"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ඡායාරූපයක් එක්කිරීම
64 පේළිය:
ව්‍යාභිචාරය යනු විවාහ සහකරු තම සමීපතම ලේඥාතීන් ගෙන් තෝරා ගැනීමයි.මෙම විවාහ බොහො සමාජවල දක්නට නොලැබේ.එනම් ව්‍යභිචාර තහංචිය බොහෝ සමාජවල ක්‍රියාත්මකවේ ඒ අනුව පියා හා දියණිය මව හා පුතා එක්කුස උපන් සහොදර සහෝදරියන් අතර විවාහය තහංචිය කෙසේ ඇතැම් රාජකීයයන් අතර මෙවන් විවාහ සිදුවූ බව සදහන්ය උදාහරණ ලෙස ටූටන් කාමන් රජපෙළපතේ සහෝදර සහොදර්යන් අතර විවාහ සිදුවී ඇත මහාවංශයේ සදහන් වන ආකාරයට සිංහභාහු හා සිංහ සීවලී යන එකුකුස උපන් කුසඹුරුවන් අතර විවාහයක් සිදුවී ඇත ඊඩිපස් පුරාවෘතයට අනුව මව හා පුතා අතර විවාහ සිදුවී ඇත කෙසේ වෙතත් මෙවන් විවාහ සමාන්‍ය ජනයා අතර සිදු නොවූ බව සදහන්වේ එවන් විවාහ බොහෝ සමාජවල බරපතල පාපයක් ලෙස සලකයි.කෙසේ වෙතත් ලේ ඥාතීන් උවත් තරමක් දුර ඥාතීන් අතර විවාහ බොහෝ සමාජවල සිදුවේ.අකුණු ඉන්දීය දෙමළ ජනයා අතර ඇතිවන මාමා ලේලී විවාහ එනම් තම වැඩිමල් සොහොයුරියගේ දුව විවාහ කරගැනීම දැක්විය හැක.මීට අමතරව ඇවැස්ස ඥාතීන් අතර සිදුවන විවාහ බහුලව පවතී.මානව හා සමාජ විද්‍යාඥයන්ට අනුව ලොව පුරා සිදුවන විවාහවලින් 80% මෙවන් ඇවැස්ස ඥාති විවාහයන්ය.නමුත් වර්ථමාන විද්‍යාත්මක දියුණුවත් සමග මෙවන් විවාහයන්හි බරපතලබව වටහා දීමත් සමග දියුණු සමාජ මෙම විවාහ ක්‍රමයෙන් ඈත්වෙමින් පවතී.කෙසේ වෙතත් තවමත් සාම්ප්‍රධායිකත්වය ගරු කරන ගතානුගතික සමාජයන්හි මේ තත්වය තවමත් පවතී.

== විවාහයේ ආර්ථික කාර්‍ය ==
== විවාහය හා බැදුන සංකල්ප ==
=== අඹුමිල ===
පිරිමියකු පිට සමූහයකින් විවාහයක් කර ගැනීමේදී ඹහු විසින් කාන්තාවගේ සමුහයට කරනු ලබන ගෙවීම අඹුමිලයි මෙම ක්‍රමය ක්‍රියාත්මකවෙන සමාජ වලට උදාහරණ ලෙස ගුසී ඔබැම්හෝ විම්බු හෝපි අම්බා නූවර් නවාජෝ ටිවි නයාකුසා සමාජ දැක්විය හැත
77 පේළිය:
විවාහවන අවස්ථාවේ මනාලියගේ පාර්ෂවයෙන් යුවතිපතීන් හට ලබාදෙන තෑග්ගක් ලෙස සැළකිය හැක මෙම ක්‍රමය මගින් යුවතිපති දෙදෙනාගේ ඉදිරි ජීවිතය යහපත් කරගැනීමට රුකුල් වන ලෙස දෙනු ලබන ප්‍රාග්ධනයකි එසේම සැමියා මියයැමකදී බිරිදට තනිව නැගීසිටීමට මෙය රැකුලක් වේ මෙම ක්‍රමය ආසියාතික හා යුරොපීය රටවල දක්නට ලැබේ මෙම ක්‍රමය තරමක් පීඩාකාරී සංස්කෘතිකාංගයක් ලෙස අතීත ලාංකික සමාජයේ හා වර්ථමනයේ පවා ඉන්දියාවේ දක්නට ලැබේ මෙමගින් දැඩිලෙස මනාලියගේ පාර්ෂවයට පීඩා ගෙන දුනි ඉන්දියාව වැනි රටවල පොරොන්දු වූ ලෙස දෑවැද්ද නොලැබුන හොත් විවාහය කඩා දැමීමට හෝ මනාලිය මරා දැමීමට පවා පෙළඹෙන අවස්ථා දැකිය හැක

=== අන්තර්ජන්‍යබව ===
තම සහකරුවා තම සමූහයෙන්ම තෝරා ගැනීම අන්තර්ජන්‍යබවයි එනම් තම කුලය ගෝත්‍රය පන්තිය ජාතිය ගම ප්‍රදේශය ආගම සමූහය තුලින් පමණක් කාලත්‍රයා තොරා ගැනීමයි සමාන්‍ය යෙන් අන්තර්ජන්‍යබව විද්‍යානුකූලව ගතහොත් ඉතා නොගැලපෙන විවාහ ක්‍රමයකි එයට හේතුව එකම ජාන පරම්පරාවකින් පැවතඒම තුල යම් රෝගාබාධයන්ට ගොදුරු වියහැකි නිලීන ජාන ඉස්මතු වීම මගින් ජානමය ආබාධ ඇතිවේ දිරිඝ කාලයක් තිස්සේ අන්තර්ජන්‍යබව පැවතුන සමාජ සතුව බොහෝ ජානගත ආබාධ පවතිනබව විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත එසේම ඇතැම් ගෝත්‍රික සමාජ මිහිතලයෙන් සහමුලින්ම තුරන් වීමට අන්තර්ජන්‍යබව හේතුවී ඇත ඇතැම් වසංගත තත්ව වලදී ඔවුන්ට එම රෝගකාරක වෛරස හා සටන් කිරීමට ජානමය වශයෙන් ශක්තිමත් නොවීම හේතුවී ඇත

අන්තර්ජන්‍ය බවේ ස්වරූප කිහිපයක් පවතී
* කුල අන්තර්ජන්‍යබව
* පන්ති අන්තර්ජන්‍යබව
* ජාති අන්තර්ජන්‍යබව
* ගොත්‍රික අන්තර්ජන්‍යබව
කුල අන්තර්ජන්‍යබව පිලීබද අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන් දකුණු ආසියාතික සමාජය සංවිධානය වැදගත් වෙයි වර්ථමානයේ පවා කුල භෙදය තදින් ක්‍රියාත්මකවන ඉන්දියාව වැනි රටවල් සැලකුවහොත් අන්තර්ජන්‍යබව විවාහයේදී ප්‍රදාන වශයෙන් සොයාබලයි හැමවිටහ යුවතිපතින් දෙදෙනා සමකුලවීම අනිවාර්‍ය වෙයි එසේ නොවන විවාහ මහාසමාජ සංස්කෘතියේ පිළිගැනීමට ලක් නොවේ අතීතයේ කුල අන්තර්ජන්‍ය නොවන විවාහයක් සිදුකරගැනීමක් සිදුවුහොත් එම යුවතිපති දෙනොටම මාරක සංග්‍රහයකට නතුවීමට සිදුවිය වර්ථමාන ඉන්දියාවේ පවා ඇතැම් ග්‍රාමීය පෙදෙස්වල සංස්කෘතියට පටහැනිව විවාහවන යුවතිපතීන්ට සිදුවන්නේ ගම්මුන් අතින් මරනයට පත්වීමටයි මෙය ක්‍රියාත්මක වෙයි අතීතයේ ශ්‍රී ලංකාව තුලද කුල අන්තර්ජන්‍ය විවාහ පමණක් සිදුවූ අතර වරතමානයේ ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී අතීත ශ්‍රී ලංකාවේ කුල අන්තර්ජන්‍ය නොවන විවාහ සිදුකර ගැනීම මරණ දඩුවමට හෝ රොඩී රැහැට පන්නා දැමීමවැනි බරපතල දඩුවමක් ලැබිය හැකි වරදක් විය

පංති අන්තර්ජන්‍යබව බොහෝවිට ධනවාදී අර්ථකම පවතින සමාජ අතර පවතී ධනවාදී සමාජ ස්ථර කිහිපයකට බෙදී පවතී ඉහළ පංතිය ඉහළ මධ්‍යම පංතිය මධ්‍යම පංතිය පහළ මධ්‍යම පංතිය තුන්වන පංතිය හෙවත් දුප්පත් ජනයා අදී වශයෙන් ආදායම් විෂමතාව පදනම් කරගෙන බෙදීමක් පවතී බොහෝවිට ඔවුන් තම පංතියෙන් පිට විවාහ සිදුකර නොගනී මෙය පංති අන්තර්ජන්‍යබවයි

ජාති අන්තර්ජන්‍යබව යනු තමා අයත් ජාතියෙන් පිට විවාහ සම්භන්ධතා ඇතිකර නොගැනීමයි එක් රටක විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ජීවත් වුද තම ජාතියෙන් පිට විවාහ බොහෝ දුරට අල්පය විශේෂයෙන් දකුණු ආසියාව අරාබි කරය ආදී මෙය දක්නට ලැබේ

ගොත්‍රික අන්තර්ජන්‍යබව බවයනු තම ගෝතත්‍ර යෙන් පිට විවාහ සබදතා ඇතිකර නොගැනීමයි අපිකානු සමාජ අතර ඉන්දියානු ඇමරිකානු ඕස්ට්‍රේලියානු ආදී සමාජවල වෙසෙන ගොත්‍රිකයන් තම ගොත්‍රෙයන් පිට විවාහ සිදුකර නොගනී
=== ව්‍යාභිචාර තසංචිය ===
ව්‍යාභිචාර තහංචිය යනු සමීපතම ලේ ඥාතීන් අතර විවාහ තහනම් වීමයි ලොකයේ දක්නට ලැබෙන සෑම සංස්කෘතියකම මෙය ක්‍රියාත්මක වෙයි
මෙ පිළිබදව අධ්‍යනය කිරීමේ දී එල් එච් මොගන් දක්වන්නේ මානව සමාජයේ මූලාරම්භයෙදී මානවයා එකම පවුලේ සහොදර සහොදරියන් මෙන්ම අනෙකුත් සමීපතම ඥාතීන් අතරපවා ලිංගික සබදතා පැවතුන බවයි මෙම සබදතානිසා බිහිවූ දරුවන් නොයෙකුත් අසාමාන්‍ය ශරීර ලක්ෂණ හා අසාමාන්‍ය මානසික ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග මෙට හේතුව සමීප ඥාතීන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතාබව ඔවුන් වටහා ගන්නට ඇත ක්‍රමයෙන් මිනිසා මෙය අපචාරී ක්‍රියාවක් ලෙස සලකා ලිංගික සංතර්පය ලැබීම ලේ ඥාතීන්ගෙන් විනිර්මුක්තව ලැබීටල පෙළබුනි ඒ අනුව ලේ ඥාතීන් අතර ලිංගික සබදතා අපචාරී හැසිරීමක් ලෙස පිළිගන්නට ඇත සෑම සමාජයකම පාහේ ව්‍යාභිචාරය බිදීම මහා පාපකර්මයක් ලෙ සලකනු ලබයි
== මූලාශ්‍ර ==
* කුමාර හේමන්ත (2013) සමාජ විද්‍යව මූලික සංකල්ප න්‍යාය හා ක්‍රමවේදය විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි