"ශ්‍රී ලංකාවේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
3 පේළිය:
[[ගොනුව:Karte_von_Ceylon.jpg|thumb|right|alt=Srilanka Map.|ශ්‍රී ලංකා සිතියම]]
බලංගොඩින් සොයාගත් ආදි කල්පිත මානවයා ලංකාව තුල මීට අවුරුදු 30000 කට පෙර පැවති ශිෂ්ඨාචාරය පිළිබඳ සාක්ෂි දරයි. ලංකාවේ ක්‍රිස්තුපූර්ව සයවන සියවසේ සිට ක්‍රිස්තුවර්ෂ දහසයවන ශතවර්ෂයේ බටහිර ආක්‍රමණවල ආරම්භක වකවානුව දක්වා ලිඛිත දත්තයන් ලංකාවේ සුප්‍රසිද්ධ පුරාවිද්‍යා වංශකතා වන මහාවංශය, දීපවංශය, චූලවංශය හා පූජාවලිය තුලින් ලබාගත හැක.ක්‍රිස්තුවර්ෂ 1815 රාජාණ්ඩු ක්‍රමය අවසන්වන තෙක් එම ආක්‍රමණ මගින් ලංකාව යටත් කරගෙන සිටි අතර එයින් ඇතිවූ අස්ථාවරත්වය ලංකාවේ ස්වෛරීභාවය බිඳවැටීමට හේතුවූවා යැයි අනුමාන කල හැක.ක්‍රිස්තුපූර්ව හයවන සියවසට පෙර පැවති ශිෂ්ඨාචාරය පිළිබද දත්තයන් ලබාගත හැකි මූලාශ්‍ර එතරම් සුලබ නොවූවත් වාල්මිකීන්ගේ රාමායනය, මහාභාරතය සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව අපට ඊට පෙර තිබූ ශිෂ්ඨාචාර පිළිබඳ යම් අදහසක් ලබාගැනීම අපහසු කරුණක්ද නොවේ.

දහසයවන සියවසට පසු ලංකාව පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි පාලනයට නතු විය එම කාල වකවානු තුල යම් යම් ප්‍රාදේශීය රාජ්‍යයන් තුල සිංහල බලය පැවතියද ක්‍රිස්තුවර්ෂ 1815 න් පසුව ලංකාව මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටයට යටත් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුරුසියට පිටුවහල් කිරීමත් සමග නුවර මගුල් මඩුවේදී අත්සන් තැබූ ගිවිසුමත් සමග ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයින් යටතට පත් වන ලදී.එතැන් සිට ක්‍රිස්තුවර්ෂ 1948 නිදහස ලැබෙන තුරු ලංකාවාසීන් යම් යම් අවස්ථාවල බ්‍රිතාන්‍ය අධිරජ්‍යයට විරුද්ධව නැගී සිටි අතර 1818 කැප්පෙටිපොල අදිකාරම්ගේ නායකත්වයෙන් යුත් ඌව වෙල්ලස්ස කැරැල්ල හා 1848 වීර පුරන් අප්පු හා ගොන්ගාලේගොඩ බණ්ඩාගේ නායකත්වයෙන් යුත් මාතලේ කැරැල්ල මීට උදාහරණලාඋදාහරණල ලෙස සැලකිය හැක. ක්‍රිස්තුවර්ෂ 1972 දී ලංකාව ජනරජයක් බවට පත් විය.

ක්‍රිස්තුවර්ෂ 1978 නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් අතර ඊට අනුව ලංකාවේ ප්‍රධානියා ලෙස විධායක ජනාධිපති පත්වන ලදී. එහි අතුරුඵලයක් ලෙස ලංකාවේ තරුණ කොටස් වල නැගී සිටීමක් සිදුවූ අතර එය 1971 කැරැල්ල ලෙස හඳුන්වා දෙයි. 1983 ලංකාවේ ජනවාර්ගික අරගලය ආරම්භ වන අතර ඒ අතරතුර නැවතත් 1987 - 89 කාල සීමාව තුල තරුණ නැගී සිටීමක් සිදුවන අතර 26 වසරක සිවිල් යුද්ධය 2009 දී නිමාවට පත්විය.

"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි