"බිල් ක්ලින්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ජනාධිපතිවරු ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:ජනාධිපතිවරු - අ.එ.ජ. එක් කරන ලදී. [[විකිපීඩියා:HOTCAT...
No edit summary
44 පේළිය:
 
 
1946 අගෝස්තු මස 19 වන දින උපත ලැබූ බිල් ක්ලින්ටන් ඇමරිකාවේ 42 වන ජනාධිපති ධූරය හෙබවීය. ඒ 1993 සිට 2001 වසර දක්වායි. ඔහු තෙවන ලාබාලතම ජනාධිපතිවරයා වූ අතර තෙඹඩෝර් රූස්වෙල්ට් හා ජෝන් එෆ් කෙනඩිට වඩා වැඩිමහළු විය. සීතල යුද්ධය අවසානයේ දී ජනාධිපතිධූරයට පත් වූ බිල් ක්ලින්ටන් උපත ලබා තිබුණේ ද II වන ලෝක යුද්ධය අවසාන වූ කාලසීමාවේය. එබැවින් ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ උපත ලැබූ මුල්ම ජනාධිපතිවරයා ලෙස නම් දැරීය. හෙතෙම නිව්හිටපු යෝර්ක්රාජ්ය සෙනෙට්ලේකම් සාමාජික හා 20082016 ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂක හිලරි රොබාට්රොඩෑම් ක්ලින්ටන්ගේ ස්වාමි පුරුෂයා වේ.
 
නව ප්‍රජාතනත්‍රවාදියෙක් හා තෙවන දාර්ශනික පාලනයක් ගෙන ගිය පාලකයෙකු ලෙස ක්ලින්ටන්ව විස්තර කළ හැකිය. ඔහුගේ පාලන කාලසීමා දෙකෙහිදී ම මේ බව මැනවින් පිළිඹිබු වේ. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ එකඟතාවය හා ශුභ සිද්ධිය ගොඩනැංවීමේ දී ඔහුගේ ප්‍රතිපත්ති මත ඔහුව මැදහත් දේශපාලන මත දරන්නෙකු ලෙස හඳුන්වන ලදී. සාමය පවතින කාලයේ ඇමරිකානු ඉතිහාසයේ විශාල කාල පරාසයක් පුරාවට ආර්ථිකමය ප්‍රසාරණයක් ඇති කිරීමට ක්ලින්ටන් මුලසුන ගෙන කටයුතු කරන ලදී. ඒ සඳහා සමතුලිත අය වැයක් හා වාර්තාගත ෆෙඩරල් ලාභයක් පවත්වා ගැනීමට ඔහු සමත් විය. ඇමරිකානු එක්සත් ජනපදයේ මන්ත්‍රී මණ්ඩලයේ ගිණුම්කරණ නීති පදනම් කර ගනිමින් ක්ලින්ටන් තම ජනාධිපතිධූරයේ අවසාන භාගයේ වාර්තාගත ලෙස ඩොලර් බිලයන 559 ක ලාභයක් හිමිකර දීමට සමත් විය. ඩිමොක්‍රටික් කොංග්‍රසය සමඟ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙහි ලා වූ අසාර්ථක වෑයමේ දී සිවු වසරක කාලයක් පුරාවට ප්‍රථම වරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ පාලනය හිමි කරගන්නා ලදී. ක්ලින්ටන්ගේ දෙවැනි කාලය සමයේ දී හෙතෙම ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලය විසින් බලවත් දෝෂාරෝපණයට ලක් කරන ලදී. ඒ සාධාරණත්වයේ නාමයෙන් බොරුකීම හා බාධා පැමිණවීම් අරමුණු කොට ගෙනය. නමුත් පසුව ඇමරිකානු එක්සත් ජනපදයේ සෙනෙට් සභාව විසින් ඔහුව එකී චෝදනාවලින් නිදහස් කළ අතර ඔහුට තම ජනාධිපතිධූර කාල සීමාව සම්පූර්ණ කිරීමේ හැකියාව ද හිමි විය.
"https://si.wikipedia.org/wiki/බිල්_ක්ලින්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි