"උදවු සාකච්ඡාව:සංස්කරණය" හි සංශෝධන අතර වෙනස්කම්

== වීගන් (Vegan of Veganism) ==
 
වීගන් යනු සියලු සත්ත්ව නිශ්පාදන වලින් ඉවත්ව පූරණ නිර්මාංශ වීමයි. නිර්මාංශ වීම පමණක් නොව මොවුන් සියලු සත්ව හින්සනයන්ටද එරෙහි වෙයි. මෙහිදී වීගන් අයගේ දැක්ම වන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා සතුන් අවභාවිතා නොකලයුටතු යන්නයි. මෙහිදී මොවුන්ගේ ආහාර රටාව සියලු සතුන්ගේ කිරි, බිත්තර, චීස් ආදියෙන් බැහැරවේ. එසේම මොවුන් සම් භාණ්ඩ හා ලොම් භාණ්ඩ වලින් මෙන්ම සතුන් යොදා පර්යේෂනපර්යේෂණ කරන ලද ආලේපන වර්ග ආදියෙන්ද ඉවත්වේ. සරලව දැක්වුවහොත් මොවුන් සතුන්ට හිංසා පමුනුවන සහ සතුන්ගේ නිදහස ඇතුළු අනෙකුත් අයිතීන් උල්ලංඝනය වන සියලුම ක්‍රියාකාරකම් වලින් ඉවත් වීමට උත්සාහ කරයි. මෙසේ සත්ත්ව හිංසනයට එරිහිවීම පමණක් නොව තවත් නොයෙක් හෙතූන් නිසාවෙන් වීගන් වූවන් සිටි. මස් මාංශ සහ කිරි කර්මාන්තයේදී සිදුවන පරිසර හානිය මෙසේ වීගන් දිවියක් කරා යොමු වීමට තවත් ප්‍රධානතම හේතුවකි. සමහරුන් සෞක්‍යයමය හෙතූන්මතද වීගන් ආහාර රටාවකට හුරුවේ. කෙසේවෙතත් බහුතරයක් වීගන් පුද්ගලයින් සතුන්ගේ යහපැවැත්ම සහ පාරිසරික බලපෑම යන හෙතුන් ද්විත්වයම වෙනුවෙන් මෙසේ සිදුකරයි.
 
වීගන් යන යෙදුම 1944 දි ඩොනල්ඩ් වොට්සන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මුලදී වීගන් යන්න කිරි භාවිත නොකරන්නාවු නිර්මාංශිකයන් යන අර්ථය ලද අතර පසුකාලිනව අවිහින්සාවාදී අර්ථය එක් විය. 21වන සියවසේදී මෙම සංකල්පය වඩාත් ප්‍රචලිත වූ අතර මේ වන විට සියලුම සත්ත්ව නිශ්පාදනයකටම පාහේ වීගන් ආදේශකයක් ඇත.
 
වීගන් ආහාර වේලක ආහාරමය තන්තු, මැග්නීසියම්, ෆෝලික් අම්ලය, විටමින් සී, විටමින් E, යකඩ, සහ ශාක රසායනික ද්‍රව්‍යය අනූනව පවතින අතර ශක්තිය, සංතෘප්ත මේදය, කොලෙස්ටරෝල්, ඔමෙගා 3 මේද අම්ල, විටමින් D, කැල්සියම්, සින්ක්, විටමින් B12 ආදිය යම්තාක් දුරට අවම වේ. නමුත් සුලු අවධානයක් යොමු කර ලබාගන්නා වු සමබල වීගන් ආහාර වේලකින් යමෙකුට අවශ්‍යය වන සියලු පෝෂණ අවශ්‍යතාවයන් සපුරාගත හැකි බව නවතම පර්යේෂණ වලින් තහවුරු කර ඇත. ගර්භණී කාලයේ හෝ ළදරු වියේ වුවද වීගන් වීමේ කිසිඳු ගැටලුවක් නොමැති බවද මේවන විට පෙන්වා දී ඇත.

සංස්කරණ

3

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/384921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි