"ටෙඩී විද්‍යාලංකාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
111 පේළිය:
තී නම් දමිළ චිත්‍රපටයේ සටන් දර්ශන සඳහා ශ්‍රී ලංකාව පැමිණි අවස්ථාවක දි ටෙඩී එහි ද සටන් අධ්‍යක්ෂණය සඳහා යොමු වීය. හාබර් හි අසල දි එම දර්ශනය ගැනීමට සූදානම් කිරීය. [[තී]] හි ප්‍රධාන නළුවා වූ [[රැජිනි කාන්]] දකුණු ඉන්දීය නළුවා හට විරුද්ධව දුෂ්ට චරිතයේ නියැලුනේ ය. එහිදී සටන් ජවනිකාව පෙර සූදානම් වත් දී නළුවා ආසන්නව පරයා යන පහර එල්ල කළේය. එහි දි එම පහර තමන් හට වැදෙතැයි කියා නළුවා බොහෝ සෙයින් බිය වූයේ ය. ඔහුට ද වඩා ඔහුගේ ආරක්ෂකයන් බිය වැදිණ. පසුව රූගත කිරිම් වලදී ද ආසන්න පහර එල්ල කිරීම් රූගත කිරීය. රැජිනි එම දර්ශනයට නිර්භීතව මුහුණ දුන්න ද ආරක්ෂයන්ට යම් සැනසීමක් ලබා ගත හැකි වූයේ එම සටන් ජවනිකාව ගත් පසුව ය.
 
වරෙක පකිස්තාන් චිත්‍රපටයක් වූ බේටාබ් අභියෝගාත්මක රංගනය නිසාම විටෙක අනතුරුවලට ද පවා පත් වූයේ ය. ලංකාවේ රූගත කළ එම චිත්‍රපටය රඟපෑමට ගොස් එක වරක දි ඔහුගේ කකුල කැඩුණේ ය. ඔහුට තිබු ජාවනිකාවේ පරිදි නානුඔයේ පාලමේ සිට ධාවනය වන කෝච්චියට පැන සටන් කිරීමට තිබුණි. ටෙඩී එම කෝච්චියේ රියදුරු හට විස්සට විතර වේගයෙන් කෝච්චිය ධාවනය කරන ලෙස පැවසූව ද කෝච්චියේ වේගය එන්න එන්න ම වැඩි වී ටෙඩීහට පැනීමට යෝජිත වූ ස්ථානය ලඟා වන විට එහි වේගය පනහ ද ඉක්මවා තිබුණි. කෙසේ හෝ ඉලක්කයට පිම්මක් පැන කෝච්චිය මත පතිත වුවද ඔහුගේ කකුලක ඇටය පිපිරුණි. පසුව සටන් ජවනිකාව නිම කළේ ය. පසුව ඔහුට බරපතළ වූ හෙයින් ඔහුව නානුඔය ඉස්පිරිතාලයටරෝහලට ඇතුළත් කරනු ලැබීය. එදින රෝහල් සේවය කාර්‍යක්ෂම වූ බැවින් ද ඔහු නළුවෙකු බව දැනගත් ඔහු පරීක්ෂා කල වෛද්‍යවරයා ඔහුගේ කකුලෙ හි එක්ස්‍-රේ (X-ray) එක පෙන්වා එහිදී ප්‍රතිකාර ලැබිය නොහැකි තත්ත්වයක සිටින බැව් දැනුම් දුන්නේ ය. කොළඹින් ප්‍රතිකාර ලබාගත හැකි බව දන්වා ටිකට් කපාගත් ඔහු හොරිවිල වෙද මහතාගෙන් මාස දෙකල් ප්‍රතිකාර ලබා සුව අතට පත් වූයේ ය.
"https://si.wikipedia.org/wiki/ටෙඩී_විද්‍යාලංකාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි