"එමිල් ඩුර්කයිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
55 පේළිය:
හදිසි ආර්ථික බිදවැටීම් නිසා සිදුවන රැකියා විරහිතබව ආර්ථික දුශ්කරතා නිසා ඇතිවන අනෝමීය තත්වයන්ද සියදිවි නසාගැනීමට බලපායි.ඇරිකාව හා බටහිර රටවල 21 වන සියවස මුල් භාගයේ ඇතිවූ දැවැන්ත ආර්ථික බිදවැටීම් හමුවේ ඇතැමුන් සියදිවි නසාගැනීමට යොමුවීම උදාහරණ ලෙස දැක්විය හැක.
=== දෛවෝපගත සියදිවි නසාගැනීම ===
පුද්ගලයෙකුගේ සංවර්ධනයට සමාජය විසින් හෝ එම ඒකක මගින් සිදුවන බාධාකාරී ක්‍රියාකාරකම් නිසා තම ජීවිතය පිළිබද ඇතිවන කළකිරීම හේතුවෙන් සිදුවන සියදිවි නසාගැනීම් මෙයට අයත්ය.උදාහරණ ලෙස වහල් සමාජවල වහල් හිමියන් විසින් වහලාගේන් අනුකම්පා විරහිතව වහල් සේවයේ යොදන අතර ඔවුන්ට කිසිදු නිදහසක් ලබා නොදෙයි.වහල් හිමියා විසින් වහලාගේ සියළු ක්‍රියාකාරකම් පාලනය කරන අතර ඇතැම්විට වහලාගේ මූලික අවශ්‍යතා පවා ඉටු නොවෙයි.වහලුන්ට ස්වාධීන තීරන ගැනීමට නොහැකිය.එවන් තත්වයන්හිදී වහලුන් විසින් සියදිවි නසා ගැනීමට පෙළඹේ.මෙයට සමානවම වැඩවසම් සමාජවල ප්‍රෙව්ණි දාසයන්ද කුලහීනයන් ද තමාට සමාජයෙන් ඇතිකරන පීඩනය හමුවේ සියදිවි නසාගනී.එසේම පුරුෂාධිපත්‍ය පවතින සමාජවල පීඩනයට පත්වන කාන්තාවන්ද මෙසේ සියදිවි නසාගනී.සමාජ ව්‍යුහයතුල පවතින එක් පීඩිත පාර්ශවයකට සිදුවන අසීමිත තාඩන පීඩන හිරිහැර මෙන්ම ඒවාට විරුද්ධව හඩනැගීමට පවතින සමාජ සංස්කෘතිය විසින් ඉඩත් නොලැබෙන විට එම පීඩනයෙන් මිදීමට කලහැකි එකමදෙය සියදිවි නසාගැනීම පමනක් බව ඔවුන්ට අවබෝධවේ.
 
"https://si.wikipedia.org/wiki/එමිල්_ඩුර්කයිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි