"ටෙඩී විද්‍යාලංකාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
94 පේළිය:
 
==සිනමාව==
ටෙඩී 1977 දී තමයි සිනමාවට පැමිණියේ ය. ඒ වන විට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, රොබින් ප්‍රනාන්දු ක්ෂේත්‍රයේ සිටි සිනමාවේ නම් දැරූ සටන් නළුවන් වූයේ ය. එවක සටන් නළුවන් අතර තිරයේ දුෂ්ටකම් අතරේ ඉහළින් වැජඹුණු සේනාධීර රූපසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, වොලී නානායක්කාර, ලයනල් දැරණියගල, තිස්ස විජේසුරේන්ද්‍ර වැනි නළුවන් රැසක් සමඟ ඔහු ද එදා කරට කර රංගනයේ නියැලිය.
 
ඔහු විසින් චිත්‍රපටයක භාවිත කරනු ලැබූ ශිල්ප ක්‍රමය බොහෝ දුරට බොලිවුඩ්, හොලිවුඩ් සිනමාවන්ට ද පරයා ගියේ ය. ඔහු සටන් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපට හි තාක්ෂණය එය තිරගත වන සමය හා ගැලපෙන සේ ඉදිරිපත් කර තිබුණි. එයට හොඳම උදාහරණයක් ලෙස හොලිවුඩ් හි නිපදවූ ඔන් බැක් චිත්‍රපටයේ යොදා ගත් තාක්ෂණය ඊට පෙර ඔහුගේ චිත්‍රපටයකට යොදා තිබුණි.
 
ඔහු සිනමාවට පැමිණි 1977ටත් පෙර සිට 2010 දක්වා සිනමාපට සඳහා භාවිත වූයේ දළ සේයා පටයන් ය. එදා කල සටන් දර්ශනයක් සඳහා ඔවුන් හට රිහසල් ගණනාවක් කර රූගත කිරීමට යොමු විය යුතුය. ටේක් එකට යෑමට කලිනුත් ද සැකයක් මතුවී නම් නැවතත් රිහසල් කළේ ය. බොහෝ විට ටේක් වන් හිදී එම දර්ශනය නිම වෙයි. ඊටත් අපහසු වුණහොත් ටේක් ටූ වලට ගිය ද ටේක් ත්‍රී වලට ගිය හොත් නම් විහිලුවට හෝ පසු දා පැමිණෙනකොට නෙගටිව් කෑන් එකක් ගෙන එන්න යැයි කියති.
"https://si.wikipedia.org/wiki/ටෙඩී_විද්‍යාලංකාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි