"ටෙඩී විද්‍යාලංකාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
104 පේළිය:
ඔහුගේ එම සුවිසල් ගෝල පරපුරේ නම් දරූ පුද්ගලයන් ලෙස මාක් සැම්සන්, රාජු ගමගේ, සරත් සිල්වා, [[වසන්ත කුමාරවිල]] ඒ අතරින් ප්‍රධානයි. අලුත් පරපුරේ සටන් ශිල්පීන් ලෙස කුමාර තිලකරත්න, ජීවක ගමගේ. විරාජ් අසංක, රංගන තරංග යනාදීන් සඳහන් කළ හැක.
 
 
[[රජ දරුවෝ]] චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂකවරයා වූයේ ද ටෙඩී ය. [[සනත් ගුණතිලක]] හට සටන් කියා දුන්නේ ඔහු වුවද එක් ජවනිකාවක් රූගත කිරීමේ දි සනත් ගැසූ පහරකින් ඔහුගේ නාස්පොල්ල කැඩී ගියේ ය.
==විදෙස් සිනමාව==
ටෙඩී විසින් සටන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර විදෙස් චිත්‍රපට, ඉංග්‍රීසි චිත්‍රපට 22 ක්, පකිස්තාන් චිත්‍රපට 14 ක්, ඉන්දියන් දෙමළ සහ හින්දි චිත්‍රපට 12 ක සටන් අධ්‍යක්ෂණය කර ඇත. හොලිවුඩ් හා බොලිවුඩයේ ද සුපිරි නළුවන් හා කරට කර සටන් කළ නළුවන් අධ්‍යක්ෂණය කළ ටෙඩී ලංකාවේ රූ ගත කළ හවුල් චිත්‍රපට නිෂ්පාදන කීපයක ම දායක වනු ලැබූවේ ය. එම චිත්‍රපටවල ලංකාවේ නියෝජනය ලෙස ටෙඩී සටන් අධ්‍යක්ෂණයේ නියමුවා වූයේ ය. [[වෝටර්]], [[මිඩ්නයිට් චිල්රන්]], [[බ්ලඩ් ස්පෝට්]], [[ජංගල් හීට්]], [[තී]] වැනි විදෙස් චිත්‍රපට රැසක් වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත.
Line 112 ⟶ 114:
 
වරෙක පකිස්තාන් චිත්‍රපටයක් වූ බේටාබ් අභියෝගාත්මක රංගනය නිසාම විටෙක අනතුරුවලට ද පවා පත් වූයේ ය. ලංකාවේ රූගත කළ එම චිත්‍රපටය රඟපෑමට ගොස් එක වරක දි ඔහුගේ කකුල කැඩුණේ ය. ඔහුට තිබු ජාවනිකාවේ පරිදි නානුඔයේ පාලමේ සිට ධාවනය වන කෝච්චියට පැන සටන් කිරීමට තිබුණි. ටෙඩී එම කෝච්චියේ රියදුරු හට විස්සට විතර වේගයෙන් කෝච්චිය ධාවනය කරන ලෙස පැවසූව ද කෝච්චියේ වේගය එන්න එන්න ම වැඩි වී ටෙඩීහට පැනීමට යෝජිත වූ ස්ථානය ලඟා වන විට එහි වේගය පනහ ද ඉක්මවා තිබුණි. කෙසේ හෝ ඉලක්කයට පිම්මක් පැන කෝච්චිය මත පතිත වුවද ඔහුගේ කකුලක ඇටය පිපිරුණි. පසුව සටන් ජවනිකාව නිම කළේ ය. පසුව ඔහුට බරපතළ වූ හෙයින් ඔහුව නානුඔය රෝහලට ඇතුළත් කරනු ලැබීය. එදින රෝහල් සේවය කාර්‍යක්ෂම වූ බැවින් ද ඔහු නළුවෙකු බව දැනගත් ඔහු පරීක්ෂා කල වෛද්‍යවරයා ඔහුගේ කකුලෙ හි එක්ස්‍-රේ (X-ray) එක පෙන්වා එහිදී ප්‍රතිකාර ලැබිය නොහැකි තත්ත්වයක සිටින බැව් දැනුම් දුන්නේ ය. කොළඹින් ප්‍රතිකාර ලබාගත හැකි බව දන්වා ටිකට් කපාගත් ඔහු හොරිවිල වෙද මහතාගෙන් මාස දෙකල් ප්‍රතිකාර ලබා සුව අතට පත් වූයේ ය. ඔහු රෝගාතුර වූ අතරවාරයේ සියලුම රූගත කිරීම් නිමවා ඔවුන් ටෙඩී ගැනවත් නොබලා ම පිටව ගොසින් තිබුණි.
 
ලොව ප්‍රකට නළුවකු වූ බෙන් කිංස්ලි සමඟ කොමන් මෑන් රඟපෑවේ ය. එහිදි අලුත්කඩේ උසාවිය පිටුපස වූ තට්ටු පහක බිල්ඩිමක සිට පාරට පනින්න තිබුණේ ය. මුලින් ඔහු සූදානම් වූයේ තට්ටු තුනකින් පැනීමට වුවද ඔහු තට්ටු පහෙන්ම පැනීමට තීරණය කළේ ය. පෙරදී පෙර සූදානම් හිදි නිවරදිව ම ආරක්ෂක මෙට්ටය මත පතිත වුවද රූගත කිරීමේ දි දුවගෙන ආ වේගයෙන්ම පැන බල්ටියක් ගසා බිමට ආවද ආරක්ෂක මෙට්ටය පැන කකුල වැදීම නිසාවෙන් ඔහුගේ කකුල් දෙකේම ඇට පුපුරා ගියේ ය.
"https://si.wikipedia.org/wiki/ටෙඩී_විද්‍යාලංකාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි