"සමාජානුයෝජනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
9 පේළිය:
ප්‍රථමික සමාජානුයෝජනයේදී මව ඉතාම වැදගත් කාර්‍යභාරයක් ඉටුකරයි.සමාජානුයෝජනයේ දී මවගේ කාර්‍ය ඉතාමත් වැදගත් සාධකයක් බව සමාජ විද්‍යඥයන් මානව විද්‍යාඥයන් හා මනෝවිද්‍යාඥයන් පවසයි.ලොවට අළුතින් එක්වූ ළදරුවාට මුල්වරට සමාජය හදුනාගන්නට උපකාර කරන්නේ මව විසිනි.විශේෂයෙන් ළදරු අවධිය තුල දරුවා ලෝකය හදුනා ගන්නේ මවගේ උදවුවෙනි.මවගෙන් ලැබෙන සමාජානුයොජනය දරුවකුගේ පෞරුෂය වර්ධනයට ඍජුව බලපාන බව මානව විද්‍යාඥ මාග්‍රඩ් මීඩ් දක්වයි.කුඩා අවධියේ දී මව විසින් ආදරයෙන් සෙනෙහසින් රැකබලා ගන්නා දරුවන් වැඩිවියට පත්වූවිට සාමකාමී දරුවන් වන බවත් අකාරුණික ලෙස සලකමින් නිතර දඩුවමට භාජනය වන දරුවන් වැඩිහිටි වියේදී ආක්‍රමණශ්‍රීලී ක්‍රියාවන්ට පෙළබෙන බවත් මාග්‍රඩ් මීඩ් විසින් නිව්ගිනියාවේ වාසය කළ මුණ්ඩුගුමාර් හා ඇරපේෂ් ගෝත්‍රකියන් පිළිබද කරනු ලැබූ මානව විද්‍යාත්මක අධ්‍යනයෙන් සනාත කළාය.<br />
<br />
මවගෙන් පසු මීලග දරුවන් සමාජානුයොජනය කිරීමේ දායකත්වය පැවරෙන්නේ පියාටයි.
=== ද්වීතීය සමාජානුයෝජනය ===
ද්වීතීය සමාජානුයොජනය ලෙස පෙර පාසැල පාසැල ඇසුරෙන් ගුරුවරයින් ගෙන් හා සම වයස් මිතුරු කණ්ඩායම් ඇසුරෙන් හා සමාජයේ අනෙකුත් සාමාජිකයන් ලබන සමාජානුයේජනය දැක්විය හැක.
=== තෘතීක සමාජානුයෝජනය ===
පුද්ගලයා පුවත්පත් සගරා ගුවන් විදුලිය අන්තර්ජාලය ආදී මුද්‍රිත හා විද්‍යුත් ජනසනංනිවේදන මාධ්‍ය මෙන්ම සමාජ මාධය ඇසුරෙන් ලබන සමාජානුයෝජනය තෘතීක සමාජානුයෝජනය ලෙස හදුන්වයි.
=== පුනර් සමාජානුයෝජනය ===
පුනර් සමාජානුයෝජනය යනු යම් පුද්ගලයෙකු තමාට නුහුරු අඵත්ම සංස්කෘතියක් ඇසුරේ ලබන සමාජානුයෝජනයයි.බොහා් විට මෙවන් තත්වයන් මහා සංකෘතියක සිට උපසංස්කෘතියකට පිවිසෙන පුද්ගලයන්ට අද්දක්න්නට ලැබේ.
 
[[ප්‍රවර්ගය:සමාජ විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/සමාජානුයෝජනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි