"ගාමිණී ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
60 පේළිය:
ඔහු රංගනයට අවතීර්ණ වූ යුගය දමිළ චිත්‍රපට අනුකාරක යුගයකි. දමිළ චිත්‍රපට අනුකාරක දකුණු ඉන්දියානු අධ්‍යක්ෂකවරුන් නළුවන් යොදා තම වුවමනාව අනුව දමිළ නළුවන් අනුකාරක යුගයක් බිහි කළේ ය. ගාමිණී රඟපෑ බොහෝ වාණිජ ධාරාවේ චිත්‍රපට දෙමළ අනුකාරක චිත්‍රපටයන් වේ. නමුදු ඔහු කිසි දිනක එම චිත්‍රපටවල රඟපෑ දමිළ නළුවන් අනුකරණය නො කළේ ය. එම චිත්‍රපටවල දමිළ නළුවන්ගේ රංගනය පුස්සක් කර ඔහු තම ආවේණික ශෛලියකින් රංගනය ඉදිරිපත් කළේ ය.
 
ගාමිණී හට අනෙක් බොහෝ නළුවන්ට සේ එකම ආරේ චිත්‍රපට නොව විවිධ ගණයේ චිත්‍රපට රංගනය සඳහා ලැබුවේ ය. විලී අබේනායක (නිධානය), වික්‍රම රන්දෙණිය (වැලිකතර), ධාරා (හුලවාලි), සෙබස්තියන් ස්වාමි (දෙවියනි ඔබ කොහිද), නඩරාජා (සරුංගලේ), සවිමන් කබලාන (යුගාන්තය) වැනි චරිත ඊට මාහැඟි නිදසුන්ය. එවායෙන් බොහොමයක් ම පරිපූර්ණ චරිත වීම ද තවත් සුවිශේෂත්වයකි ය. මේ එක් එක් චරිත රංගනයට ගාමිණී හට ඊටම ආවේණික වූ රංගනයක් ද ඉදිරිපත් කර තිබුණේ ය. නළුවකු ලෙස ගාමිණීගේ සුවිශේෂත්වය වූයේ ඔහු එවකට ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටවල සරල, සැහැල්ලු, ඒකාංශ චරිත රඟපෑමත් සම්භාව්‍ය සිනමා කෘතීන්හි සාරගර්භ චරිත රඟපෑමත්ය. එකී සිනමා ප්‍රවාහයන් දෙකෙහිම වඩාත්ම සාර්ථක නිළිය [[මාලිනී ෆොන්සේකා]] නම් නළුවා ගාමිණී ෆොන්සේකා වේ. ගාමිණී "[[පරසතු මල්]]" චිත්‍රපටයේ බීමත්ව නිවෙසේ ඉහළ මාලයේ ලී සොල්දරය මත දෑත් දෙපසට විහිදා සිටින සෙවණැලි රූපය සිංහල සිනමාවේ සිහිවටනාත්මක රූප රාමුවක් වනුයේ යම් සේද ඔහු 'සූරයන්ගෙත් සූරයා' චිත්‍රපටයේ එක අතකින් බ්‍රීෆ් කේසය ද අනෙක් අතකින් රිවෝල්වරය ද රැගෙන සිටින රූපය ද එලෙසම සිංහල සිනමාවේ සිහිවටනාත්මක රූප රාමුවකි. මේ රූප රාමු දෙකේම සිංහල සිනමාවේ ප්‍රධාන ධාරාවන් දෙක මූර්තිමත් කෙරෙන සංකේතාත්මක වටිනාකමක් පවතී.
 
නළුවකු ලෙස ගාමිණීගේ සුවිශේෂත්වය වූයේ ඔහු එවකට ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටවල සරල, සැහැල්ලු, ඒකාංශ චරිත රඟපෑමත් සම්භාව්‍ය සිනමා කෘතීන්හි සාරගර්භ චරිත රඟපෑමත්ය. එකී සිනමා ප්‍රවාහයන් දෙකෙහිම වඩාත්ම සාර්ථක නිළිය මාලිනී ෆොන්සේකා නම් නළුවා ගාමිණී ෆොන්සේකාය. ගාමිණී ‘පරසතු මල්’ චිත්‍රපටයේ බීමත්ව නිවෙසේ ඉහළ මාලයේ ලී සොල්දරය මත දෑත් දෙපසට විහිදා සිටින සෙවණැලි රූපය සිංහල සිනමාවේ සිහිවටනාත්මක රූප රාමුවක් වන්නේ යම් සේද ඔහු’සූරයන්ගෙත් සූරයා’ චිත්‍රපටයේ එක අතකින් බ්‍රීෆ් කේසයත් අනිත් අතින් රිවෝල්වරයත් රැගෙන සිටින රූපය ද එලෙසම සිංහල සිනමාවේ සිහිවටනාත්මක රූප රාමුවක් වන බව කිව හැකිය. මේ රූප රාමු දෙකේම සිංහල සිනමාවේ ප්‍රධාන ධාරාවන් දෙක මූර්තිමත් කෙරෙන සංකේතාත්මක වටිනාකමක් පවතී.
 
ගාමිණි ෆොන්සේකාගේ රංග ප්‍රතිභාව එකකට එකක් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කර ඔපනැංවූ ආකාරයක් ලෙස "ගම්පෙරළිය" හි ඔහුගේ රංගනය ගත හැක. ''ගම්පෙරළිය'' චිත්‍රපටයේ ජිනදාසගේ චරිතය රඟපෑ ගාමිණී එහි තෙවැනි කොටස වන ''යුගාන්තයේ'' සවිමන් කබලාන ගේ චරිතය ද නිරූපණය කළේය. නමුත් "යුගාන්තයේ" ගාමිණීගේ රංගනය දුටු කිසිදු ප්‍රේක්ෂකයකුට එමගින් "ගම්පෙරළියේ" ජිනදාස සිහිපත් වූයේ නැත.
"https://si.wikipedia.org/wiki/ගාමිණී_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි