"කාබන් ඩයොක්සයිඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
79 පේළිය:
තවත් ඝනරූපී අකාරයක් නම් අස්ඵ‍ටික වීදුරු මෙන් ආකාරයක් වන අතර එය සාමාන්‍ය වායුගෝලය පීඩනයට වඩා වෙනස් තත්වවල ද පවතී. මෙවැනි වීදුරු ‘කාබොනියා’ ලෙස හදුන්වන අතර එය තාපවත් කළ කාබන්‍ඩයොක්සයිඩ් ඉතා අධික පීඩනයක පවත්වා ගෙන ඇති (40 – 48 GPa හෝ ආසන්න වශයෙන් 400,000 වායුගෝල) දියමන්ති කිණිහිරයක් තුළ අධිශීතනය කිරීමෙනි. කාබන්ඩයොක්සයිඩ් හි වීදුරු සොයාගත් ක්‍රමවේදයෙන් ඊට සමානව එහි මූලද්‍රව්‍ය පවුලේ උදාහරණ සිලිකන් (සිලිකන් වීදුරු) හා ජර්මේනියම් භාවිතයෙන් වීදුරු නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් කාබොනියා වීදුරු පීඩනය නිදහස් කරත්ම වායුමය අවස්ථාවට පත්වේ.
 
==කාබන්ඩයොක්සයිඩ් වෙන්කර ගැනීම==
== ප්‍රයෝජන ==
කාබන්ඩයොක්සයිඩ් වාතය ආසවනය කිරීමෙන් ලබාගත හැකි වේ. කෙසේ නමුත් මින් ලබා දෙනුයේ ඉතා කුඩා {{රසායන|CO|2}}ප්‍රමාණයක් පමණි. ‍‍ෙබාහෝ අම්ල හා ‍බොහෝ ලෝහ කාබනේට අතර ප්‍රතික්‍රියා වැනි විශාල ‍විවිධත්වයකින් යුතු රසායනික ප්‍රතික්‍රියාවලින් කාබන්ඩයොක්සයිඩ් ලබා දෙයි. උදාහරණයක් ලෙස සල්ෆියුරික් අම්ලය හා කැල්සියම් කාබනේට් (හිරිගල් හෝ හුණු) අතර ප්‍රතික්‍රියාව පහත විස්තර කර ඇත.
 
: {{රසායන|H|2|SO|4| + CaCO|3| → CaSO|4| + H|2|CO|3}}
[[ගොනුව:Soda_bubbles_macro.jpg‎ |thumb|සිසිල් බීම බෝතල්වල ඇති කාබන් ඩයොක්සයිඩ් බුබුළු .]]
 
පසුව {{රසායන|H|2|CO|3}}, ජලය හා {{රසායන|CO|2}} බවට වියෝජනය වෙයි. මෙවැනි ප්‍රතික්‍රියාවලදී පෙණ ඇතිවීම‍ හෝ බුබුළු නැගීම හෝ මේ දෙකම පැවතිය හැක. කාර්මිකව මෙවැනි ප්‍රතික්‍රියා පුළුල්ව පැතිරීමට හේතුව ඒවා ඉවතලන අම්ල ධාරාවන් උදාසීන කිරීමට යොදා ගත හැකි බැවිණි.
 
විශාල ලෙස පැතිරුණු ප්‍රයෝජනවත් නිෂ්පාදනයක් වන පිළිස්සූ හුණු (CaO) රසායන ද්‍රව්‍යය , හුණුගල් 8500C පමණ උෂ්ණත්වයකට රත් කිරීමෙන් ලබාගත හැකි අතර මෙම ක්‍රියාවලියේදී ද {{රසායන|CO|2}} නිපද වේ
 
: {{රසායන|CaCO|3| → CaO + CO|2}}
 
මෙතේන් (ජීව වායුව) , පෙට්‍රෝලියම් ආස්‍රැතයන් (ගැසොලීන්,ඩීසල්, ප්‍රොපේන්, භූමිතෙල්) ‍එසේම ගල් අඟුරු හා දර වැනි සියලුම කාබන් අඩංගු ඉන්ධන දහනයේ දී ද කාබන්ඩයොක්සයිඩ් හා බොහෝ අවස්ථාවල ජලය ද ලබාදෙනු ලබන අතර , උදාහරණයක් ලෙස මෙතේන් හා ඔක්සිජන් අතර රසායනික ප්‍රතික්‍රියාව පහත දී ඇත.
 
: {{රසායන|CH|4| + 2 O|2| → CO|2| + 2 H|2|O}}
 
යකඩ, එහි ඔක්සයිඩ ගල් අඟුරු (කෝක්) සමග ධාරා ඌෂ්මකයක ඔක්සිහරණයෙන් , කාබන්ඩයොක්සයිඩ් හා අමු යකඩ නිපද වේ.
 
: {{රසායන|2 Fe|2|O|3| + 3 C → 4 Fe + 3 CO|2}}
 
වයින් බියර් හා අනෙකුත් ස්ප්‍රීතු නිපදවීමේ දී , යීස්ට් මගින් සීනි පරිවෘත්තියට ලක් කිරීමෙන් {{රසායන|CO|2}} හා මධ්‍යසාර ලෙසට හදුන්වනු ලබන එතනෝල් නිෂ්පාදනය කරයි.
 
: {{රසායන|C|6|H|12|O|6}} → {{රසායන|2 CO|2| + 2 C|2|H|5|OH}}
 
සියලුම ස්වායු ජීවීන්ගේ සෛලවල මයිටොකොන්ඩ්‍රියා තුළදී කාබෝහයිඩ්‍රේට , මේද අම්ල හා ප්‍රෝටීන ඔක්සිකරණය කරන විට {{රසායන|CO|2}} නිපද වේ. මේ හා සම්බන්ධ ප්‍රතික්‍රියා විශාල සංඛ්‍යාවක් ඇතත් ඒවා අධික ලෙස සංකීර්ණ හා පහසුවෙන් විස්තර කළ නොහැකි ඒවාය.යොමුව (සෛලීය ශ්වසනය,නිර්වායු ශ්වසනය, ප්‍රභාසංස්ලේෂණය) ප්‍රභාසවයංපෝෂීහු (එනම් ශාක, සයනොබැක්ටීරියා (නීල හරිත ඇල්ගී) වෙනත් ආකාරයක පෝෂණ ක්‍රමයක් භාවිතා කරති. ශාක වාතයෙන් {{රසායන|CO|2}} අවශෝෂණය කර ජලය සමග ප්‍රතික්‍රියාකර කාබෝහයිඩ්‍රේට නිපදවනු ලැබේ.
 
: {{රසායන|''n'' CO|2| + ''n'' H|2|O → (CH|2|O)|''n''| + ''n'' O|2}}
 
{{රසායන|CO|2}} හා {{රසායන|H|2|CO|3}} (කාබොනික් අම්ලය) අතර ක්ෂණිකව අන්තර් පරිවර්තනය වෙමින් කාබන්ඩයොක්සයිඩ් ජලයේ දියවේ. එහිදී නිපදවෙන {{රසායන|CO|2}} , {{රසායන|H|2|CO|3}} හා {{රසායන|HCO|3|<sup>−</sup>}}(බයිකාබනේට්) හා {{රසායන|CO|3|<sup>2−</sup>}} (කාබනේට්) වැනි ප්‍රභේදවල සාපේක්ෂ සාන්ද්‍රණය pH අගය මත රඳා පවතී. සුළු වශයෙන් ක්ෂාරීය හෝ උදාසීන ජලයේදී (pH > 6.5) වැඩි වශයෙන් (>50%) බයිකාබනේට් පවතින අතර එය මුහුදු ජලයේදී ඉතා සුලභ (> 95% පමණ ) වේ. නමුත් ඉතා ක්ෂාරීය (pH > 10.4) ද්‍රාවණයකදී සුලභ වශයෙන් (>50%) පවතින්නේ කාබනේටයයි. කාබනේට හා බයිකාබනේට ප්‍රභේදයන් ජලයේ ඉතා ද්‍රාව්‍යය වේ. වාතයත් සමග සමතුලිතතාවයේ පවතින මුහුදු ජලයේ (pH = 8.2 – 8.5 පමණ සුළු වශයෙන් ක්ෂාරීය) ලීටරයකට බයිකාබනේට් 120 mg පමණ පවතියි.
 
=== කාර්මික නිෂ්පාදනය ===
 
කාබන්ඩයොක්සයිඩ් ප්‍රධාන වශයෙන් ක්‍රියාවලි 6කින් නිපදවනු ලැබේ.
 
# මෙතේන් {{රසායන|CO|2}} බවට පරිවර්තනය කරනු ලබන , ඇමෝනියා හා හයිඩ්‍රජන් කර්මාන්ත ශාලාවල අතුරු ඵලයක් ලෙස ,
# ෆොසිල ඉන්ධන හා ලී දහනයෙන්,
# බියර්, විස්කි හා අනෙක් මධ්‍යසාර ‍නිපදවීමේදී හා සීනි පැසවීමේ ක්‍රියාවලියේ අතුරුඵලයක් ලෙස,
# සෝඩියම් පොස්ෆේට් නිෂ්පාදනයේ අතුරුඵලයක් ලෙස,
# ස්වභාවික කාබන්ඩයොක්සයිඩ්, උල්පත්වලදී, ආම්ලික ජලය, හුණුගල් හෝ ඩොලමයිට් මත ක්‍රියා කිරීමේ දී ඍජුවම නිපද වේ.
# CaO නිපදවීමේදී සිදුකරන {{රසායන|CaCO|3}} තාපවියෝජනයේදී.
 
== ප්‍රයෝජන ==
[[ගොනුව:Soda_bubbles_macro.jpg‎ |thumb|සිසිල් බීම බෝතල්වල ඇති කාබන් ඩයොක්සයිඩ් බුබුළු .]]
ආහාර , තෙල් හා රසායනික කර්මාන්තවල දී කාබන් ඩයොක්සයිඩ් භාවිතා වේ. එය මිලෙන් අඩු හා ගිනි ගන්නා සුළු නොවන නිසා සම්පීඩන වායු අවශ්‍යවන බොහෝ ද්‍රව්‍යයවල දී එය භාවිතා වේ. කාමර උෂ්ණත්වයේ දී හා ලබා ගත හැකි පීඩනයක් වන බාර් 60ක පීඩනයේ දී කාබන් ඩයොක්සයිඩ් වායු සිට ද්‍රව කලාපය දක්වා කලාප පරිවර්තනයක් සිදුවන නිසා අඩංගු භාජනය තුළ උපරිම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අඩංගු කළ හැකිවීම ද තවත් හේතුවකි. ජීවිතාරක්ෂණ ජැකට්ටු තුළ ද සම්පීඩිත කාබන්ඩයොක්සයිඩ් පිරවූ කැනිස්ටර ඇත. තවද ඇලුමිනියම් කැප්සියුල , වායු පිස්තෝල , බයිසිකල් ටයර් හුළං ගැසීමට හා සෙලිරට්සර් නිෂ්පාදනයට අවශ්‍ය සම්පීඩිත වායු ලබාදීම සදහා විකුණනු ලබයි. ද්‍රව කාබන් ඩයොක්සයිඩ්හි ක්ෂණික වාෂ්පවීම ගල් අගුරු පතල්වල පිපිරවීම් සදහා භාවිත කෙරේ. අධි සාන්ද්‍ර කාබන් ඩයොක්සයිඩ් කාවා වැනි කෘමීන් විනාශ කිරීමට ද යොදා ගනී.
 
Line 118 ⟶ 156:
 
== ජීව විද්‍යාත්මක භූමිකාව ==
 
සෛලීය ස්වසනය නම් ක්‍රියාවලිය ඔස්සේ සිය පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයේ කොටසක් ලෙස O2 යොදාගෙන සීනි / කාබොහයිඩ්‍රේට මේද හා ඇමයිනෝ අම්ල බිද හෙලීම මගින් සිය ශක්ති අවශ්‍යතා සපුරා ගන්නා ජීවීන් මගින් එම ක්‍රියාවලියේ දී නිපදවන අන්තඵලය කාබන් ඩයොක්සයිඩ් වේ. මෙම ජීවීන් අතර සියළු ශාක හා සතුන් බොහෝ දිලීර සහ සමහරක් බැක්ටීරියා අයත් වේ. වඩාත් උසස් ජීවීන් තුළ ද මෙම CO2 වායුව රුධිර ඔස්සේ පෙනහළු කරා පැමිණ ප්‍රශ්වාසය ඔස්සේ බැහැර වීම සිදු වේ. ප්‍රභාසංස්ලේෂණය සිදු කරන විටදී ශාක වායුගෝලයේ CO2 උරාගනී.
 
 
=== ප්‍රභාසංස්ලේෂණයේ කාර්ය භාරය ===
 
ශාක ප්‍රභාසංස්ලේෂණය මගින් වායුගෝලයෙන් CO2 ඉවත් කරන අතර එම CO2 ජලය හා එක්කර ආලෝක ශක්තිය යොදාගෙන කාබනික සංයෝග නිපදවීම සිදුකරයි. මෙහිදී ජලය ප්‍රභාවිච්ඡේදනයෙන් ලැබෙන O2 වායුගෝලයට නිදහස් වන අතර ඉතිරිවන H / හයිඩ්‍රජන් පරමාණු නැවත ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ලෙසට වෙන්කොට ප්‍රභාපොස්පොරසිලීකරණය මගින් රසායනික ශක්තිය නිපදවීමට යොදා ගැනේ. මෙසේ ලබාගන්නා ශක්තිය කැල්වින් වක්‍රය ඔස්සේ කාබන් තිර කිරීම මගින් කාබොහයිඩ්‍රේට නිපදවීමට යොදා ගැනේ. මෙසේ නිපදවෙන ඵල නැවත ස්වසනය මගින් ශාක වර්ධනයට යොදාගත හැක.
 
"https://si.wikipedia.org/wiki/කාබන්_ඩයොක්සයිඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි