"සුන්වොන් අගබිසව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
ඇය අන්දොං කිම් වංශයේ කිම් ජෝ-සුන් (김조순, 1765–1832)ගේ දියණියයි. ඇගේ මව සිම් වංශයේ (심씨) ආර්යාවකි.
 
1802දී, ඇයව [[ජෝසුන්හි සුන්ජෝ රජ|ජොසොන්හි සුන්ජෝ රජුට]] විවාහ කොට දෙන ලදී. ඇය ඔහුගේ පළමු සහ එකම අගබිසව වූවා ය. 1834දී ඇගේ සැමියා මියගිය හෙයින්, ඇය අට වියැති සිය මුණුපුරා වූ [[ජෝසුන්හි හොන්ජොං රජ|හොන්ජොං රජු]] වෙනුවෙන් උපරාජයා ලෙස කටයුතු කළා ය. රාජධානියේ දේශපාලන බලය ඇගේ පවුල වූ අන්දොං කිම් වංශය අත රැඳිණි. නමුත් 1840දී, එම බලය රජුගේ මවගේ පවුල වූ පුංග්යැං ජෝ වංශයට පත් වූයේ [[1839 කතෝලික හිංසා කිරීම|1839 කතෝලික හිංසා කිරීමෙන්]] පසුවයි.<ref>{{cite web|last=|first=|title=::: කල්චරල් හෙරිටේජ්, ද සෝස් ෆෝ කොරියන්ස්’ ‍ස්ට්‍රෙංත් ඇන්ඩ් ඩ්‍රීම් :::|url=http://jikimi.cha.go.kr/english/royal_palaces_new/Heonilleung.jsp?mc=EN_05_02_05|work=කොරියාවේ සංස්කෘතික උරුම පරිපාලනය|accessdate=2 සැප්තැම්බර් 2013|date=}}</ref> නමුත් ඇගේ මුණුපුරා 1849දී මිය යාමත් සමග, ඇය නැවත වරක් උපරාජයා (regent) බවට පත් විය.
 
1857 සැප්තැම්බර් 21වන දින [[චංදොක්ගුං|චංදොක් මාලිගය]] තුළ දී ඇය අවසන් හුස්ම හෙළුවා ය.
 
ඇයව මරණින් පසු "සුන්වොන්සුක්සුන්වොන් සුක් අධිරාජිනිය" (순원숙황후) යන ගෞරව නාමයෙන් හැඳින්විණි.
 
==දරුවන්==
[[ජෝසුන්හි සුන්ජෝසුන්ජොං රජ|ජොසොන්හි සුන්ජෝසුන්ජොං රජුට]] දාව සුන්වොන් අගබිසව දරුවන් පස්දෙනකු බිහිකළා ය. ඇගේ වැඩිමහල් (සහ ජීවත් වූ එකම) පුත්‍රයා ඇතුළු ඔවුන් මෙසේ ය:
*[[කිරුළහිමි හ්යෝම්යොං කුමරු]] (효명세자, 1809–1830)<ref>ඔහුට "ඉක්ජොං" (익종) යන නාමය ලබාදෙන ලදී</ref>
*ම්යොංගොන් කුමරිය (명온공주, 1810–1832)
*බොකොන් කුමරිය (복온공주, 1818–1828)
*නොහඳුනන කුමරෙක් (1820–?)
*දොකොන් කුමරිය (덕온공주, 1828–1844)
 
==මූලාශ්‍ර==
{{Reflist}}
 
== බාහිර සබැඳි ==
"https://si.wikipedia.org/wiki/සුන්වොන්_අගබිසව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි