයින්ට තමාට වඩා උසස් තත්වයක හෝ පහත් තත්වයක සිටින සමකරුවකු තොරාගැනීමට කැමැත්තක් දක්වයි.තවත් අයට අවශ්‍ය තමා හා සමාන සමාජීය තත්වයත් ඇති පුද්ගලයන් හා විවාහවීමටයි.බොහෝ සමාජයන්හි කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වන්නේ තමාට වඩා උසස් සමාජ මට්ටමක් ඇති පුරුෂයන් හා විවාහ වීමටයි බොහෝ සමාජයන්හි මනාලියට වඩා මනාලයා වයසින් වැඩිවිය යුතුබව පිළිගනී.

තම සහකරුවා තම සමූහයෙන්ම තෝරා ගැනීම අන්තර්ජන්‍යබවයි එනම් තම කුලය ගෝත්‍රය පන්තිය ජාතිය ගම ප්‍රදේශය ආගම සමූහය තුලින් පමණක් කාලත්‍රයා තොරා ගැනීමයි සමාන්‍ය යෙන් අන්තර්ජන්‍යබව විද්‍යානුකූලව ගතහොත් ඉතා නොගැලපෙන විවාහ ක්‍රමයකි එයට හේතුව එකම ජාන පරම්පරාවකින් පැවතඒම තුල යම් රෝගාබාධයන්ට ගොදුරු වියහැකි නිලීන ජාන ඉස්මතු වීම මගින් ජානමය ආබාධ ඇතිවේ දිරිඝ කාලයක් තිස්සේ අන්තර්ජන්‍යබව පැවතුන සමාජ සතුව බොහෝ ජානගත ආබාධ පවතිනබව විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත එසේම ඇතැම් ගෝත්‍රික සමාජ මිහිතලයෙන් සහමුලින්ම තුරන් වීමට අන්තර්ජන්‍යබව හේතුවී ඇත ඇතැම් වසංගත තත්ව වලදී ඔවුන්ට එම රෝගකාරක වෛරස හා සටන් කිරීමට ජානමය වශයෙන් ශක්තිමත් නොවීම හේතුවී ඇත

අන්තර්ජන්‍ය බවේ ස්වරූප කිහිපයක් පවතී
* කුල අන්තර්ජන්‍යබව
* පන්ති අන්තර්ජන්‍යබව
* ජාති අන්තර්ජන්‍යබව
* ගොත්‍රික අන්තර්ජන්‍යබව
කුල අන්තර්ජන්‍යබව පිලීබද අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන් දකුණු ආසියාතික සමාජය සංවිධානය වැදගත් වෙයි වර්ථමානයේ පවා කුල භෙදය තදින් ක්‍රියාත්මකවන ඉන්දියාව වැනි රටවල් සැලකුවහොත් අන්තර්ජන්‍යබව විවාහයේදී ප්‍රදාන වශයෙන් සොයාබලයි හැමවිටහ යුවතිපතින් දෙදෙනා සමකුලවීම අනිවාර්‍ය වෙයි එසේ නොවන විවාහ මහාසමාජ සංස්කෘතියේ පිළිගැනීමට ලක් නොවේ අතීතයේ කුල අන්තර්ජන්‍ය නොවන විවාහයක් සිදුකරගැනීමක් සිදුවුහොත් එම යුවතිපති දෙනොටම මාරක සංග්‍රහයකට නතුවීමට සිදුවිය වර්ථමාන ඉන්දියාවේ පවා ඇතැම් ග්‍රාමීය පෙදෙස්වල සංස්කෘතියට පටහැනිව විවාහවන යුවතිපතීන්ට සිදුවන්නේ ගම්මුන් අතින් මරනයට පත්වීමටයි මෙය ක්‍රියාත්මක වෙයි අතීතයේ ශ්‍රී ලංකාව තුලද කුල අන්තර්ජන්‍ය විවාහ පමණක් සිදුවූ අතර වරතමානයේ ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී අතීත ශ්‍රී ලංකාවේ කුල අන්තර්ජන්‍ය නොවන විවාහ සිදුකර ගැනීම මරණ දඩුවමට හෝ රොඩී රැහැට පන්නා දැමීමවැනි බරපතල දඩුවමක් ලැබිය හැකි වරදක් විය

පංති අන්තර්ජන්‍යබව බොහෝවිට ධනවාදී අර්ථකම පවතින සමාජ අතර පවතී ධනවාදී සමාජ ස්ථර කිහිපයකට බෙදී පවතී ඉහළ පංතිය ඉහළ මධ්‍යම පංතිය මධ්‍යම පංතිය පහළ මධ්‍යම පංතිය තුන්වන පංතිය හෙවත් දුප්පත් ජනයා අදී වශයෙන් ආදායම් විෂමතාව පදනම් කරගෙන බෙදීමක් පවතී බොහෝවිට ඔවුන් තම පංතියෙන් පිට විවාහ සිදුකර නොගනී මෙය පංති අන්තර්ජන්‍යබවයි

ජාති අන්තර්ජන්‍යබව යනු තමා අයත් ජාතියෙන් පිට විවාහ සම්භන්ධතා ඇතිකර නොගැනීමයි එක් රටක විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ජීවත් වුද තම ජාතියෙන් පිට විවාහ බොහෝ දුරට අල්පය විශේෂයෙන් දකුණු ආසියාව අරාබි කරය ආදී මෙය දක්නට ලැබේ

ගොත්‍රික අන්තර්ජන්‍යබව බවයනු තම ගෝතත්‍ර යෙන් පිට විවාහ සබදතා ඇතිකර නොගැනීමයි අපිකානු සමාජ අතර ඉන්දියානු ඇමරිකානු ඕස්ට්‍රේලියානු ආදී සමාජවල වෙසෙන ගොත්‍රිකයන් තම ගොත්‍රෙයන් පිට විවාහ සිදුකර නොගනී
=== ව්‍යාභිචාර තසංචිය ===
ව්‍යාභිචාර තහංචිය යනු සමීපතම ලේ ඥාතීන් අතර විවාහ තහනම් වීමයි ලොකයේ දක්නට ලැබෙන සෑම සංස්කෘතියකම මෙය ක්‍රියාත්මක වෙයි
මෙ පිළිබදව අධ්‍යනය කිරීමේ දී එල් එච් මොගන් දක්වන්නේ මානව සමාජයේ මූලාරම්භයෙදී මානවයා එකම පවුලේ සහොදර සහොදරියන් මෙන්ම අනෙකුත් සමීපතම ඥාතීන් අතරපවා ලිංගික සබදතා පැවතුන බවයි මෙම සබදතානිසා බිහිවූ දරුවන් නොයෙකුත් අසාමාන්‍ය ශරීර ලක්ෂණ හා අසාමාන්‍ය මානසික ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග මෙට හේතුව සමීප ඥාතීන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතාබව ඔවුන් වටහා ගන්නට ඇත ක්‍රමයෙන් මිනිසා මෙය අපචාරී ක්‍රියාවක් ලෙස සලකා ලිංගික සංතර්පය ලැබීම ලේ ඥාතීන්ගෙන් විනිර්මුක්තව ලැබීටල පෙළබුනි ඒ අනුව ලේ ඥාතීන් අතර ලිංගික සබදතා අපචාරී හැසිරීමක් ලෙස පිළිගන්නට ඇත සෑම සමාජයකම පාහේ ව්‍යාභිචාරය බිදීම මහා පාපකර්මයක් ලෙ සලකනු ලබයි
== විවාහයේ ආර්ථික කාර්‍ය ==