"එමිල් ඩුර්කයිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
45 පේළිය:
මෙම සියදිවි නසාගැනීම් වලදී තම පෞද්ගලික අරමුණක් උදෙසා නොව තමා නියෝජනය කරන සමූහයේ අපේක්ෂා සාධනය වෙනුවෙන් සියදිවි නසාගනී.තම සඹුහය වෙනුවෙන් යම් කරුණක් අරභයා ජීවිතය පරිත්‍යාග කිරීම පරාර්ථකාමී සියදිවි නසාගැනීම යනුවෙන් හදුන්වයි.මෙවන් සියදිවි නසාගැනීම් වලට උදාහරණ ලෙස ජපන් ජාතික සෙබළුන් තමාන් සතුරන්ට හසුවීමට යනවිට තමා අතින් යුධ රහස් සතුරන් අතට පත්වීම වැළැක්වීම සදහා තමා අතින් තම උදරය කපාගෙන මියයාම.ලංකාවේ සිටි කොටි සමාජිකයින් තම සිරුරේ බෝම්බ බැදගෙන පැමින මරාගෙන මැරෙන ප්‍රහාර සිදුකිරීම හා වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායම් සිදුකරන මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් දැක්විය හැක මෙහිදී ඔවුන් තම සමූහයේ අරමුණ උදෙසා ජීවිතය පරිත්‍යාග කරයි.මීට අමතරව ඉන්දියානු රජය විසින් කුලහීනයන්ටද අධ්‍යාපන රැකියා ආදී අයිතිවාසිකම් ලබාදීමට ගත් උස්සාහයේදී කුලහීනයන්ට වරප්‍රසාද නොදෙන ලෙස ඉල්ලමින් වංශවතුන් තම සිරුරට ගිනිතබාගෙන සියදිවි හානි කරගත්හ.මෙම ජීවිත පරිත්‍යාගයන්ද තම සමූහයේ ගරුත්වය වෙනුවෙන් සිදුතල සියදිවි නසාගැනීම්ය.
=== අනෝමීය සියදිවි නසාගැනීම ===
සමාජ විද්‍යාව තුල වැඩිම අවදානයක් යොමු කරන්නේ මෙම අනෝමීය සියදිවි නසාගැනීම කෙරෙහිය.කිසියම් සමාජයක ඇතිවන හදිසි වෙනස්වීමක් කැළඹීමක් හේතුවෙන් ප්‍රතිමාන විරහිතතාවය අනෝමීය තත්වයක් ලෙස හදුන්වයි.ΑΝΟΜΙΕ යන ග්‍රීක වචනයේ තේරුම නීති විරහිතබව යන්නයි.අනෝමීය යන වචකය මෙම ග්‍රීක වදනිනි බිදී ආවකි.සමාජයක් අනෝමීය තත්වයකට පත්වූවිට ජන චර්‍යා ගණාචාර නීති ඉක්මවායමින් කටයුතු කරන්නට මිනිසා පෙළඹේ.එමගින් සමාජය තුල විසංවිධානකාරී ස්වරූපයක් ඇතිවේ.මෙම නිසා සමාජය තුල විවිධ අපරාධ අපචාර අපගමනයන් වර්ධනයවේ.මෙමගින් පීඩනයට පත්වන ජනයා සියදිවි නසාගැනීමට පෙළඹේ.මෙවන් අනෝමීය තත්වයන් සමාජ ව්‍යුහයේ සිදුවන හදිසි වෙනස්කම් ජාතිවාදී අරගල වර්ගවාදී ගැටුම් ආදී යුධමය තත්වයන් හදිසි ස්වභාවික විපත් හදිසියේ සිදුවන ආර්ථික බිදවැටීම් පුදුගල සමාජ තත්වයන්හි ඇතිවන ක්ෂණික වෙනස්වීම් ආදිය නිසා ඇතිවේ.

සමාජ ව්‍යුහයේ ඇතිවන හදිසි වෙනස්වීම් වලට උදාහරණ ලෙස එවක බටහිර සමාජයේ එතෙක් පැවති වැඩවසම් ක්‍රමය බිදවැටී ධනවාදී ආර්ථික ක්‍රමය බිහිවීම පැවති පෞරාණික කතෝලික ආගම වෙනුවට පොතෙස්තන්ත ආගම ඉස්මතුවීම වැනි සාධක මත ජනයා මුදල් පසුපස හබායැමට පටන් ගැනීමත් සමග ඇතිවූ අනෝමීය තත්වය හමුවේ ඇතිවූ සියදිවි නසාගැනීම් දැක්විය හැක.

ජාතිවාදී හා අරගල යුධගැටුම් ආදිය නිසා ඇතිවන අනෝමීය තත්වයන්ට උදාහරණ ලෙස ලෝක යුද්ධයන්ට මැදිවූ ජනයා එමින් ඇතිවූ අනෝමීය තත්වයන් හේතුවෙන් සියදිවි නසා ගැනීමට යොමුවිය.යුධ ගැටුම් හා අරගලයන් ඇතිවූවිට දහස් ගනනින් මියයන බෙළුන් නිසා ඔවුන්ගේ ඥාතීන් දිවිනසා ගැනීම.යුධ පිටියේ දී ඇතිවන මානසික බිදවැටීම් හමුවේ සෙබළුන් දිවිනසා ගැනීම.යුධ ගැටුම් නිසා ඇතිවන ආහාර හිගකම් ආදිය නිසා සමාන්‍ය ජනයා සියදිවි නසා ගැනීම ආදිය සිදුවේ.

හදිසි ස්වභාවික විපත්නිසා ඇතිවන කම්පන තත්වයන් සම්ප ඥාතීන් ගේ වියෝව තමන් ඉතා අපහසුවෙන් කාලයක් තිස්සේ ගොඩනැගූ නිවාස ඉඩකඩම් විනාශවී යෑම් ආදිය දරාගැනීමට නොහැකිවීමෙන් ඇතමුන් සියදිවි කසා ගැනීමට යොමුවේ.එසේම මෙවන් ව්‍යසන නිසා ආර්ථිකයේ දැවැන්ත කඩාවැටීම්ද සිදුවේ මෙවන් තත්වයන්ට මුහුණ දීමට නොහැකි ජනයා මෙම අනෝමීය තත්වයන් හමුවේ සියදිවි නසාගැනීමට යොමුවේ.

හදිසි ආර්ථික බිදවැටීම් නිසා සිදුවන රැකියා විරහිතබව ආර්ථික දුශ්කරතා නිසා ඇතිවන අනෝමීය තත්වයන්ද සියදිවි නසාගැනීමට බලපායි.ඇරිකාව හා බටහිර රටවල 21 වන සියවස මුල් භාගයේ ඇතිවූ දැවැන්ත ආර්ථික බිදවැටීම් හමුවේ ඇතැමුන් සියදිවි නසාගැනීමට යොමුවීම උදාහරණ ලෙස දැක්විය හැක.
=== දෛවෝපගත සියදිවි නසාගැනීම ===

"https://si.wikipedia.org/wiki/එමිල්_ඩුර්කයිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි